තියඩෝ ගෙරිකෝට්

විකිපීඩියා වෙතින්
  • තියඩෝ ගෙරිකෝට්
  • Théodore Géricault
Théodore Géricault by Alexandre-Marie Colin, 1816
උපත26 සැප්තැම්බර් 1791(1791-09-26)
Rouen, Normandy, ප්‍රංශය
මරණය26 January 1824(1824-01-26) (වයස 32)
පැරීසිය, ප්‍රංශය
ජාතිකත්වයප්‍රංශ
ක්ෂේත්‍රයPainting, Lithography
ව්‍යාපාරයRomanticism
කෘතීන්The Raft of the Medusa
ඇන්තෝනි එටෙක්ස් විසින් තැනූ ගෙරිකෝර්ට්ගේ සොහොනේ ස්මාරකයක්

තියඩෝර් ගෙරිකෝට් (සැප්තැම්බර් 26, 1791 - ජනවාරි 26, 1824) යනු ප්‍රංශයේ විසූ ඉතාම වැදගත් චිත්‍රකරුවෙකු මෙන්ම ශිලා මුද්‍රණ ශිල්පියෙකු ද වේ. ඔහු වඩාත් ප්‍රසිද්ධ වූයේ ඔහුගේ “The Raft of the Medusa” යන සිතුවමිනි. ඔහු ශෘංගාරාත්මක සිතුවම්කරණයේ පුරෝගාමියෙකු වේ.

ප්‍රංශයේ ඉපදුණු මොහු ඉංග්‍රීසී ක්‍රිඩා කලාවන් යටතේ අධ්‍යාපනය හැදැරීම ඇරඹීය. අධ්‍යාපන කටයුතු අතරමග හැරදැමු ඔහු චිත්‍ර පිටපත් කිරීමේ කටයුතු වලට යොමු විය. මොහු පසුව අධ්‍යාපනය සඳහා ලුවර් වෙත ගියේය(1810 සිට 1815). මෙම කාලය තුල මොහු වෙනත් ශිල්පින්ගේ සිතුවම් බලා ඇඳිමේ නිරත විය.

1812 දී ඔහුගේ ප්‍රථම ප්‍රදර්ශණය The Charging Chasseur පවත්වන ලද අතර එය සාර්ථක විය. ගෙරිකෝට් යුධ හමුදාවට ද එක් වී කලක් සේවය කලේය.ක්‍රමයෙන් ඔහු මාහව රෑප ගොඩ නැගීම හා නිර්මාණාය කෙරෙහිද යොමු විය ' Real of the Barberi Horses ' ඔහුගේ තවත් සාර්ථක කැන්වස් නිර්මාණයක් ලෙස හැඳින්විය හැක.

ඔහු හුණුගල් මත මුද්‍රණය (lithograplhy) හි ප්‍රවීණයෙක් වු අතර හමුදාමය තෙමාවක් යටතේ බොහෝ නිර්මාණ ඉදිරිපත් කළේය. නාවික යාත්‍රවක නැව් කප්පිත්තා යාත්‍රාව අතහැරිය අවස්ථාවක මගීන් අනතුරට පත්විම තේමා කරගත් ' The Raft of the Medusa ' ඔහුගේ විශිෂ්ට නිර්මාණයක් විය.

1821 දී ප්‍රංශයට නැවත පැමිණීමත් සමග ගෙරිකෝට් මානසික වෛද්‍ය විද්‍යාවට අදාලව දුක, වේදනාව විවිධාකාරයෙන් පිළිබිබු වන නිර්මාණ පෙලක් ඉදිරිපත් කළේය. පසුකාලීනව ඔහු වීර කාව්‍ය නිර්මාණයට යොමු වු අතර ' Opening of the Doors of the Spanish Inquisition ' සහ ' African slave Trade ' ඊට නිදසුන් සපයයි.1824 දී තියඩෝ ගෙරිකෝට් මරණයට පත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=තියඩෝ_ගෙරිකෝට්&oldid=396184" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි