ද්‍රව්‍ය සංස්කෘතිය

විකිපීඩියා වෙතින්

ගල් යුගයේ ආහාර රටාව[සංස්කරණය]

ගල් යුගයේ ජීවත් වූ මිනිසුන්ගේ ආහාර වූයේ ඔවුන් ජීවත් වූ ස්වභාවික පරිසරයෙන්ම සොයාගත් ශාක හා සතුන්ය.මොවුහු සතුන්ගේ අක්මාව,වකුගඩු සහ මොලය වැනි කොටස් ඇතුලත්ව සත්ව මාංශ කෑමට වැඩි ප්‍රියතාවයක් දැක්වුහ. ඔවුහූ කිරි ආහාර, ධාන්‍ය මෙන්ම කාබෝහයිඩ්‍රේට් අධික ශාක ආහාරද ආහාරයට ගත්හ.එසේම කොල වර්ග හා අල වර්ගද එළවළු, පලතුරු සහ දඩයම් කරගත් සතුන්ද ආහාරයට ගෙන ඇත. දැනට හමුව ඇති සාක්ෂිවලින් පිළිබිඹු වන්නේ මිනිස් ක්‍රියාකාරකම් හා ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම අතර සම්බන්ධය අවුරුදු 23000 ක් තරම් ඈත අතීතයට දිව යන බවකි. විස්කොන්සින්හි හිම දිය වීමට ආසන්න කාලයේ , එනම් වසර 15000 කට 9000 කට පෙර ආසියාව, යුරෝපය , උතුරු අමෙරිකාව, සහ ඕස්ට්‍රේලියාවේ මෙගෆවුනා ඇති විය.මෙය ප්‍රථම හොලෝසිනේ හි අභාවය විය. මෙම සිදුවීම එකල විසු මිනිසුන්ගේ ආහාර ගැනීමේ පුරුදු වෙනස් කිරීම කෙරෙහිද, නව කෘෂිකාර්මික ක්‍රමවේදයන්ගේ වැඩි දියුණුව කෙරෙහි ද බලපාන ලදී. එසේම ශාකමය ආහාර ,ආහාර වේලේ ස්ථිර කොටසක් බවටද පත් විය. සමහරවිට මෙම අභාවයට හේතු වන්නට ඇත්තේ මිනිසුන් විසින් ලොම් සහිත මැමත් වැනි විශාල සතුන් වැඩියෙන් දඩයම් කිරීම නිසා එම සතුන් අභාවයට පත්විය. නමුත් වෙනත් විද්‍යාඥයින් විශ්වාස කරන ආකාරයට නම් කාලගුණ විපර්යාසයක් නිසා මේ තත්ත්වය ඇතිවිණි. පේලියොලිතික් මානවයා ප්‍රථම වරට සකස් කරගත් බීම වර්ගය බීර ලෙස සැලකේ. සත්ව හමින් සෑදු මලු තුළ හෝ ලී බදුන් තුළ ස්වභාවිකව මිදි පැසවා පානය කිරීමට ඔවුන් පුරුදු වී සිටියහ.

සටහන[සංස්කරණය]

| Stone_Age |}

"https://si.wikipedia.org/w/index.php?title=ද්‍රව්‍ය_සංස්කෘතිය&oldid=471407" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි