දිය වලසා

විකිපීඩියා වෙතින්

thumb|242x242පික්|දිය වලසා ඉලෙක්ට්‍රොනික් අනිවික්ෂය කින් බැලු විට

දිය වලසා ගැඹුරු අභ්‍යවකාශයේ විනාශකාරී පරිසරයක වුවත් තම ජීවිතය බේරාගත හැකි එකම සතයි මුළු ලෝකයේ ම ඉන්නේ. ඒ තමයි දිය වලසා. මන්දගාමී කීඩෑවා යන අරුතින් ඌව ටාඩිග්රේඩ් කියලයි නිල වශයෙන් හදුන්වන්නේ.

ඌ දිග ප්‍රමාණයෙන් මිලිමීටරයකින් පංගුවක් තරම් වුවත් පොකුණු ජලාශ ආදියෙහි ඉතා අලස ජීවිතයක් ගත කරලත් ඌ කෙසේවත් විනාශ කළ නොහැකි සතෙක් හැබැයි මෙයාව බලන්න පුලුවන් ඉලෙක්ට්‍රොන අනිවික්ෂයෙන් විතරයි .

දිවි රැක ගැනීමේ පුදුමාකාර ශක්තියක් ඌට තියෙනවා. උගේ පරිසරය නිරපේක්ෂ උෂ්ණත්වයට, එනම් සෙල්සියස් අංශක 275 ක් දක්වා අඩු කළත්, උෂ්ණත්වය සෙල්සියස් අංශක 151 ටත් වැඩි ප්‍රමාණයකට වැඩි කළත් නැත්නම් එහි ජලය නොමැති ව අවුරුදු 10 – 15 ක තරම් කාලයක් තැබුවත් මොන පීඩනයකට තැබුවත් මේ සතා නම් විනාශ කරන්න බෑ.

“දිය වලසුන් කිහිපදෙනෙකුව දින අටක් වාතය නැති තැනක තබා ඊට පස්සේ කාමර උෂ්ණත්වය යටතේ දින තුනක් හීලියම් වායුව තිබෙන ස්ථානයකට මාරු කළා. පසුව පැය කිහිපයකට උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 272ක් යටතේ තබා අවසානයේදී සාමාන්‍ය උෂ්ණත්වය ඇති තැනකට ගෙනා විට දිය වලසුන්ට නැවතත් පණ ආවා” කියා එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා විශ්වකෝෂයේ සඳහන් වුණා. මනුෂ්‍යයෙකු මිය යන මට්ටමේ X-කිරණවල බලය සිය ගුණයකින් වැඩි කර දිය වලසුන්ව ඊට නිරාවරණය කළත් උන් මිය යන්නේ නැහැ. ඒ වගේම වාතය නැති අභ්‍යවකාශයේ වුණත් මේ සතාට ජීවත් වෙන්න පුළුවන් කියා විශ්වාස කරනවා.

කටුක අවස්ථාවකදී වුණත් මේ සතාගේ දිවි රැකෙන්නේ උගේ ශරීරයේ ක්‍රියාවලිය සියයට 0.01ක් දක්වා පහත වැටෙන නිසයි. එතකොට උන් ඉන්නේ හරියට මැරුණා වගෙයි. උන් කරන්නේ මේ අවස්ථාවේදී උගේ කකුල් අකුළලා ශරීරය ඇතුළට ගැනීමයි. ඒ වගේම ශරීරය තුළ තිබෙන දියර රසායනික ද්‍රව්‍යයක් බවට හරවාගන්නවා. ඊට පස්සේ ඉටි වර්ගයකින් ශරීරය සම්පූර්ණයෙන් ආවරණය කරගෙන පුංචි ඉටි බෝලයක් වගේ වෙනවා. කෙසේවෙතත් උන්ට ජීවත් විය හැකි තත්වයක් ආ විට විනාඩි කිහිපයකින් හෝ පැය කිහිපයකින් උන් නැවතත් සාමාන්‍ය තත්වයටම පැමිණෙනවා. එක් අවස්ථාවකදී අවුරුදු 100ක විතර කාලයක් පුරා එලෙස සිටි දිය වලසුන්ට නැවතත් සුදුසු තත්වයක් ආ විගස පණ ආවා.

"https://si.wikipedia.org/w/index.php?title=දිය_වලසා&oldid=448240" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි