දිළිඳුබව

විකිපීඩියා වෙතින්
දිළිඳුකම

_.හැදින්වීම._[සංස්කරණය]

සමස්ත මානව සමාජය තුළම වර්ධනය වෙමින් පවත්නා සමාජ ප්‍රශ්නයක් ලෙස දිළිඳුකම හදුන්වා දියහැක.‍බෝහෝ නිමවුම් කරන සමාජය විසින්ම නිෂ්පාදනය කරන ලද දිළිදුකම ආදායම් ක්‍රම ඔස්සේ පමනක් නොව එහි සෑම අංශයක් ඔස්සේම අවධානයට ලක්කළ යුතු සංකල්පයකි.

දිළිඳුකම නිර්වචනය......[සංස්කරණය]

දරිද්‍රතාවය පිළිබඳව විවිධ ප්‍ර‍‍‍වේශයන් ඔස්සේ විවිධාකාරයට නිර්වචනයන් ඉදිරිපත් කර ඇති අතර ‍පොදුවේ හදුනාගත හැකි විශ්විය නිර්වචනයක් තවම ඉදිරිපත්වී නැත. 1979 දී හැකියාවන් පිළිබඳ ප්‍ර‍වේශයට අනුව අමාර්ත්‍ය සෙන් දක්වන ආකාරයට දරිද්‍රතාවය යනු " පුද්ගලයෙකුට ආත්ම අභිමානයෙන් යුතුව ජිවිතය පවත්වාගෙන යාමට අදාලව තිබිය යුතු ශක්‍යතාවන් නොමැති තත්වයකි."


බහුමානිය සංකල්පයක් වන දිළිඳුකම ප්‍රධාන මාන තුනක් ඔස්සේ දැක්විය හැකි බව 1992දී chambr නම් ආර්ථික විද්‍යාඥයා අදහස් දක්වා ඇත. එනම්;

පැවැත්ම, ආරක්ෂාව සහ ආත්මාභිමානයයි.


1977දී නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට අයත් මානව සංවර්ධන වාර්තාවේ දිළිදුකම පිළිබඳව පොදු දෘෂ්ධිකෝණ තුනක් ඔස්සේ අවධානයට ලක්කර ඇත. එනම්,

  1. සමාජීය විද්‍යා විශ්වකෝෂය දක්වා ඇති විග්‍රහය.
  2. ගැමි සමාජය දිළිදුකම හදුන්වා දෙන ආකාරය.
  3. ආර්ථික විද්‍යාඥයින්ගේ හා සමාජ විද්‍යාඥයින්ගේ ශාස්ත්‍රිය විග්‍රහය.

සමාජීය විද්‍යා විශ්වකෝෂයට අනුව, දිළිදුකමෙි අර්ථ තුනකි. එනම්,

  • සමාජිය දිළිදුකම
  • සදාචාරමය දිළිදුකම
  • අන්ත දිළිදුකම

සමාජිය දිළිදුකමට දේපල , ධනය, ජිවනමට්ටම ආදී ආර්ථික සාධකවල අසමානතාව මෙන්ම අසම්මත පහත් සමාජ සම්බන්ධතා මත යැපීම, සූරාකෑමට බදුන්විම, සමාජයෙන් කොන්වීම ආදි විවිධ කරැණු ඇතුලත් වන්නාවු සමාජමය අසමානතාවන්ද ඇතුලත් වේ. මෙබදු සමාජ ස්තරයන්ගේ දුප්පත්කම වු කලි සුවි‍ශේෂ මට්ටමක ආදායමක් හෝ දේපලක් නොහගවන්නාවු සාපේක්‍ෂ දෙයකි.

සදාචරමය දිළිදුකම යනු, සමාජයේ හෝ එහි උප සංස්ථා සමුහ ආදියේ පවත්නා අගනාකම් පද්ධතිය තුළ දිළිදුකමට ඇති ස්ථානයයි. එය සදාචාරමය වශයෙන් පිළිගනු ලබන්නේද යන්න හා කවර නම් වු සමාජ තත්ත්වයක් දුප්පත්කම විසින් පුද්ගලයාට ආරෝපනය කරනු ලබන්නේද, කවර සමාජ තත්ත්වයක් ලබාගැනීමේන් පුද්ගලයා එයින් වලකනු ලබන්නේද යන්න මෙයින් අර්ථවත් කෙරේ.

