දියබත්

විකිපීඩියා වෙතින්
(දිය බත් වෙතින් යළි-යොමු කරන ලදි)
දියබත්
Origin
ආරම්භවූ ප්‍රදේශයශ්‍රී ලංකාව
Details
Courseඋදෑසන ආහාර වේල
TypeSoup
Serving temperatureඇල්
Main ingredient(s)බත්, පොල් කිරි, රතුළූණු, අමු මිරිස් සහ වියලි මිරිස්

දිය බත් යනු පහසුවෙන් සදා ගත හැකි පෝෂ්‍ය දායක උදෑසන ආහාරයකි.

පිලියෙල කිරීම[සංස්කරණය]

  1. ක්‍රමය: රාත්‍රියේ ඉතිරි වන බත් භාජනයකට දමා එයට ජලය එකතු කර පෙ‍ඟෙන්නට හරිනු ලැබේ. පසු දින උදෑසන ජල‍යේ පෙඟුන බත් අතින් මිරිකා ජලය ඉවත් කර, දිය බත් සඳහා සාදන විශේෂ පොල් කිරි මිශ්‍රණය සමග ආහාරයට ගත හැක. (බත් පෙරා ගත් වතුර බීමට ගත හැක)
  2. ක්‍රමය: රාත්‍රියේ ඉතිරි වන බත් මුට්ටියේ තබා එයට බත් වැසෙන පමණට ජලය දමා වසා තබන්න. පෝෂණ ගුණය අපතේ නො යැවීමට පසු දින දිය බත් සකසා ගැනීමේදී ජලය ඉවත් නොකළ යුතුය!.. එම බත් ගෙන දිය බත් සඳහා සාදන විශේෂ පොල් කිරි මිශ්‍රණය එක් කර හොඳින් අනා ගන්න

පොල් කිරි මිශ්‍රණය[සංස්කරණය]

දිය බත් අහාරයට ගැනීම සඳහා පොල් කිරි මිශ්‍රණය සාදා ගැනීමට පොල් කිරි වලට ලියාගත් රතු ලූනු, පුළුස්සා ගත් වියළි මිරිස් හෝ/හා අමු මිරිස්, රස අනුව ලුණු සහ පදමට දෙහි ඇඹුල් එකතු කර ගන්න.

"https://si.wikipedia.org/w/index.php?title=දියබත්&oldid=307524" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි