දර්ශීය ආහාර මාර්ග පටක සැලැස්ම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

දර්ශීය ආහාර මාර්ග පත්ක සැලැස්මෙහි ප්‍රධාන පටක ස්ථර 4කි. ඒවා නම්,

  1. මස්තු පටලය
  2. පේශි ස්ථරය
  3. අධඃ ශ්ලේෂ්මලකය
  4. ශ්ලේෂ්මලකය

මස්තු පටලය[සංස්කරණය]

පිටතින්ම පිහිටන පටක ස්ථරයයි. තන්තුමය සම්බන්ධක පටකයකින් සෑදී ඇත. මෙය උදරච්චදය මගින් මායිම් වී ඇත. උදරච්චදය නැමීමෙන් අතුණුබහන් සාදයි. අතුණුබහන් හරහා ආහාර මාර්ගයට රුධිර වාහිනී, ස්නායු, වසා වාහිනී සම්බන්ධ වේ.

  • උදරච්චදය තෙත සහ සිනිඳු වීම නිසා ආහාර මාර්ගය, උදර බිත්තිය සමඟ හා ආහාර මාර්ගයේ කොටස් අතර ඝර්ෂණයට ලක් වීම වලකී.
  • අතුණුබහන් මගින් ආහාර මාර්ගය පෘෂ්ටීය ශරීර බිත්තිය ට එල්වා තබා ගනිමින් එය උදර කුහරය තුල අවලම්බනය කර තිබේ.

පේශි ස්ථරය[සංස්කරණය]

මස්තු පටලයට ඇතුලතින් පිහිටන පටක ස්ථරයයි. මෙය සිනිඳු පේශි පටක වලින් සෑදී තිබේ. මෙහි පේශි තන්තු පිටතින් පිහිටන අන්වායාම පේශි ස්ථරයකට සහ ඇතුලතින් පිහිටන වෘත්තාකාර පේශි ස්ථරයකට සකස් වී තිබේ. මෙම පේශි ස්ථර දෙවර්ගය අතර ස්වයං සාධක ස්නායු ප්‍රතානයක් වන අවුර්බක් ස්නායු ප්‍රතානය ඇත. ආහාර මාර්ගයේ වෘත්තාකාර පේශි ස්ථරය ඝනකම් වූ ස්ථාන වල චක්‍ර පිධාන පිහිටා තිබේ. වෘත්තාකාර සහ අන්වායාම පේශි ස්ථර වල ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරීත්වයෙන් ආහාර මාර්ගයේ ක්‍රමාකුංචන චලන ඇති කරයි. මෙය ආහාර, ආහාර මාර්ගය දිගේ ගමන් කරවීමට වැදගත් වේ. තවද ආහාර පොඩි කිරීම සහ මිශ්‍ර කිරීමට වැදගත් වන චලන ඇති කරයි. චක්‍ර පිධාන මගින් ආහාර මාර්ගය දිගේ පාලනයකින් යුක්තව ආහාර ගමන් කිරීමට ඉඩ ලබා දේ. ස්නායු ප්‍රඨාන මගින් පේශි ක්‍රියාකාරීත්වය සමායෝජනය කරයි.

අධඃ ශ්ලේෂ්මලකය[සංස්කරණය]

පේශි ස්ථරයට ඇතුලතින් පිහිටන පටක ස්ථරයයි. මෙය ලිහිල් සම්බන්ධක පටකයකින් සෑදී තිබේ. මෙහි රුධිර වාහිනී, ස්නායු, වසා වාහිනී ඇත. ඇතැම් ස්ථාන වල ග්‍රන්ථි දක්නට ලැබේ. මෙහි ස්වයං සාධක ස්නායු ප්‍රතානයක් වන මිස්නර් ස්නායු ප්‍රතානය ඇත. මෙය පේශි ස්තරයට ආසන්නයේ අධඃ ශ්ලේෂ්මලකය තුල ඇත.

  • අධඃ ශ්ලේෂ්මලකය මගින් ශ්ලේෂ්මලකය සහ පේශි ස්ථරය එකට බැඳ තබා ගනී. ධමනි, ශිරා, ස්නායු ගමන් කිරීමට ඉඩ ලබා දෙයි. සමහර ස්ථාන වලදී ග්‍රන්ථි පිහිටීමට ඉඩ ලබා දෙයි.

ශ්ලේෂ්මලකය[සංස්කරණය]

අධඃ ශ්ලේෂ්මලකයට ඇතුලතින් පිහිටන පටක ස්ථරයයි. මෙය උප ස්ථර තුනකින් සෑදී තිබේ. මේවා පිටත සිට ඇතුලට පිලිවෙලින් පහත පරිදි වේ.

  1. පේශි ශ්ලේෂ්මලකය
  2. නෛජය තලාව
  3. අපිච්චදය

පේශි ශ්ලේෂ්මලකය[සංස්කරණය]

ශ්ලේෂ්මලකයේ පිටතින්ම පිහිටන පටක ස්ථරයයි. සිනිඳු පේශි පටක වලින් සෑදුනු තුනී ස්ථරයකි.

  • ආහාර මාර්ගයේ අනෙකුත් පටක ස්ථර වලින් ස්වාධීනව ශ්ලේෂ්මලකය චලනය කර ආහාර හොඳින් අපිච්චදය සමඟ ගැටීමට සලස්වයි. එමගින් ආහාර ජීර්ණය සහ අවශෝෂණය කාර්යක්ෂම වේ. මෙයට සම්බන්ධව මයන්ටෙරික ස්නායු ප්‍රතානයක් ඇත.

නෛජය තලාව[සංස්කරණය]

ලිහිල් සම්බන්ධක පටකයකින් සෑදී ඇත. පේශි ශ්ලේෂ්මලකයට ඇතුලතින් පිහිටයි. ලිහිල් සම්බන්ධක පටකය තුල ගිලී ධමනි, ශිරා, ස්නායු, වසා වාහිනී ඇත. ඇතැම් විට ග්‍රන්ථි ද පිහිටයි.

  • අපිච්චදය පේශි ශ්ලේෂ්මලකයට බැඳ තබා ගැනීම සඳහා වැදගත් වෙයි.

අපිච්චදය[සංස්කරණය]

නෛජය තලාවට ඇතුලතින් පිහිටන පටක ස්ථරයයි. මෙමගින් ආහාර මාර්ග කුහරය ආස්තරණය කරයි. මෙය සරල ස්ථම්භික අපිච්ඡදයකින් සෑදී ඇත.

  • ආරක්ෂාව, ශ්‍රාවය, අවශෝෂණය සහ සංවේදනය වැනි කෘත්‍යයන් ඉටු කරයි.