අන්ත දිළිදුකම යනු, තමන්ගේ ජිවන නඩත්තුව කිසිසේත්ම පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති විම මින් අදහස් කෙරේ. එනම් ආහාරපාන, ඉදුම්හිටුම්, ඇදුම්පැළදුම් උපයා ගැනීම සඳහා හැකියාවක් නොමැති කමයි. බාහිර ආධාර උපකාර නොමැති සාම්ප්‍රදායිකව පිළිගත් අවම ජිවන මට්ටම හෝ පවත්වාගෙන යාමට නොහැකි වීමයි. අවම ජිවන මට්ටම සෑම කාලයකම නිශ්චය කෙරෙන අතර එයින් පහළ ජනයා දුගී අය වශයෙන් සැලකෙන අතර, ඒ අයට රාජ්්‍ය අංශයේ හෝ වෙනත් සුභ සාධන අංශවලින් ආධාර උපකාර ඉල්ලා සිටිමට පුළුවන.

ගැමි සමාජය දිළිදුකම හදුන්වාදී ඇති ආකාරයට "දවසකට හොද ආහාර වේලක්, අදින්න ඇදුමක්, ණ‍ය නොවී සිටීමට ආදායම් මර්ගයක්, වගාකිරිමට ඉඩමක් ඇත්නම්" දිළින්දෙකු නොවන බවයි.

ආර්ථික විද්‍යාත්මක විග්‍රහයට අනුව, බොහෝවිට දිළිදුකම වටහාගන්නේ ආදායම් අඩුකම නිසා ජිවන මාර්ගයක් නොමැති වීමේන් ඇතිවු ප්‍රතිඵලයක් වශයෙනි. එනම් ජනතාවගේ ද්‍රව්‍යාත්මක යහපැවැත්ම සහතික වන අයුරින් ඔවුන්ගේ මූලික අවශ්‍යතා වන ආහාරපාන, ඇදුම්පැළදුම්, බේත්හේත්, අධ්‍යාපනය වැනි දෑ මිලදී ගත හැකි ආකාරයට ආදායමක් උපයා ගැනීමට හැකියාවක් නොමැතිවීමයි.

සමාජ විද්‍යාත්මක විග්‍රහය අනුව, දිළිදුකම, සාපේක්‍ෂ දිළිදුකම, පරම දිළිදුකම ලෙස වර්ග කොට ඇත. සාපේක්‍ෂ දිළිදුකම යනු, එක් පන්තියකට සාපේක්‍ෂව තවත් පන්තියක ආදායම් විෂමතාවයයි. ඒ අනුව එක් සමාජයක් තුළ පන්ති ගණනාවක් තිබෙන විට ඉහළ ධනපති පන්තියට සාපේක්‍ෂව අනෙක් හැම පන්තියක්ම දුගීභාවයට අයත්වේ.

පරම දිළිදුකම නිරපේක්‍ෂ දරිද්‍රතාව, නිදන්ගත දුගීබව ලෙසද හැදින්වේ. ජිවත්වීම සඳහා අවම මූලික අවශ්‍යතාවයන් සපයා ගැනීමට නොහැකි තත්ත්වය මේ නමින් හැදින්වේ. මෙහිදී ආදායමෙන් 80% තම ආහාරපාන සඳහාම වියදම් කරන මට්ටමක් පවතී. එය දරිද්‍රතා රේඛාව වශයෙන් දැක්වේ. දිළිදුමේ ව්‍යාප්තිය මත එය ග්‍රාමීය, නාගරික, වතු අංශය ලෙසද බෙදා දැක්වේ.

දරිද්‍රතාවය මනින මිනුම්[සංස්කරණය]

දරිද්‍රතාවය මැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් හා දේශිය වශයෙන් පිළිගත් නිර්නායක පවති.ජාත්‍යන්තර නිර්නායක ලෙස,

1. Absoulte Poverty line -- නිරපේක්‍ෂ දරිද්‍රතා රේඛාව

2. Relative Poverty line -- සාපේක්‍ෂ දරිද්‍රතා රේඛාව

දිනක‍ට එක් පුද්ගලයකු සතු ක්‍රයශක්තිසාම්‍ය මුදල ඇ:ඩො: 1ට අඩුනම් එය නිරපේක්‍ෂ දුගී බවයි. ලංකාවේ ජනගහනයෙන් 6.5 % ක් මෙම ගණනය කිරීමට අනුව දුගි බවට අයත්වේ. දිනක‍ට එක් පුද්ගලයකු සතු ක්‍රයශක්තිසාම්‍ය මුදල ඇ:ඩො: 2 ට අඩුනම්, සාපේක්‍ෂ දිළිදුකම වේ. ලංකාවේ ජනගහනයෙන් 45%ක් මේ තුළට අයත් වේ.

දේශිය වශයෙන් ලංකාවේ භාවිතා කරන නිර්නායක ලෙස,

  • මානව දරිද්‍රතා දර්ශකය
  • ජිනි සංගුණකය
  • දුගීබවේ පරතර දර්ශකය
  • දරිද්‍රතා රේඛාව භාවිතා කරයි.

ශ්‍රි ලංකාවේ දරිද්‍රතා රේඛාව සකස් කිරීමේදී ඊට අදාල මූර්ත පරිභෝජන වියදම තුළින් එක් අවම පෝෂණ මට්ටමක් සපුරා ගතහැකි ආකාරයට සකස්කරනු ලැබේ. එම අවම පෝෂණ මට්ටම වනුයේ කිලෝකැලරි 2095 කි. මෙය දිනකට අදාල ප්‍රමාණයයි. මෙම දරිද්‍රතා රේඛාව ඇස්තමේන්තු කිරීමේදී විශේෂ ලක්ෂණ දෙකක් යොදා ගනියි.

1. මෙම දරිද්‍රතා රේඛාව යම්කිසි මූර්ත පරිභෝජන මට්ටමකට අදාලව ස්ථාවර කර තිබීම.

2. පුද්ගලයාට අදාල සුභසාධන මට්ටම ඔහුගේ ඒකපුද්ගල පරිභෝජන වියදම හරහා මනින අතර උද්දමනය තුළින් වන මිලදී ගැනීමේ හැකියාවේ වෙනස්කම් මිල දර්ශයක් යොදා ඉවත් කරනු ලැබේ.

2004 මූර්ත පරිභෝජන මට්ටමට අදාලව සකස්කළ දරිද්‍රතා රේඛාව අනුව ඊට පහළ දුගි ජන ප්‍රතිශතය, 1. වගුවේ දැක්වේ.


අංශය 2002% 95/96% 90/91%
ජාතික 19.2 24.3 21.8
නාගරික 6.2 11.0 12.9
ග්‍රාමීය 20.8 25.9 24.7
වතු 24.8 32.2 11.7


1. වගුවට අනුව වතු අංශයේ දරිද්‍රතාව ඉහළ මට්ටමක පවතින බව පෙනීයයි. රටෙහි සමස්ත දුගී ප්‍රතිශත‍ය 2002 වසරේදී 19.2කි. 1995 සිට වතු අංශයේ දිළිදුකම වැඩිවි ඇත. නාගරික අංශයේ දිළිදුකම ක්‍රමයෙන් අඩුවී ඇත.

දරිද්‍රතා රේඛාවට අදාලව මුලික මිනුම් දෙකක් ගණනය කෙරේ.

එනම්,

Head Count Index

Population below Poverty line

Head Count Index හිදී කොපමණ ජනතාවක් දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටී දැයි ප්‍රතිශතයක් ලෙස දක්වයි.Population below Poverty line හිදී දරිද්‍රතා රේඛාවට පහළින් සිටින ජනතාව නිරපේක්‍ෂව සංඛ්‍යාත්මකව දක්වයි.

ගණනය කරන ලද Head Count Index එකට අනුව සැකසූ දරිද්‍රතා රේඛාවට පහළ ජනප්‍රතිශත‍ය මුළු ජන සංඛ්‍යාවේ ප්‍රතිශත‍යක් ලෙස පහත වගුවේ දැක්වේ.


අංශය 2002% 95/96% 90/91%
ජාතික 22.7 28.8 26.1
නාගරික 7.9 14.0 16.3
ග්‍රාමීය 24.7 30.9 29.4
වතු 30.0 38.9 20.5



2. වගුවට අනුව වතු අංශයේ 2002 වර්ෂයේ 30% ක්ද, ග්‍රාමීය අංශයේ 24.7% ක්ද, නාගරික අංශයේ 7.9% ක්ද වශයෙන් දිළිදුකම දක්නට ලැබේ.

දරිද්‍රතාවය මැනීමේ තවත් මිනුමක් ලෙස දරිද්‍රතා පරතර දර්ශකය (Povrty Gap Index) දැක්විය හැක. මෙයට අදාල දරිද්‍රතා පරතර දර්ශකය සකසන්නේ දරිද්‍රතා රේඛාවට පහළ ජනතාවගේ වියදමේ මධ්‍යන්‍යය එයට පහළින් ඇති දරිද්‍රතා රේඛාවේ පරිභෝජන වියදමින් බෙදීමෙනි.



මානව දරිද්‍රතා දර්ශකයද දරිද්‍රතාව මැනීමේ දර්ශකයකි. මෙය මූලික සාධක තුනක් ඔස්සේ ගොඩනගා ඇත.

1. පැවැත්ම -Surrival
2. දැනුම - Knowledge
3 ආර්ථිකමය සේවා සැපයීම - Economic provision



මෙම දර්ශකයට අනුව 1ට ආසන්න අගයක් ගනී නම්, ඉහළ දරිද්‍රතා මට්ටමක් පවතී.

රටක ආදායම් ව්‍යාප්තියේ විෂමතාවයද දුප්පත්කමට හේතුවේ. ලෝරන්ස් වක්‍රය මගින් රටක ආදායම බෙදීයන අයුරු දැක්වේ.

ආදායම් ලබන ජනතාව අඩුම මට්ටමේ සිට වැඩි මට්ටම් දක්වා පිළිවෙලට පෙළගස්වා ඹවුන් ලබන ආදායම ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කෙරේ. ලෝරන්ස් වක්‍රය සමානතා රේඛාවට ආසන්න නම් ආදායම් බෙදීයාමේ විෂමතාවය අඩු අතර එය සමානතා රේඛාවෙන් ඈත්වේ නම් ආදායම් බෙදීයාමේ විෂමතාවය වැඩිය. මෙය ජිනි සංගුණකය මගින් ගණනය කර පෙන්විය හැක. ඒ අනුව ලැබෙන පිළිතුර 1ට ආසන්න නම් ආදායම් බෙදීයාමේ විෂමතාවය වැඩිය. 0ටආසන්න නම් ආදායම් බෙදීයාමේ විෂමතාවය අඩුය.

ශ්‍රි ලංකාවේ ආදායම් ව්‍යාප්තිය ජිනි සංගුණකයට අනුව සැකසූ විට පහත වගුවේ දැක්වේ.

අංශය 2002% 95/96% 90/91%
ජාතික 0.55 0.52 0.52
නාගරික 0.55 0.53 0.58
ග්‍රාමීය 0.51 0.52 0.53
වතු 0.39 0.37 0.36


මේ අනුව වතු අංශයේ ආදායම් බෙදීයාමේ විෂමතාවය අඩු අතර සමස්ත රටෙහි මධ්‍යස්ථ අගයක් ගෙන ඇත.

ශ්‍රි ලංකාව දිළිදුකම පිටු දැකීම සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ග[සංස්කරණය]

ශ්‍රි ලංකාව දිළිදුකමින් මිදීමට විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදි. ඒ අතරින්

  • ආහාර සහනාදාර සහ මුද්දර ක්‍රමය,
  • ජනසවිය ව්‍යාපෘතිය,
  • සමෘද්ධි ව්‍යාපෘතිය,
  • ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන යෝජනා ක්‍රමය,
  • විවිධ නිවාස සංවර්ධන ව්‍යාපෘති

වැනි ඍජු ක්‍රම මෙන්ම වක්‍ර ක්‍රම යටතේ සැම‍ට අධ්‍යාපනය, සෞඛ්‍යය පහසුකම් ලබාදිම, සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක විය.

සමාජ ආරක්ෂණ වැඩසටහන් යටතේ ගොවි රක්ෂණ, ධීවර රක්ෂණ, ස්වයංරැකියා ක්‍රම මගින් වැඩිහිටියන්ගේ ජිවන තත්ත්වය පහත නොවැටීමට අවශ්‍ය ක්‍රම සකස් කරන ලදි.

සබැදි පිටු[සංස්කරණය]

සමෘද්ධි ව්‍යාපාරය


අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දිළිඳුබව&oldid=592286" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි