දුරකථන පුවත් පත

විකිපීඩියා වෙතින්
Telefon Hírmondó හි නිවේදක විසින් දවසේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින්,(1901)

දුරකථන පුවත්පත් වශයෙන් හැඳින්වූයේ 19 සහ 20 වන සියවස්වල දී පුවත්පත්වල තොරතුරු දුරකථනය හරහා බෙදාහැරීමේ ක්‍රමයයි. මෙය ඉලෙක්ට්‍රොනික් විකාශනයේ මුල් අවස්ථාව වූ අතර පසුව ගුවන් විදුලි විකාශනය දක්වා දියුණු විය.


සේවය[සංස්කරණය]

තියෙට්‍රාෆෝන් - ප්‍රංශය, 1881 දී ක්ලෙන්ට් අර්ඩර් විසින් අරඹා 1990 දී මැරිනෝවිච් සහ සර්වාඩියගේ තියට්‍රෆෝන් ආයතනය මගින් වාණිජකරණය කෙරිණි. මේවායෙන් වැඩියෙන් ම ලබා දුන්නේ සිනමා සහ ඔපෙරා සංදර්ශන තොරතුරුය. මිනිත්තු පහක ප්‍රවෘත්ති ද විකාශනය විය.මේවා 1932 වනතෙක් පැවති අතර රේඩියෝ විකාශනය සහ ශබ්ද ලේඛන නිසා අභාවයට පත් විය.


ටෙලිෆෝන් හිර්මන්ඩෝ - බුඩාපෙස්ට් දීර්ඝ කාලයක් ම පැවති දුරකථන පුවත්පත් යුගය 1893 දී තිවාදාර් පුස්කාස් විසින් අරඹන ලදී. ප්‍රථමවරට දුරකථන හරහා ප්‍රවෘත්ති බෙදාදීමට ලියාපදිංචි වූ පුවත්පත මෙයයි. මේ හරහා ප්‍රවෘත්ති, කොටස් වෙළදපල තොරතුරු, සංදර්ශන මෙන්ම භාෂා දැනුම ද පාඨකයන්ට ලැබිණි. 1920 දක්වා පුවත්පතක් ලෙස පැවතුණි. 1925 දෙසැම්බර් 1 වන දා ගුවන් විදුලි විකාශය ඇරඹුණි. මේවා සමාන්තර ලෙස ක්‍රියාත්මක විය. දෙවන ලෝක යුද්ධ කාලයේ දී විදුලි ධාරා පද්ධතිය විනාශ වූ නිසා මෙම සේවය අත් හිටුවිණි.


ඉලෙක්ට්‍රොෆෝන් - එක්සත් රාජධානිය, 1895 ඇරඹුණි. සිනමා සහ සංගීත ශාලාවල තොරතුරු සහ ඉරිදා දිනවල දේවස්ථාන දේශනාවන්හි සජීවී විකාශනයන් ලබා දුණි. ගුවන් විදුලි විකාශනවල තරගකාරීත්වය නිසා 1925 - 1926 දී සේවය නතර විණි.


ලා ආරල්ඩෝ ටෙලිෆොනිකෝ - රෝමය, 1910 දී “ටෙලිෆෝන් හිර්මන්ඩෝ ” ආකෘතියට අනුව ඇරඹුණි. ඉතාලිය යනු විකාශනයේ ප්‍රථම උදාහරණය වන අතර 1914 දී ශ්‍රාවකයන් ගණන 1300 ඉක්මවීය. පළමු ලෝක යුද්ධය සමයේ දී එහි සේවයට බාධා ඇති විය. 1922 දී “ ෆොනොඡොව්නාර්ලේ ” නමින් නැවත ඇරඹුණු අතර “ රේඩියෝ හර්ඩෝ ” ලෙස වෙනත් දුරකථනවල සිටි අයද ගුවන් විදුලි විකාශනයට යොමු වූ අතර මෙය රෝමයේ පළමු ගුවන් විදුලි සේවය ද විය. පුද්ගලික සමාගම් සමග එක්වී URL නම් ගුවන් විදුලි විකාශන සමාගම 1924 දී බිහි කර ගත්තේ ය. 1928 හි දී යුරල්හි නම EIAR ලෙස ද 1944 දී RAI ලෙස ද වෙනස් විය.


ටෙලිෆෝන් හෙරල්ඩ් - ඇමෙරිකාව, නිව්යෝක් හෙරල්ඩ් පුවත්පතේ ප්‍රචාරණ කළමණාකරුව සිටි මම් ඩිලාම් හංගේරියාවේ සංචාරයක දී “ටෙලිෆෝන් හිර්මන්ඩෝ ” පිළිබඳව දැනගෙන එම තාක්ෂණය සඳහා ඇමෙරිකානු ආයතනය පිහිටුවීය.පසුව ප්‍රාන්ත අතර අයිතිය බෙදා හැරීම සදහා ටෙලිෆෝන් හෙරඩ් ආයතනය පිහිටුවිය. නිව්ජර්සි ප්‍රාන්තය වෙනුවෙන් එසේ ලබාගත් ආයතනයක් 1911 දී නොවොක්හි සේවය ඇරඹීය. මෙය අසාර්ථක වූ අතර 1912 දී වසා දැමිණි.

"https://si.wikipedia.org/w/index.php?title=දුරකථන_පුවත්_පත&oldid=472178" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි