තුන් පිම්ම

විකිපීඩියා වෙතින්

තුන් පිම්ම ජවන හා පිටිය අංගයක් ලෙස තුන් පිම්ම සැලකිය හැකිය. මීට පෙර එය හැඳින්වූයේ "hop, step and jump" යනුවෙන් තරඟකරුවන් අනුගමනය කරන්නාවූ පියවර අනුව. ක්‍රීඩකයන් පථයක් මත දුව විත් ලකුණු කරන ලද යම් කිසි ස්ථානයක සිට සිය පිම්ම ක්‍රියාත්මක කරනු ඇති. පිම්මේ ප්‍රමාණය මනිනුයේ මෙම ලෑල්ල හෝ සලකුණු කරනු ලැබූ ස්ථානයේ සිටයි. ආරම්භක ස්ථානය ලකුණු කර ඇති ලෑල්ලේ මැටිවලින් හෝ මෙලෙක් තීරුවලින් අලවා සකසා ඇත. එය ක්‍රීඩකයින් සිය සීමාව ඉක්මවා පියවර තබන්නේ දැයි සලකුණු කර ගැනීමටයි. පළමු පතිත වීම කළ යුත්තේ ආරම්භක පියවර තැබූ පාදයෙන්මය. ඊළඟ පියවර, පියවර තැබීමයි. ඒ විරුද්ධ පය භාවිතයෙන් ඉන්පසු වැලි පිරුණු වලකට පැනීම සිදු කෙරේ. මෙම වල දුර පැනීම සඳහා පිළයෙල කරන්නා වූ වලටම සමානය. ආරම්භක පියවර සීමාව ඉක්මවා තැබීම, වලට පිටතින් පැනීම, හෝ නියමිත කාල සීමාව (සාමාන්‍යයෙන් විනාඩිය) ඇතුළත් පිම්ම කිරීමට උත්සාහ නොකිරීම ක්‍රීඩකයාගේ පිම්ම අවලංගු වීමට හේතු වේ.

International University Sports Federation - Gwangju 2015 - Men's Triple Jump Final, Dmitrii SOROKIN (RUS 17.29) wins Gold.

1896 පැවැති නූතන ඔලිම්පික් ක්‍රීඩා තරඟයේ සිටම තුන්පිම්ම ජනප්‍රිය ක්‍රීඩා අංගයකි. ඊට අමතරව පළමු ඔලිම්පික් ශූරයා වූයේ ද තුන් පිම්ම අංගය කළ ජේම්ස් කොනොල්ලි ක්‍රීඩකයාය. 1996 කාන්තා තුන් පිම්ම අංගය ද ඔලිම්පික් ක්‍රීඩා අංග අතරට එක්විය. එහි දී එළිමහන් සේම ගෘහස්ථ ශූරතාවයන් යන අංග 2 ක ටම ඇතුළත්ය.

මෙම පිම්ම සාර්ථක කර ගැනීමට ක්‍රීඩකයා තුළ වේගය, ජවය, රිද්මය හා නොපසුබට බව යන ගුණාංග වර්ධනය වී තිබිය යුතුය. එහෙත් ‍සීමා සහිත දක්ෂතා ඇති ක්‍රීඩකයන්ට වුව ද තාක්ෂණය දියුණු කිරීමෙන් මෙය කළ හැකිය. මීටර් 13 හා 14 ඉක්මවා සාර්ථක පිම්මක් සඳහා ක්‍රීඩකයාට තත්පර 12ක් ඇතුළත මීටර් 100 ක් දිවීමේ හැකියාව ඇති වේගයක් සහ බර පිළිබඳ පුහුණුවීම් plyometrics සහ තාක්ෂණ ක්‍රියාකාරකම් සම්පූර්ණ කළ යුතු වේ. විශේෂ දක්ෂතා ඇති ක්‍රීඩකයන් සඳහා අවශ්‍ය කරන සුදුසුකම් ඇත්නම් සාර්ථකව ජාත්‍යන්තර තලයට ළඟාවිය හැකිය. එසේ විශේෂිත දක්ෂතා ඇති ක්‍රීඩකයෙකි බ්‍රිතාන්‍ය ජාතික තුන්පිමි ක්‍රීඩකයා. ඔහුගේ දුර මීටර් 16.50 ක් ද වේගය 11.5 ක් ද වේ. (මීටර් 100ට)

ලෝක වාර්තා තබා ඇති පිරිමි ක්‍රීඩකයා වන්නේ බ්‍රිතාන්‍ය ජාතික ජොනතන් ඒඩ්වර්ඩ් (Jonathan Edwards) ඔහුගේ දුර මීටර් 18.29 අතර කාන්තා ශූරතාවය යුක් රේන් ජාතික ඉනෙස්සා ක්‍රැවෙනටිස් විසින් (15 – 50m) තබා ඇත. ලෝක ගෘහස්ථ ශූරතාවය දිනාගනු ලැ‍බුවේ කියුබානු ජාතික ඇලිසර් වූටියා (Aliecer Urrutia) සහ ස්වීඩන් ජාතික ක්‍රිස්ටියන් ඔල්සන් (Christian Olsson) විසින් මීටර් 17.83 සම වාර්තා තබා ඇත. එසේම ගෘහස්ථ ලෝක කාන්තා ශූරතාවය දිනා ඇත්තේ රුසියානු ජාතික මටියානා ලෙබෙඩෙවා (Tatyana Lebedeva) විසින් 2004 IAAF ලෝක ශූරතා තරඟාවලියේ දීය.

"https://si.wikipedia.org/w/index.php?title=තුන්_පිම්ම&oldid=365440" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි