දැව අස්වනු නෙලීමේදී වනාන්තර වල ඇති ගැටළු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search


ගැටළු

දැව අස්වනු නෙලීමේදී වනාන්තර වල ඇති පෝෂක ප්‍රමාණය අඩුවී නිසරු පසක් ලැබී ඛාදනයට ලක්වේ.ගිනි උපද්‍රව ඉහළ යයි, වන ජීවීන් ඉවත්වන අතර එය වනාන්තර යේ ආකර්ෂ්ණය සඳහා බලපෑම් ඇතිකරයි.කුමන හෝ අස්වනු නෙලීමේ ක්‍රියාවළියක් ජීව විද්‍යාත්මක ව භූමියට ගැලපීමට හෝ විනාශයට හෝ ඉතිරි වනාන්තර විනාශවීමට හේතුවිය හැකිය.සියළු දැව අස්වනු නෙලීමේ ක්‍රම භූමියට හා ඉතිරි වන වනයට කුමන හෝ බලපෑමක් සිදුකළත් මහා තිරසාර වන විද්‍යා සැලසුම මඟින්විය හැකි බලපෑම් අවම කරගත හැක.

ගිනි මැඩපැවැත්වීම

ගිනි සහ කෘමීන් ගහණවීම ටයිගා වනාන්තර වල ඇතිවල ප්‍රබල ස්වාභාවික විපත්ය.එමෙන්ම සෞම්‍ය කලාපික වනාන්තර , උප කඳුකර වනාන්තර සහ චපරාල් වනාන්තර වල සැලකියයුතු විපත් ඇතිකරන යාන්ත්‍රනයකි. විශේෂයෙන්ම උතුරු දිග වනාන්තර වල නැවත වනය ඇතිකරන විශාල ගිනි වනාන්තර සහිත භු දර්ශනයේ ආයුෂ පැතිරීම සහ අවකාශයේ වයස් විචිත්‍රනය තීරණය කර‍යි.

උතුරු අමරිකාවේ ගිනි මැඩපැවත්වීම සැලකියයුතු ලෙස අඩුවී සාමාන්‍ය වාර්ෂිකව ගිනිගනා ප්‍රදේශය ස්වයංසිද්ධව වැඩිවන බව සම්පත් කළමනාකරුවන් විශ්වාස කරයි. පැහැදිලි ප්‍රත්‍යක්ෂ මූලික සාක්ෂි ගිනි වාර්තා අත්‍යවශ්‍යයෙන්ම අධ්‍යයනයන් දෙකකට සීමාවී ඇති අතර ඔන්ටාරියෝ රජයේ ගිනි වාර්තා උපයෝගීකොටගෙන ආක්‍රමනශීලී ගිනි මැඩපැවැත්වීමී පොලීසි නොමැතිව හා ඇතිව සාමාන්‍ය වාර්ෂිකව ගිනි ගන්නා ප්‍රදේශය සසඳා බලනලදී. එයට පසු අධ‍්‍යයනයන් ගණනාවක් සිදුකෙරුනු අතර ඒවායින්ද එම තොරතුරුම වෙනත් ආකෘතිවලින් ඉදිරිපත් කරන ලදී. මෙම අධ්‍යනයන්ගේ යෝජකයන් ආක්‍රමනශීලී ගිනි මැඩපැවැත්වීමේ පොලීසි නොමැති ප්‍රදේශ වල විශාල ප්‍රමානයේ ගිනි හා විශාල, සාමන්‍ය වාර්ෂිකව ගිනිගන්නා ප්‍රදේශයන් බව හා ගිනි අතර කාල පරාසය වැඩිබව සහ එය ගිනි මැඩපැවැත්වීමේ බලපෑම් පිලිබඳව සාක්ෂියක් බව තර්ක කරන ලදී.

කෙසේ නමුත් ගිනි මැඩපැවැත්වීම මඟින් සාමාන්‍ය වාර්ෂිකව ගිනිගන්නා ප්‍රදේශය සැළකියයුතු ලෙස අඩුකල හැකිය යන්න විද්‍යාත්මක සාහිත්‍යයේ වාචික විවාදයකි. විශේෂයෙන් මෑත ලියවිලි සංඛ්‍යාත්මක බරපතළ ක්‍රමෝපායන් මඟින් සාමාන්‍ය වාර්ෂිකව ගිනි ගන්නා ප්‍රදේශය තක්සේරු කර එය ගිනි චක්‍රයට අයත් බවත් එම ගිනි චක්‍රයට හා ගිනි මැඩපැවැත්වීමෙන් වෙනසක් ඇති නොවන බවටත් එම සාක්ෂිය උපයෝගීකොටගෙන ගිනි මැඩපැවැත්වීමේ බලපෑම් අගතිගාමී බව හා ඉදිරිපත් කර ඇත්තේ වැරදි ආකාරයකින් බව කියාසිටී. මෙම කිසිම ලියවිල්ලක් ගිනි කළමණාකරන ආයතන ඔවුන්ගේ බලපත්‍ර සම්පූර්ණයෙන්ම පවරාදීම පිළිබඳව විවේචනය කර නොමැත.ඔවුන් ගිනි භටයන් මනාලෙස පුහුණුකර නොමැති බව, කාර්යක්ෂමව යොදවා නොමැතිබව හෝ කළමණාකරණය දුර්වල බව යෝජනා කර නැත. ඒ වෙනුවට මෙම ලියවිලි සරළව යෝජනා කර ඇත්තේ යොදාගන්නා සම්පත් නොසලකා හැරීම හ ගිනි කළමණාකරණ ආයතනවලට සාමාන්‍ය වාර්ෂිකව ගිනි ගන්නා ප්‍රදේශය ඵලදායී ලෙස අඩුකර ගැනීමට නොහැකිවීමටය.

ඵලදායී ගිනි මැඩපැවැත්වීමේ ක්‍රම සාමාන්‍ය වාර්ෂිකව ගිනිගන්නා ප්‍රදේශය මත ඇතිකරන බලපෑම් හේතු කිහිපයක් නිසා වැදගත් වේ.විශේෂයෙන්ම බොහෝ අධිකරන බල ප්‍රදේශවල ඇති වර්තමාන තිරසාර වනාන්තර කළමණාකරන ක්‍රියා මාලාව කෙරෙහි එහි බලපෑම ප්‍රධානවේ. තිරසාර වන කළමණාකරනයේ බොහෝ අධිකරන වසම් තුල ඇතිවන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ තිරසාර අස්වනු මට්ටම් තීරණය කිරීම සඳහා දැව සැපයුම් ආකෘති භාවිතයයි.මෙම තීරණයන් වලදී සෑම විටම උපකල්පණය කරන්නේ ගිනි මැඩලීම සාමන්‍ය වාර්ෂිකව ගිනිගන්නා ප්‍රමාණය අඩුකිරීම සඳහා ඵලදායී වූවා යැයි කරන උපකල්පණයයි.මෙලෙස දැනට ඇති ගිනි මැඩලීමේ ඵලදායීතාව පිළිබඳ උපකල්පන වැර්දි වුවොත් තිරසාර වන කළමණාකරනයට ඇතිවන බලපෑම තරමක් විශාල වේ.ගිනි මැඩලීම මඟින් ස්වාභාවික ගිනි වෙනස්කර ඇති බවට විශාල වශයෙන් පිළිගැනෙන්නේ බටහිර එක්සත් ජනපදයේ අභ්‍යන්තරයේ පිහිටි පයිනස් පරිසර පද්ධති වලය.එහිදී බොහෝ කාලයක් තිස්සේ පැවත එන ස්වාභාවික ගිනි ආධිපත්‍ය විවෘත වියන් තත්ව යටතේ පාලනය කර ඇත.යුරෝපීය පදිංචිකරුවන් පැමිණි පසු මතුපිට ඇතිවන ගිනිවල වාර ගණන අඩුවී ඇත්තේ සියුම් ඉන්ධන වල එකතුවීම හා සැකසීම වෙනස්වී ඇති නිසාය.අතරමැදි උසකින් යුතු වෘක්ෂ ලතා පෙළක් වර්ධනය වීම සහ වියන් ඉන්ධන ස්ථරයේ ඝණත්වය වැඩිවීම නිසා මතුපිට ගිනි මඟින් ශාකවල මුදුනටම පිලිස්සීයන අතර මෙසේ ශාක මුදුන් ගිනිගැනීමද සුලභවේ.

උසස් ලෙස වර්ග කිරීම

සම්පූර්ණ හෙලීමේදී ඇති එක් පරිසර විද්‍යාත්මක වාසියක්නම් තෝරා හෙලීමේ අවධානම හා තනි තනි ගස් කළමණාකරනය කිරීමේ අවදානම දුරුවීමයි.ශාක ගොන්නකින් තනි තනි ගස් හෙලීමේදී ඇතැම් අධිකරන බල ප්‍රදේශයන් වලදී උසම , වැඩිම වේගයෙන් වර්ධනය වන සහ වැඩිවශයෙන් හොඳ තත්වයේ ඇති ගස් කැපීම තිරසාර ක්‍රියාවක් ලෙස සළකයි.මෙම උසස් යැයි වර්ග කිරීම නිසා වනාන්තරයක් ජාන කිටුව සැකසීම ඉතිරිවන්නේ කුරුවූ , වැඩි සැළකිල්ලක් නොමැති ගස්ය මෙහි ප්‍රතිඵලයක් ලෙස කුරු දුර්වල ලෙස වර්ධනය වන වනයක් ඉතිරිවන අතර විශේෂයෙන් පිටතින් ඇති බීජ ප්‍රභවයක හිඟ කමද බලපායි.කැනඩාව වැනි ඇතැම් අධිකරන ප්‍රදේශවල මෙලෙස උසස් ලෙස වර්ග කිරීම හෙලා දැක ඇති අතර වර්තමානයේදී සිදුනොවන තරම්ය.

කැබලි කිරීම

නගරය විශාල වීම සහ වෙනත් ඉදිකිරීම් නිසා වනාන්තර කැබලි විය හැකිය.මේ නිසා සීමාතිර වාසස්තාන එනම් වෙනත් ගස් වලින් ආරක්ෂා නොවූ හා නාගරික පරිසරයට විවෘත වූ වාසස්තාන නිර්මාණය වේ.සමාන පරිසරයක් වූ වනාන්තර කැබලි වී තිබීමේදී එම වපසරියම තනි වනාන්තර යක් ලෙස තිබෙනවාටවඩා සීමා තිර ප්‍රමාණය වැඩිවේ.එම වපරිසරයම පටු රේඛාවක් ලෙස ඇත්නම් මුළු වනයම සීමාතිරයක් වන අතර එහි මධ්‍යයේ ශාක ඉතා අඩුවෙන් හෝ නොමැතිවේ.සීමාතිරයේ ඇති ගස් කුණාටු සුළඟින් අරක්ෂා නොවන අතර මුවන් විසින් පහසුවෙන්ම ප්‍රයෝජනයට ගනී.සීමා මායිමේ වෙසෙන වන ජීවීන් රැකූන් සතුන්ගේ ගොදුරු බවට පත්වීම මිනිසා අසන්නයේ ජීවත් වීමට නොහැකිකමින් විශේෂ වනය හැරයයි.වනාන්තර කැබලි අතර ශාක පැතිරීමේ ප්‍රශ්නද ඇතිවේ.ශාක ගොන්නක යාබද ඇති ගස් වලට හානි වූ විට එය අවට ඇති ගස්වලින් නැවත ඇති කරයි.නමුත් ශාක ගොන්න එක් කැබල්ලක කොටසක්නම් , වෙනත් කැබලි වූ ප්‍රදේශයෙන් පැතිරීමක් සිදුනොවේ නම් , ශාක ගොන්න පවත්වා ගැනීමට මිනිසගේ මදිහත්වීම අවශ්‍යවේ.අඩු විසිරීමක් ඇතිවන සතුන්ටද මෙම තත්වය අත්විඳීමට සිදුවන අතර මහා මාර්ග වලට ඉහළින් ඉතා කලාතුරකින් පියාඹන ඇතැම් කුරුල්ලන් පවා මෙය ට අයත්වේ.