දිය හොල්මන

විකිපීඩියා වෙතින්
දිය හොල්මන

දිය හොල්මන එසේත් නැත්නම් දිය ඩේඟරය යනු කුඹුරු වල වගා පාලු කිරීමට පැමිණෙන මීයන් කුරුල්ලන් වැනි කුඩා සතුන් එලවීම සඳහා අතීත සිංහල ගැමියන් විසින් බහුලව යොදා ගනු ලැබූ සරල උපකරණයකි. මෙය කුඹුරු බිම්හී බොහෝ විට යොදා ගන්නා ලදී.

ඇටවීම[සංස්කරණය]

දිය හොල්මනක් අටවනු ලබන්නේ වක්කඩක් ආශ්‍රිතව වේ.[1] වක්කඩේ ගලා යන දියපහරට සම්බන්ධ කරනු ලැබූ උණ බටයක් ආධාරයෙන් මෙය නිමවයි.වේල්ලක යටි පැත්තේ අටවනු ලැබේ.පුරුක් දෙකකින් යුත් උණ බටයක එක් කොනක පෙත්ත ආනතියකින් යුක්තව කපා හරි මැදින් හරස් ලීයක් දමා නියරේ වත්කඩයට යටින් ලී කරු දෙකක් මත රදවනු ලැබේ .එවිට එහි පෙත්ත කැපු කෙලවරට ජලය පිරී ඉබේම පහත්වේ,මෙහි යටි පැත්තේ ඇති පුරුක යට ඇති යටින් අටවන ලද ගලලේ වැදී ශබ්දය ඇසේ ,යටි පුරුක හිල් කර ඇති නිසා ශබ්දය දුරට ඇසේ.

ගැමි සාහිත්‍යය[සංස්කරණය]

ගැමි සාහිත්‍යය තුලද දිය හොල්මන පිළිබඳ කියැවෙන තැන් සොයා ගත හැකිවේ.[2]

අඩ සඩකලේ මං පැදයන ගොන් පැටියා
දඩබඩ කළේ ගෙල බැඳි සොකඩා කැටියා
උණ දඬු කපන තැන උණ දඬු රිකිල්ලා
වතුර ගලන තැන හොල්මන් කුරුල්ලා

උණ දඩු කපන තැන උණ දඩු රිකිල්ලා
බට දඩු කපන තැන බට දඩු රිකිල්ලා
වතුර ගලන තැන හොල්මන් කුරුල්ලා

පැල් කවි කියන්නට කවුරුත් වරෙල්ලා

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "පාරම්පරික කෘෂි දැනුම හා හෙල උරුම‍ය". asapuwa. 2011-04-07. සම්ප්‍රවේශය 2015-01-02.
  2. "අදීන ජන සංස්‌කෘතික උරුමය පිළිබිඹු කරන මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය". දිවයින. 2010-07-22. සම්ප්‍රවේශය 2015-01-02.
"https://si.wikipedia.org/w/index.php?title=දිය_හොල්මන&oldid=429628" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි