දකුණු වියට්නාමය
Jump to navigation
Jump to search
දකුණු වියට්නාමය යනු, 1975 දක්වා දකුණු දිග වියට්නාමය පාලනය කල රාජ්‍යයකි. 1950දී "වියට්නාම රාජ්‍යය" (1949–55) ලෙසින් ද පසුව "වියට්නාම සමූහාණ්ඩුව" (1955–75) ලෙසින්ද එය ජාත්‍යන්තර පිළිගැනුම ලද්දේය. එහි අගනුවර වූයේ සයිගොන් නගරයයි. "දකුණු වියට්නාමය" සහ "උතුරු වියට්නාමය" යන පද පොදු භාවිතයට එක්වූයේ, 1954 දී 17වන සමාන්තරය ඔස්සේ, කොමියුනිස්ට් සහ කොමියුනිස්ට්-නොවන කලාප ලෙසින්, වියට්නාමය බෙදා වෙන් කෙරුණු ජිනීවා සම්මන්ත්‍රණය සමගිනි.