ද්‍රවිඩයන්
ද්‍රවිඩයන්
විජය සමග පැමිණ සිංහලයන් මෙහි එන්නට අවුරුදු දහස් ගණනක් පෙර සිට ද්‍රවිඩයන් මෙම දිවයිනෙහි ජීවත්වු නමුදු සිංහල වංශකථාකරුවන් ඔවුන් ගැන සඳහන් කරන්නේ ඔවුන් ‘මනුෂ්‍යයින් නොවන’ පිරිසක් ලෙසටයි. උතුරෙන් සංක්‍රමණ පීඩනයක් සහ ද්‍රවිඩයින්ගේ බලය වැඩිවීමත් පසු කලෙක දිවයිනේ ආක්‍රමණ සදහා මුල්විය. වර්තමානයේ කුඩා ජනාවාස වු කදිරවේලු සහ පොම්පරිප්පු (පොන්පරිප්පි යන්නෙහි තේරුම ‘තමිර බර්නි’ යන්නයි- දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ ගගකි) ආචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල විසින් විස්තර කරනු ලබන්නේ හුදෙක් ‘හුදකලා ජනාවාස’ යනුවෙනි.
සේන සහ ගුත්තික පළමු දෙමළ පාලකයෝ වුහ.(ක්‍රි.පු.2වන සියවස) මහාවංශයේ කෙරෙන සදහනක් හැරුණු විට ඔවුන් ගැන වෙනත් සාක්ෂි නොමැත. තහවුරු කිරීමට වෙනත් සාක්ෂි නොමැති මෙවැනි සදහන් කිරීම් පමණක් විශාල ප්‍රමාණයකින් මහාවංශයේ දක්නට ඇත. දකුණේ දෙමළ නම් සිංහල බවට හැරීමෙනුත් සිංහල නම් දෙමළ නම් ලෙස පරිවර්තනය වීමෙනුත් (විශේෂයෙන් 12 වන සියවසෙන් පසු) සිංහල - දෙමළ ජනතාවන් එකට මිශ්‍ර වී පැවතුණු බව පැහැදිලි වේ. (ශ්‍රී ලංකාවේ ස්ථාන බලන්න)
කාම්බෝජවරු
මෙම ජනවාර්ගික කණ්ඩයාම් කීපයක් අතරින් කබෝජා (කම්බෝජා හෝ කම්බෝජිය)වරු ගැන පුරාණ සටහන් 7ක 8ක දක්නට ලැබේ. ඒවායේ ‘දමේද’ යන්න හතර වරක් සදහන් වේ. ‘මිලේච’ යන්න දෙවරක්ද , මුරිද් , මෙරයා සහ ජාවක එක් වරක් පමණක්ද සදහන් වේ. 4 වැනි සියවසට අයත් සිහලවත්ථු නම් පාල ලේඛණයද රුහුණේ ජීවත් වන කම්බෝජාවරු නම් ජන පිරිසක් ගැන සදහන් වේ. මෙම ලේඛණයේ මෙත්තයිය වත්ථු නැමැති 3වැනි කථාවෙන් ‘මලෙයියා’ නම් වැඩිහිටයෙක් තම්බපන්නි දිවයිනේ රෝහණ පළාතේ , කම්බෝජ ගමෙහි ජීවත් වු බව හෙළිවෙයි. තවත් කරුණ ක් නම් , වයඹ සිටි කම්බෝජවරුන්ගේ අසල්වැසි නිවැසියන් වු යෝන හෙවත් යවනයින් (ග්‍රීකයෝ) ගේ ජනාවාසද , අනුරාධපුරයේ පණ්ඩුකාභය නම් ස්ථානයේ තිබුණ බවට පුරාණ සාක්ෂියක් මහාවංශයේ තිබෙන බවයි.
කාම්බෝජවරු ක්‍රියාකරී ලෙස වෙළද කටයුතු වල යෙදුනු බව ‘ප්‍රධාන කාම්බෝජ වෙළද සංගමය’ (කබොජිය මහප්‍රගියන) සහ ‘කාම්බෝජ සංඝ’ (ගොට - කබොජි(ය) න)යනාදී වශයෙන් තිබෙන පුරාණ විස්තර වලින් පැහැදිලි වේ. විද්වතුන් මෙම ශිලා ලේඛණගත සටහන් ක්‍රි.පු. 3වන සියවසේ (හෝ ඊටත් පෙර) ඒවා ලෙස දින වකවානු නියම කර ඇත. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් ආර්ය භාෂා කථා කරන අය බොහෝ විට වයඹ කාම්බෝජයෙන් ද කොටසක් ශක (මුරින්ද) සහ යවන ජනපද වලින්ද පැවත එන බව මෙයින් අදහස් වේ.
References
[සංස්කරණය]http://en.wikipedia.org/wiki/History_of_Sri_Lanka#Dravidians