තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමි

විකිපීඩියා වෙතින්

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමි (1893-1913)

ක්‍රි.ව.1821 වසරේ මාතලේ කොහොන්සිය පත්තුවේ තිබ්බටුවාවේ උපත ලැබූ මුන්වහන්සේගේ ගිහි පෙළපත වූයේ විජේසුන්දර දිසානායක පණ්ඩිත වාසලමුදලි පෙළපතයි.

වයස අවුරුදු 9 දී පැවිදිබිමට පත්වූ උන්වහන්සේගේ පැවිදි ආචාර්යයන්වහන්සේ වූයේ තිබ්බටුවාවේ මේධංකර හිමියන්ය. මූලික බණ දහම් ඉගෙනගෙන නිසිකල එළඹ ස්වකීය ආචාර්යයන්වහන්සේ හා ඇඹෝගම රේවත නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් එවක මල්වතු මහානාහිමියන් වූ ගල්ගිරියාව ශ්‍රී සුමංගල මහානාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් මල්වතු මහාවිහාරයේදී 1841 වසරේදී උපසම්පදාව ලැබූහ .

උපසම්පදාව ලැබූ උන්වහන්සේ 1843 දී ස්වකීය ආචාර්යයන්වහන්සේගේ අපවත්වීමෙන් පසු ස්වකීය පරම්පරාවට අයත් විහාරය වන කුරුණෑගල රිදී විහාරයේ විහාරාධිපති ධුරයට පත්විය . 1848 දී මල්වතු මහාවිහාරයේ විංසත්ද්වාර්ගික කාරක සංඝ සභාවට පත්වූ උන්වහන්සේ 1852 දී දළඳා වහන්සේගේ තේවාමුරයටද පත්වූ සේක.

1875 දී අනුනායක ධුරයට පත්වූ උන්වහන්සේ 1877 දී මහනුවර වල්ගම්පාය රජමහා විහාරයේ අධිපතිධුරයටද පත්විය . ඉන් අනතුරුව ලේවැල්ල ගංගාරාමයේද අධිපති ධුරයට පත්විය .

1893 වසරේදී එවක මල්වතු පාර්ශ්වයේ මහානාහිමි වූ හිප්පොල ශ්‍රී සෝභිත මහානාහිමි අපවත්වූ අතර, විංසත්ද්වාර්ගික කාරක සංඝ සභාවේ ඒකමතිකව මහානාහිමි ලෙස පත්විය . ඒ අනුව තිබ්බටුවාවේ ඥාති ශිෂ්‍ය පරම්පරාව නියෝජනය කරමින් මහානාහිමියන් ලෙස පත්වූ දෙවෙනි භික්ෂුව ලෙස තිබ්බටුවාවේ සුමංගල මහානාහිමි ඉතිහාසයට එක්විය .

මල්වතු පාර්ශ්වයේ 21 වෙනි මහානාහිමියන් වූ පූරිජ්ජල ශ්‍රී සරණංකර හිමි හා තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර නාහිමි මුන්වහන්සේගේ ශිෂ්‍ය හිමිවරුන්ය. 1913 වසරේදී මුන්වහන්සේ අපවත්වූහ.