දළ විශ්ලේෂණය-මුද්‍රණ ශිල්ප

විකිපීඩියා වෙතින්

මුද්‍රණ ශිල්පක‍්‍රමයන් පහත දැක්වෙන මූලික ප‍්‍රවර්ගයන්ට බෙදිය හැක. x උන්නත මුද්‍රණය : මෙහිදී අච්චුවේ මතුපිට ඔස්සේ තීන්ත යොදනු ලැබේ. උන්නත ශිල්ක‍්‍රමයන්ට ලී අච්චු මුද්‍රණ ක‍්‍රම ඇතුලත් වෙයි. x ඉන්ටාලියෝ : මෙහිදී තීන්ත අච්චුව තුලට ගමන් කරයි. මෙම ශිල්පක‍්‍රමයට තහඩු මුද්‍රණය, නිරේඛනය, මෙද්සොටින්ට් විධික‍්‍රමය, ඇක්වාන්ටින්ට් සහ ලෝහිඳ ක‍්‍රමය අයත් වේ. x තලග‍්‍රාපිත මුද්‍රණය : මෙහිදී රූපය නිර්මාණය කිරීම සඳහා අච්චුව සමහර කොටස් වෙත තීන්ත යොදනු ලබයි. මෙම ශිල්පක‍්‍රමයන්ට ලිතෝග‍්‍රපි, ඒකදර්ශී මුද්‍රණය සහ ඩිජිටල් ශිල්පක‍්‍රම අයත් වේ. x ස්ටෙන්සිල් : ස්කී‍්‍රන් මුද්‍රණය මෙයට අයත් වේ. x දුස්ස‍්‍රාවී මුද්‍රණය මෙම කාණ්ඩයන්ගෙන් බැහැර වෙනත් මුද්‍රණ ශිල්පක‍්‍රමයන්ට කොලෝෆ‍්‍රැෆි සහ ලෝපත් මුද්‍රණය අයත් වේ. නූතන මුද්‍රණ ශිල්පක‍්‍රමයන්ට ඩිජිටල් මුද්‍රණ යන්ත‍්‍ර සහ ඡායාරූපකරණ මාධ්‍ය සහ ඩිජිටල් හා සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදයන්ගේ සංයෝගයක් සහිත ක‍්‍රමවේදයන්ද අයත් වෙයි. එකම කාණ්ඩයට අයත්වන ශිල්පක‍්‍රම දෙකක් හෝ ඊට වැඩි ගණනක සංයෝගයක් ලෙසින්ද යොදාගත හැක.