Jump to content

තෙල් කරවැලා

විකිපීඩියා වෙතින්
තෙල් කරවැලා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
Phylum: Chordata
Subphylum: Vertebrata
වර්ගය: Reptilia
ගෝත්‍රය: Squamata
උපගෝත්‍රය: Serpentes
කුලය: Elapidae
ගණය: 'Bungarus'
විශේෂය: ''B. caeruleus''
ද්වීපද නාමය
Bungarus caeruleus
(Schneider, 1801)
Synonyms

Pseudoboa caerulea Schneider, 1801
Bungarus candidus Var. CÆRULEUS Boulenger, 1896

ලංකාවේ ගොඩබිම වාසය කරන උග්‍රම විෂ සහිත සර්පයා ලෙස හැඳින්වේ.දේහයේ පෘෂඨිය පැත්ත කළු මිශ්‍ර දුඹුරු පැහැයක් ගනී.හොඳින් දිලිසෙන සුළුය.දිග අඩි 3-31/2ක් පමණ වේ.රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී සර්පයෙකි.මිනිස් වාසස්ථාන අසල, දිරාපත් වූ කොළ රොඩු අතර, ලී, ගල්, වියළි තණකොළ අතර වැඩි වශයෙන් දක්නට ලැබේ.කලබලයට හෝ බියට පත් වූ විට ගුලි ගැසී ඒ තුළ හිස සඟවා ගැනීමට උත්සාහ ගනී.ශ්‍රී ලංකාවේ වියළි හා ශුෂ්ක කලාප වල බහුලව දක්නට ලැබේ.මෙම සර්පයාගේ විෂ ග්‍රන්ථි තුළ මිනිස් ස්නායු පද්ධතිය විනාශ කිරීමේ හැකියාවක් ඇති 'ස්නායු විෂ' නිපදවේ.ගැහැණු සතෙකු වරකට බිත්තර 6-8ක් පමණ දමයි.මොහු සර්පයන් ආහාරයට ගනී.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=තෙල්_කරවැලා&oldid=712774" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි