තිරසාර වන සංවර්ධන විද්‍යාව

විකිපීඩියා වෙතින්

තිරසාර වන සංවර්ධන විද්‍යාව යනු වන කළමාණාකරන සංකල්පයකි. නොනැසී පවත්වාගෙන යන්නට අපි උත්සාහ කරන වන භාණ්ඩ හා සේවා කාණ්ඩයට අනුව, තිරසාර වනාන්තර කළමණාකරණයෙන් හා තිරසාර අස්වනු වන සංවර්ධන විද්‍යාවෙන් මෙම සංකල්පය වෙනස් වෙයි. තිරසාර වන සංවර්ධන විද්‍යාවේ මූලික පිළිගත් මතය වන‍්නේ වනාන්තරයෙන් ලබා ගන්නා භාණ්ඩ හා සේවා ප්‍රමාණය, එම වනාන්තරය නිෂ්පාදනය කළ යුත්තේ, පස, දියබස්නා ලක්ෂණ හෝ බීජ මූලාශ, අනාගතය වෙනුවෙන් විනාශ නොවන මට්ටම දක්වා පමණක් යන්නයි. ඒ වගේම මෙම සංකල්පයෙන් අදහස් කරන්නේ මිනිසාගේ භාවිතය මඟින් වනයට දැක්විය යුතු ගෞරවය අඩු කිරීමක් හෝ අනෙක් සත්වයනිට පාවිච්චි කිරීමට ඇති වනාන්තර ප්‍රමාණය විනාශ කිරීමක් හෝ සිදු නොවන බවත් මිනිසාගේ භාවිතය මඟින් අවසානයේ සාරවත් පරිසර පද්ධතියක් ලබා ගැනීමට උපකාරී වන බවත්ය. වන සංවර්ධන විද්‍යාව යන පදයෙන් අදහස් කරන්නේ මිනිස් වාසි සඳහා පාවිච්චි කරන්න නමුත් වනාන්තර තිරසාර කරන්න යන්නයි. එනම් මිනිසා වනාන්තරවලින් ලබා ගැනීමට අපේක්ෂා කරන භාණ්ඩ හා සේවා යන අමතර නිෂ්පාදිත වන, දැව, වෙනත් නිපැයුම්, වන ජීවිත සහ අනෙකුත් සම්පත් ලබා ගත යුත්තේ සාරවත් පරිසර පද්ධතියක් සෑදීම සඳහා මනාව කළමණාකරණය කර ගනිමින් යන්නයි. පැහැදිලි ජලය, වන ජීවිත, නිර්මාණය කරන ලද ස්වාභාවික වැස්ම සහ ස්වාභාවික පුනරුත්තාපනය සඳහා වෙන් කළ බීජ ශාක සහිත වනාන්තරය යන මේවා තිරසාර වන සංවර්ධන විද්‍යාවට ඇතුළත්ය. සංවේදී පරිසර පද්ධති යනු උස ශාක පමණක් නොව වනාන්තයේ සියළුම වස්තූන් එක්ව ගත් කළ සලකන දේයි. මුළු වනාන්තරයේ අයිතිය ය‍ටතේ පවතින ශාකවල සිට විවිධ ප්‍රමාණයේ ප්‍ර‍දේශ සඳහා පවතින කළමණාකරන සැලැස්මන් සංවර්ධනය සඳහා පවතින ශාක දක්වා, ඒකකයකට අවශය ශාක ප්‍රමාණය සමඟ සම්බන්ධ අනෙකුත් කරුණු වනනේ විභවීය ස්වාභාවික වගාව, වාර්ෂික වර්ධනය සහ පාදම් වර්ගඵලයයි. ඒ වගේම සලකන භූමි දර්ශනය හා එය තුළ වනය පවතින ස්ථානය යන්න පිළිබඳව ද සැලකිලිමත් වෙයි.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Sustainable_forestry