තාප දහරා චක්‍රීකරණය

විකිපීඩියා වෙතින්

සමුද්‍ර විද්‍යාව (ග්‍රීක අර්ථය සාගර ලේඛනය යන්නයි.) සාගර අධ්‍යයනය හා දියම විද්‍යාව වශයෙන් හැඳින්වෙන පෘථිවියේ සාගර හා මුහුද පිළිබඳව අධ්‍යයනය කරන දියඹ විද්‍යාවක ශා‍ඛාවකි. පුළුල් මාතෘකා පරාසයක් ආවරණය කරන අතර සාගර ජීවීන් සහ පරිසර පද්ධති ගතිකයන් සාගර තරංග මුහුදු රැළි හා භූ භෞතික විද්‍යාත්මක ද්‍රව ගතිකයන් කැටි භූ ලක්ෂණ හා මුහුදු පතුලේ භූ විද්‍යාව සහ සාගර තුළ හා එහි සීමා‍හරහා භෞතික ලක්ෂණ මෙන්ම විවිධ රසායනික සංඝටක ස්‍රාවයන් යටතට අන්තර්ගත වේ. මෙම පුළුල්ව පැතිරුණු මාතෘකා ප්‍රතිබිම්භනය කරන්නේ ලෝකයේ සාගර පළිබඳ දැනුම හා එහි ක්‍රියාකාරීත්වයන් පිළිබඳ අවබෝධයට සාගර විද්‍යාඥයින් විසින් වෙනත් මිශ්‍රිත දැනුම සම්භාරයක් හැදැරිය යුතු බහු විනයයන් පිළිබඳවය. ඒ යටතට ජීව විද්‍යාව රසායන විද්‍යාව භූ විද්‍යාව කාලගුණික විද්‍යාව හා භෞතික විද්‍යාව අයත්වේ.

උපකා‍ණ්ඩයන්

සාගර විද්‍යාව පිළිබඳ හැදැරීම ශාඛා රාශීයකට බෙදිය හැක.

· ජීව විද්‍යාත්මක සාගර විද්‍යාව හෙවත් දියඹේ ජීව විද්‍යාව යනු ශාක සතුන් හා වෙනස් සාමුද්‍රික ශුද්‍ර ජීවීන් හා ඒවායේ පාරිසරික විද්‍යාත්මක අන්තර් ක්‍රියාවන් පිළිබඳ හැදැරීමයි. · රසායනික සාගර විද්‍යාව හෙවත් දියඹේ රසායන විද්‍යාව යනු සාගරයේ රසායනය හා වායු ගෝලය සමග එහි රසායනික අන්තර් පිළිබඳව හැදැරීමයි. · භූ ගෝලීය සාගර විද්‍යාව හෙවත් දියඹේ සාගර විද්‍යාව යනු තැටි භූ ලක්ෂණ අන්තර්ගතව මුහුදු පතුලේ භූ විද්‍යාව හැදැරීමයි. · භෞතික විද්‍යාත්මක සාගර වෙරළ හෙවත් දියඹේ භෞතිකය උෂ්ණත්වය හා ලවණතා ව්‍යුහය, මිශ්‍රණය තරංග, අභ්‍යන්තර තරංග, උදම් හා දියරැලි අන්තර්ගත සාගරයේ භෞතික ලක්ෂණ පිළිබඳ හැදැරීමයි. විශේෂිත රසවත් ප්‍රදේශයක් වන්නේ ශබ්දයේ හැසිරීම හෙවත් ධ්වනි සාගර විද්‍යාව ආලෝකය (ප්‍රකා‍ශ සාගර විද්‍යාව) හා සාගර‍යේ රේඩියෝ තරංගවල හැසිරීම පිළිබඳව හැදැරීමයි.

මෙම ශාඛා ප්‍රතිබිම්භනය කරන්නේ බොහෝ සාගර විද්‍යාඥයන් මුලින්ම සියලු විද්‍යාවන් හා ගණිතයන් පිළිබඳව හදාරා ඔවුන්ගේ අන්තර් විනයානුකූල දැනුම නිපුණතාවයන් හා හැකියාවන් අනතුරුව සාගර විද්‍යාවට යොදන බවයි.

සාගර විද්‍යාව සාගර ඉංජිනේරු විද්‍යාවේදී යොදා ගැනේ. තෙල් වේදිකා නැව් වරායන් හා සාගරය ආරක්ෂිතව භාවිතා කිරීමට උපකාරීවෙන වෙනත් ව්‍යුහයන් සැලසුම් කිරීමේදී හා ගොඩ නැංවිමේදී එය අන්තර්ගත වේ.

සාගර විද්‍යාත්මක දත්ත කළමනාකරණය යනු සමීක්ෂකයන් සඳහා ඇති අතීත හා වර්තමාන දත්ත සුරක්ෂිත කිරීමේ විනයයි.

"https://si.wikipedia.org/w/index.php?title=තාප_දහරා_චක්‍රීකරණය&oldid=465190" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි