ද්වි උරුම වාදය

විකිපීඩියා වෙතින්

දිවී උරුමවාද යනු මිනිසා ජානමය සහ සංස්කෘතිකමය යන අංශ දෙකෙන්ම පරිණාමයට ලක්වූ බවට ඉදිරිපත් කරන ලද මතවාදයකි.මෙම ද්වි උරුම වාදය පිළිබඳ මතය ගෙන එන ලද්දේ 1970 දශකයේ අග භාගයත් 80 දශකයේ මුල් භාගයත් අතර කාලවකවානුව තුළදීයි. මෙය, ජානමය දියුණුව මත මිනිසාගේ දියුණුව සිදුවූබවට හා සමාජයීය දියුණුව නිසා මානව දියුණුව ඇතිවූ බවට ඉදිරිපත් කෙරෙන මතවාදයන්ට අතරමැදි මතයකි. ද්වි උරුම වාදයේදී සංස්කෘතිය සැලකෙන්නේ කලක් තිස්සේ සමාජය විසින් මිනිස් මොළයට කාවද්දන ලද තොරතුරු සමුදායක් ලෙසය. සංස්කෘතික දියුණුව කෙරෙහි ජානමය දියුණුව කොතෙක් බලපා ඇතිද යන්න කෙරෙහි මෙහිදී මූලික වශයෙන් අවධානය යොමුවේ. ඩාවින් වාදය විසින් ජානමය දියුණුව බොහෝ ලෙස විස්තර කර ඇති නිසා සංස්කෘතිකමය අංග කොයි ලෙසකින් මේ කෙරෙහි සම්බන්ධ වේ දැයි මෙහිදී සොයා බැලේ.


දිවී උරුමවාද සිද්ධාන්තය[සංස්කරණය]

ද්වි උරුම වාදය විසින් පෙන්වා දෙන පරිදි මානවයාගේ ජානවල සහ සංස්කෘතිකමය වශයෙන් ඇතිවූ දියුණුව "හෝමෝසේපියන්” නම් නූතන මානවයාගේ දියුණුවට හේතු වී ඇත. ජානමය වෙනස්වීම් නිසා මානවයාගේ හැසිරීම් රටා වෙනස්වීමෙන් සංස්කෘතියද වෙනස්වූ බව පෙනී යයි. මේ අනුව පෙනී යන කරුණු 3 කි. එනම්,

(1) සංස්කෘතිය යනු අනුවර්තනයකි
සංස්කෘතිය යනු මිනිසා ජානමය වශයෙන් දියුණුවීමත් සමඟ, සමාජය මඟින් ලද දැනුමින් ඔවුන්ගේ මනසෙහි ඇතිකළ අනුවර්තනයන්ගේ ප්‍රතිඵලයකි.
(2) සංස්කෘතිය කාලයත් සමඟ වෙනස් වේ.
සමාජීය දැනුම කාලයෙන් කාලයට වෙනස් වත්ම, සංස්කෘතිය ද ටිකෙන් ටික වෙනස් වේ.
(3) සංස්කෘතිය සහ ජාන වෙනස්වීම් එකිනෙක සම්බන්ධිතය.

සංස්කෘතිකමය වෙනස්වීම් නිසා සමාජයීය සහ භෞතික වෙනස්කම් ඇතිවේ. උදාහරණයක් ලෙස, කෘෂිකාර්මික ජීවන රටාවට මිනිසා හැඩගැසුණු පසුව, ජානමය වෙනස්වීම් මගින් මිනිස් සිරුරට පිෂ්ඨය සහ ලැක්ටොස් අවශෝෂණය කිරීමේ හැකියාව ලැබිණි.

සමහර අවස්ථාවලදී, සංස්කෘතිකමය වෙනස්වීම් නිසා ජානමය වශයෙන් මිනිසාට අවාසිදායක දේ ද සිදුවේ. උදාහරණයක් ලෙස, කාර්මිකව දියුණු සමහර පෙදෙස්වල ජනගහණ වර්ධනය හීන වීම දැක්විය හැකිය.


සටහන්[සංස්කරණය]

Dual_inheritance_theory
"https://si.wikipedia.org/w/index.php?title=ද්වි_උරුම_වාදය&oldid=471508" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි