දහ නව වන ශතවර්ෂය

විකිපීඩියා වෙතින්

දහ නව වන ශතවර්ෂය

19 වන ශතවර්ෂයේ ඇති වු කාර්මික විප්ලවය හේතුවෙන් මිනිසුන් විශාලා වශයෙන් දකු‍ණු වේල්ස් නිම්න වෙත ආගමනය විය. ඒ අතරින් බොහෝ පිරිසක් ඉංග්‍රිසි ජාතිකයන් වු අතර සමහර අය දේශිය ප්‍රජාව සමග සම්බන්ධ විමේ අදහසින් වේල්ස් හි භාෂාව ඉගෙන ගැනීමට උත්සාහ කලහ. ඒ සමගම පොත්, වාරික සගරා, පත්තර, කවි, බැලට් නාට්‍ය හා දේශන සදහා තිබු ඉල්ලුම වැඩි වෙන්නට විය. චාලට් ගෙස්ට් මෙනවිය, ලැනෝවර් මෙ‍නවිය වැනි ධනවත් ආදායම් ලාභින්, රාජ්‍යය ධනවත් සංස්කෘතියක් කරා යොමු කිරීමට ක්‍රියාකාරිව සහයෝගය දුන් අය වේ. වේල්ස් හි සාහිත්‍ය උත්සව ජාලය හේතුවෙන් ලිපි හා සෑම ආකාර‍යකම කවි දියුණු විය.

තරගයන්හිදි කවීන් ඔවුන්ගේ අනන්‍යතාවය සගවා තබා ගැනීමේ අදහසින්, ඔවුන්ගේ විරිදු කියන නාමයන් (බ්‍රැඩික් නාමයන්) භාවිතා කලෝය. ජනප්‍රිය වීමෙන් පසු වද ඔවුන් එම නාමයන්ම භාවිතා කළහ. ඊවන් ඊවන්ස් (ඉයන් ශ්ලෙන් ජර්නොයිඩ්), ජෝන් බැල්ක්මෙල්, විලියම් තෝමස් හා ‍ජෝන් සිරියොග් හුග්ස් යන අය එම ශතවර්ෂයේ බොහෝ පැසසුම් ලත් කවීන් වුහ. ඔවුන් බාවිතා කළ බ්‍රැඩික් නාමයන් පිළිවෙලින් 'ඇලන්'. 'ඉස්වෙයින්' සහ සිරියොග් වේ.

වේල්ස් හි වේග ශක්තිය හැදින ගැනීමට නවකතාකරැවන් ප්‍රමාද විය. අන්කල් ටොම්ස් කැබින වැනි පරිවර්තන පැවතියත්, පිලිගත් ප්‍රථම නවකථාකරැ ඩැනියල් ඕවන් වු අතර රේස් ලොවිස් (1885) හා ඉනොක් හව්ස් (1891) ඔවුන් අතර විය.

"https://si.wikipedia.org/w/index.php?title=දහ_නව_වන_ශතවර්ෂය&oldid=472122" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි