ද්වාරය:Transnational child protection

විකිපීඩියා වෙතින්

ළමා සංවර්ධන අමාත්යාංශය පිහිටුවීම[සංස්කරණය]

ලංකාවේ මුල්ම වරට ළමා සංවර්ධන අමාත්යාං ශයක් වෙනමම පිහිටුවීමට යෝජනා කරන ලද්දේ 2006 වසරේදිය. එය 2007.01.29 දින ළමා සංවර්ධන හා කන්තා අභිවෘද්ධි අමාත්යාං ශය ලෙස පිහිටුවීය. එම අමාත්යාං ශයට දෙපාර්තමේන්තු හා ආයතන 05 ක් ඇත 1 ළමා ලේකම් කාර්යාලය 2 ළමාරක්ෂක අධිකාරිය 3 පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව 4 කාන්තා කාර්යාංශය 5 ජාතික කාන්තා සභාව ඒ අනුව 2007.01.29 අති විශේෂ ගැසට පත්ර2ය මගින් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ප්රයතිපත්ති හා වැඩසටහන් සම්පාදනය කිරීම, පළාත් මට්ටමේ කමිටු සමග එම කටයුතු සම්බන්ධීකරණය, සමායෝජනය කිරීම හා පසු විපරම් කිරීම යන පාර්ලිමේන්තුව සතු බලතල ක්රි‍යාත්මක කිරීමේ අයිතිය ළමා ලේකම් කාර්යාලයට පවරා දී තිබේ. පසුව 2010 දී ළමා සංවර්ධන හා කන්තා කටයුතු අමාත්යාං ශය ලෙසත්, 2015 දී ළමා කටයුතු රාජ්යං අමාත්යාංතශය ලෙසත්, 2015 සැප්තැම්බර් නැවත කාන්තා අභිවෘද්ධි හා ළමා කටයුතු අමාත්යාං ශය ලෙසත් වෙනස් විය. 2018 වසරේදී එය නැවතත් කාන්තා හා ළමා කටයුතු සහ වියලි කළාප සංවර්ධන අමාත්ංාත ශය ලෙස නම් කෙරුණි.

ළමා ලේකම් කාර්යාලය පිහිටුවීම[සංස්කරණය]

ශ්රීල ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ‍කේන්ද්රී ය ජාතික ආයතනය වන්නේ ළමා ලේකම් කාර්යාලයයි. මෙය ශ්රී‍ ලාකිවේ ස්ථාපිත කරන ලද්දේ ජාත්ය න්තර ළමා වර්ෂයට (IYC) සමගාමීව 1979 ඔක්තෝම්බර් 01 දින සැළසුම් සහ ක්රිලයාත්මක කිරීමේ අමාත්යාං ශය යටතේය. ඉන් පසුව 1988 සෞඛ්යී අමාත්යාංුශය යටතේත්, 1994 දී ප්ර්වාහන, පාරිසරික හා වනිතා කටයුතු අමාත්යාං ශය යටතේත්, 1997 දී වනිතා කටයුතු අමාත්යාං ශය යටතේත්, 2000 වසරේ පිහිටු වු පරිවාස රජය යටතේ නිවාස සහ උතුරු නැගෙනහිර සංවර්ධන හා වනිතා කටයුතු අමාත්යාං ශය යටතේත්, 2001.12.24 දී නැවතත් සෞඛ්යු අමාතයාංශය යටතේත්, 2004.04.04 දී කාන්තා අභිවෘද්ධි හා කාන්තා සුභසාදන අමාත්යාං ශය යටතේත්, 2007.01.29 දින ළමා සංවර්ධන හා කන්තා අභිවෘද්ධි අමාත්යාං ශය යටතේත්. 2010 දි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්යාං ශය යටතේත් ස්ථාපිත කර ඇත.ඒ අනුව 2007.01.29 අති විශේෂ ගැසට පත්රළය මගින් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ප්රතතිපත්ති හා වැඩසටහන් සම්පාදනය කිරීම, පළාත් මට්ටමේ කමිටු සමග එම කටයුතු සම්බන්ධීකරණය, සමායෝජනය කිරීම හා පසු විපරම් කිරීම යන පාර්ලිමේන්තුව සතු බලතල ක්රිියාත්මක කිරීමේ අයිතිය ළමා ලේකම් කාර්යාලයට පවරා දී තිබේ. ළමා ලේකම් කාර්යාලය ආරම්භයේ සිට එනම් 1979.10.01 දින සිට මේ දක්වා අධ්යකක්ෂවරු සහ වැඩබලන අධ්යලක්ෂවරු 12 දෙනෙක් පාලනය කර ඇති අතර ආරම්භයේ සිට 2005.07.01 දින දක්වා අධ්යමක්ෂ, නියෝජ්යත අධ්යලක්ෂ සහ සහකාර අධ්ය ක්ෂවරුන් දෙදෙනෙක් පමණක් සමස්ථ ළමා ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ලෙස සේවය කර ඇත. මෙම කාලයතුල ලංකාව පුරා වැඩසටහන් ක්රසයාත්මක කලේ විවිධ අමාතයාංශවල නිලධාරින් හරහාය. උදාහරණ ලෙස1997 වන තෙක් සෘජුවම ළමා ලේකම් කාර්යාලයේ නිලධාරින් හරහාත් සෞඛ්යර අමාත්යාංකශයේ නිලධාරින් හරහාත් වැඩසටහන් ක්රිෘයාත්මක කරන ලදි. එසේම 1997 දී අධ්යා පන අමාත්යාං ශයේ නොවිධිමත් අධ්යා පන ව්යාතපෘති නිලධාරි හරහා සහ 1999 සිට 2005 දක්වා පරිවාස හා ළමාරක්ෂක සේව‍ටදෙපාර්තමේන්තුවේ ළමා හිමිකම් ප්ර‍වර්ධන නිලධාරි හරහා ක්රි1යාත්මක කරන ලදි. නමුත් 2004 උපාධිධාරින්හට රැකියා ලබා දීමේ වැඩසටහන යටතේ ප්රාහදේශිය ලේකම් කාර්යාල මට්ටමින් මුල් ළමාවිය සංවර්ධන සහකාර නිලධාරින් ලෙස නව නිලධාරින් 100 ක් බඳවාගන්නට අනුමැතිය ලැබුණු අතර 5005.07.01 දින ඔවුන් ප්රා්දේශීය ලේකම් කොට්ඨාස 98 කට සේවයේ යොදවන ලදි. මුලින්ම ලංකාවේ සියලු ප්රා දේශීය ලේකම් කොට්ඨාස කළාප 100 කට බෙදා එක් නිලධාරියෙකුට ප්රා්දේශීය ලේකම් කොට්ඨාස 03 ක්වත් වනසේ කළාප අනුව අනුයුක්ත කිරීමට සැළසුම් කර තිබුනත් පසුව ඒ සඳහා අනුමැතිය නොලැබුනි. ඒ හේතුව සහ සහ මෙතෙක් සේවයේ යෙදි සිටි නිලධාරින් සේවයෙන් ඉවත් විම නිසාම නැවත 2009.11.19 දින තවත් නැවත නිලධාරින් 24 දෙනෙකු බඳවාගෙන මුල් 100 සම්පුර්ණ කරන ලදි. ඉන් පසු 2013 අප්රේපල් මාසයේ උපාධිධාරින්ට රැකියා ලබා දීමේ වැඩසටහන යටතේ ප්රානදේශිය ලේකම් කාර්යාල 332 ම ආවරණය වන පරිදි නිලධාරින් බඳවා ගන්නා ලද අතර මේ වනවිට මුල් ළමාවිය සංර්ධන නිලධාරින් 228 දෙනෙකු ලංකාව පුරා සේවය කරයි. 1979 වසරේදී සමාජ සේවා අමාත්යාං ශය යටතේ ආරම්භ වූ ළමා ලේකම් කාර්යාලයට මේ වන විට වසර තිස් හයකි. බිංදුවේ සිට වසර පහක් යනතුරු දරුවා සම්බන්ධ වගකීම් රාශියක් පැවරී ඇත්තේ මේ ආයතනයටය. ළමා ලේකම් කාර්යාලයේ ප්ර්ධාන වගකීම වන්නේ ළමා ජාතික ප්රාතිපත්තිය සකස් කිරීම,යාවත්කාලීන කිරීම හා ක්රිලයාත්මක කිරීමය. දරුවන් සම්බන්ධයෙන් මවුපියන්,වැඩිහිටියන් හා පෙර පාසල් ගුරුවරුන් දැනුම්වත් කිරීම,මාර්ගෝපදේශන කටයුතු මෙන්ම දරුවන් වෙනුවෙන් සංවර්ධන ප්රෙමිතීන් සකස් කිරීම තවත් කටයුත්තකි. වසර පහකට වරක් මුල් ළමාවිය පිළිබඳ සංඝණන සමීක්ෂණයක් කර ‍වාර්තාවක් සැකසීම තවත් කාර්යය භාරයකි. දරුවන්ට අවශ්ය් පෙර පාසල් උපකරණ ලබාදීම පෙර පාසල් ඉදිකිරීමට අවශ්යී විවිධ උපකාර ලබාදීම ද දරුවන්ට කිරි වීදුරුවක් දීමට කටයුතු කිරීම ද ඒ අතර ඇති තවත් සේවාවන්ය. ගර්භණී මවුවරුන්ට පෝෂණ දීමනාව ලබාදීම ළමා ලේකම් කාර්යාලයට පැවරුණු අලුත් කාර්යයයි.මෙකී කාරණා ඉටුකිරීම පිණිස ළමා ලේකම් කාර්යාලයේ නිලධාරි ජාලයක් ලංකාව පුරා විසිරී සිටිති. ප්රාටදේශීය ලේකම් කාර්යාලයට එක් නිලධරයකු බැගින් ද,දිස්ත්රිකක් ලේකම් කාර්යාලයකට එක් නිලධාරියකු බැගින් ද පත් කර සිටී.

ජේ.ඊ. සුධීර රත්නායක, දිස්ත්රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරි, දිස්ත්රික් ලේකම් කාර්යාලය, මොනරාගල.

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:Transnational_child_protection&oldid=442060" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි