දැයට කිරුළ 2014 තැපැල් මුද්දරය

විකිපීඩියා වෙතින්

මුද්දර නිවේදන අංකය 838[සංස්කරණය]

දැයට කිරුළ 2014 නිමිත්තෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් රුපියල් 5.00 ක වටිනාකමකින් යුත් නව තැපැල් මුද්දරයක් 2014 පෙබරවාරි මස 21 වැනි දින නිකුත් කෙරේ. දැයට කිරුල 2014 ජාතික සංවර්ධන වැඩසටහන හා ප්‍රදර්ශනය පෙබරවාරි මස 21 දින සිට කුරුණෑගල පුත්තලම හා කෑගල්ල දිස්ත්‍රික්ක අරමුණු කොටගෙන ක්‍රියාත්මක කරනු ලබන අතර, මේ සදහා රුපියල් මිලියන 20,000 කට අධික මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන්කර ඇත. මෙයට සමගාමීව "ඉසුරුමත් මව්බිමක් - අසිරිමත් නිවහනක්" යන තේමාව යටතේ අඩුආදායම්ලාභී නිවාස සංවර්ධනය අරමුණු කරගත් නිවාස සංවර්ධන ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක වේ. මේ සදහා රුපියල් මිලියන 2407 කට අධික මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇත. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා රුපියල් මිලියන 17601 කට අධික ප්‍රමාණයක් මූල්‍ය ප්‍රතිපාධන වෙන්කර ඇති අතර ඒ යටතේ ග්‍රාමීය විදුලිබලය සැපයීම, පානීය ජල පහසුකම් සැපයීම, වැව් අමුණු ප්‍රතිසංස්කරනය කිරීම, මාතෘ සායන වැඩිදියුණු කිරීම, නව සායන ඉදිකිරීම, රථ ගාල්, බස්නැවතුම්පොළ, රැස්වීම් ශාලා, ආදාහනාගාර, ශරීර සුවතා මංතීරු සැකසීම, මාර්ග සංවර්ධනය ආදී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. ග්‍රාමීය මට්ටමින් කලක් තිස්සේ ගැමියන්ගේ නොවිසදුනු ගැටළු සදහා විසදුම් ලබාදීම මෙන්ම ග්‍රාමීය මට්ටමෙන් රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවා ලබාදීම සදහා ජංගම සේවයක්ද ක්‍රියාත්මක කර ඇත. දරු දැරියන්ගේ අනාගතය දීප්තිමත් කිරීමේ අරමුනින් රුපියල් මිලියන 1015 කට අධික පිරිවැයක් දරමින් අධ්‍යාපන ආයතන වැඩි දියුනු කිරීමද මෙවර දැයට කිරුළට සමගාමීව සිදුකරනු ලබන අතර දැයට කිරුළ සංවර්ධන වැඩසටහන ජාතියේ අනාගත අභිවෘද්ධිය උදෙසා ක්‍රියාවට නැංවෙන මහගු වැඩසටහනක් වන්නේය.


නිකුත් කරන දිනය - 2014 පෙබරවාරි මස 21 වැනි දින. වටිනාකම - රුපියල් 5.00. සැලසුම්කරු - ඩී. ජී. සුදත් ජයවර්ධන. ප්‍රමාණය - මි. මී. 30 x මි. මී. 41. හැඩය - සිරස්. මුද්‍රණ ක්‍රමය - ඕෆ්සෙට් ලිතෝග්‍රැෆි. පත් සැකැස්ම - පත්‍රිකාවක මුද්දර 20 බැගින්. සිදුරු ප්‍රමාණය - 14 x 13 1/2. මුද්‍රණකරුවෝ - රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකාව. වර්ණ ( පාවිච්චි කළ ) - හතරයි. කඩදාසි වර්ගය - 102 ජී. එස්. එම්. ආරක්ෂිත මුද්දර මුද්‍රණ කඩදාසි. මැලියම් - පීවීඒ. මුද්‍රණය කළ ප්‍රමාණය - 500,000. අලෙවි කරන අවසන් දිනය - 2015.02.20.