Jump to content

දළ මරණ අනුපාතිකය

විකිපීඩියා වෙතින්
ලෝකයේ අසම්පූර්ණ මරණ අනුපාතිකය රටවල් අනුව

දළ මරණ අනුපාතිකය යනු ජනගහන කොටසක් සැලකූ විට කාල ඒකකයක් තුළ සිදුවන මරණ සංඛ්‍යාව ලෙස අර්ථ දැක්විය හැක. සාමාන්‍යයෙන් ජනගහනයෙන් 1000 කට සිදුවන මරණ සංඛ්‍යාව මෙහි අර්ථකතනයයි. නමුත් මෙම අනුපාතය රෝග සහ අනෙකුත් ආසාධන වලදී සීඝ්‍ර ලෙසින් මියයන මරණ සංඛ්‍යාව හා සසඳන විට වෙනස් වේ.

පැහැදිලි කිරීම්:

  • දල මරණ අනුපාතිකය - ජනගහනය 1000 කට කාල ඒකකයක් තුළ සිදුවන මරණ සංඛ්‍යාව
  • මාතෘ මරණ අනුපාතිකය - උපත් 100,000 කදී ගැබිනි සහ ප්‍රසූති මරණ සංඛ්‍යාව
  • ළදරු මරණ අනුපාතිකය - අවු.1 ට අඩු ළදරුවන් 1000 කින් සිදුවන මරණ සංඛ්‍යාව
  • ළමා මරණ අනුපාතිකය - අවු.5 ට අඩු ළමුන් 1000 කින් සිදුවන මරණ සංඛ්‍යාව
  • සම්මත දළ මරණ අනුපාතිකය(SMR) - (අවු16-65 සහ 65+) ජනගහනය 1000 කට කාල ඒකකයක් තුළ සිදුවන මරණ සංඛ්‍යාව

ඖෂධ ප්‍රතිකාරද මෙම අනුපාතිකය අඩු වැඩි වීමට බලපා ඇති බව පැහැදිලිය. එනම්,

1) ඖෂධ ප්‍රතිකාර වැරදීම, වැදගත් ප්‍රතිකර්ම නොලැබීම.
2) ප්‍රතිකර්ම කිරීමට ප්‍රමාදවීම,

යන හේතූන් දළ මරණ අනුපාතිකය වැඩි වීමට බලපා ඇත.

දළ මරණ අනුපාතිකයේ මුලු ජනගහනය හා සැලකූවිට යම් යම් අඩුපාඩු දක්නට ලැබේ. උදාහරණ ලෙස ජනගහනය 1000 කට කාල ඒකකයකදී මියයන අනුපාතය සංවර්ධිත රටවලට වඩා සංවර්ධනය වෙමින් පවතින රටවල සාපේක්ෂ වශයෙන් වැඩිය. එමෙන්ම සංවර්ධිත රටවල මහලු ජනගහනය වැඩි අගයක් ගන්නා අතර එම අගය සංවර්ධිත රටවල අඩු අගයක් ගනී. බොහෝ විට ජීවන චක්‍රය රූපරාමුවක වෙන වෙනම වයස් වල මරණ සාරාංශ ගත කර ඇත. එමෙන්ම මෙම ජීවන චක්‍රය මගින් රටක ජනගහනයේ ආයු අපේක්ෂාවද ගණනය කල හැක.

Death_rate

"https://si.wikipedia.org/w/index.php?title=දළ_මරණ_අනුපාතිකය&oldid=606758" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි