දහම් සිතුවිලි

විකිපීඩියා වෙතින්

දහම් සිතුවිලි[සංස්කරණය]

ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදු පියානන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.....![සංස්කරණය]

එදිනෙදා ජීවිතයේදී ඔබට මෙන්ම අපටද බොහෝ දුක් කම්කටුලු වලට මුහුන පෑමට සිදුවේ. ඒ එන්නා වූ අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යමින් තම ජීවිතය ජයගැනීමට බුදු දහමෙන් ඉමහත් ආශිර්වාදයක් ලැබේ. ඒ බුදු දහමේ සාරය රැගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගැනීමට මෙම දහම් සිතුවිලි පෙල උපකාරයක්ම වේවා.....ධර්ම.දානයක්ම වේවා.....!

සාදූ...සාදූ....සාදූ...


1“ධම්මෝ හවේ රක්කති ධම්ම චාරී”

  ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලබයි.


1.  පන්සල ශාන්ත තැනකි. පින් කරන තැනකි. පින් පුරන තැනකි. ඒ නිසා පන්සලට ගරුකරන්න පුරුදු වෙන්න. පිරිසිදුව තබාගන්න.

2.  අලෝභ, අද්වේෂ, අමෝහ යන ත්‍රිවිද කුසල් මූලය මුල්කරගෙන දාන, සීල, භාවනා ආදී කුසල් වඩන්න.

3.  බෞද්ධයෙකු වන්නේ තෙරුවන්සරණ යාමෙනි.

4.  ආශාවන් අඩුවෙන තරමට දුකද අඩුවෙන බව සිහි කරන්නත

5.  අනුන් ගැන නොසොයා තමන් ගැන සොයා යහපත් දේ නිතර කරන්න පුරුදු වෙන්න.

6.  අනුන්ගේ සැපයට ,දියුණුවට ඊරිෂියා නොකරන්න.

7.  තමාගේ දියුණුව තමාම බව සිතන්න.

8.  කියන දේ කරන, කරන දේ කියන අවංක පුද්ගලයෙකු                 වන්න.

9.  රෝගීන්ට, අසරණ වූවන්ට හැකිපමනින් පිහිට වෙන්න.

10.                  සුරාව සූදුව ධන විනාශයට හේතුවක් බව සිතන්න.

11.                  ලදදෙයින් සතුටු වන්න.

12.                  පාප මිත්‍රයින් ඇසුරෙන් වලකින්න.

13.                  සද්ධර්මය නිරතුරුව ශ්‍රවනය කරන්න.

14.                  අසන ධර්මය සිහිනුවනින් විමසා, අසා ක්‍රියා කරන්න.

15.                  පිරිසිදු සිතින් කරන කියන දේ ඉටුවෙන බව සිතන්න.

16.               ජාති, ආගම්, කුල නොසලකා සැවෙම ඒකාමෙන් සිතන්න

17.               සත්ව ඝාතනයෙන් හා හිංසාවෙන් වළකින්න.

18.               සිත, කය, වචනය සංවර කරගන්න.

19.               සැමවිට යහපත් සිතුවිලි වඩන්න.

20.               නිතර අනිත්‍ය මෙනෙහි කරන්න.

තෙරුවන් සරණයි.....![සංස්කරණය]

නිර්මාණය - ශ්‍රද්ධා ධහම් ප්‍රදීපය සංවිධානය ප්‍රධාන කාර්්‍යාලයේ සදහම් කාර්්‍යයකි.[සංස්කරණය]

ශ්‍රද්ධා ධහම් ප්‍රදීපය සංවිධානය

වෙන්දේසිවත්ත

හෙට්ටිපොල

"https://si.wikipedia.org/w/index.php?title=දහම්_සිතුවිලි&oldid=469398" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි