සජීවිකරණය

විකිපීඩියා වෙතින්
(ත්‍රිමාන -සජීවිකරණය වෙතින් යළි-යොමු කරන ලදි)

පහත දක්වා ඇති පොලාපනින ගෝලයෙහි සජිවීකරණය මෙම රූපරාමු හය මගින් නිර්මාණය වී ඇත.

මෙම සජීවිකරණය තත්ත්පරයට රූපරාමු 10 ක ශීඝ්‍රතාවකින් චලනය වන්නකි.


සජිවීකරණය යනු චලනය පිළිබද හැඟීමක් ඇති කරවීම සදහා ද්විමාන හෝ ත්‍රිමාන කලා නිර්මාණ හෝ ආකෘති පිහිටුම් රූපරාමු අනුක්‍රමයක් ශීඝ්‍රයෙන් ප්‍රදර්ශනය කිරීමයි. මෙහි දි චලනය පිළිබඳ ඇති වන හැගීම දෘෂ්ටි මායාවක් වන අතර ඊට හේතුව වන්නේ පෙනීමෙහි පැවැත්ම (Persistence of Vision) නම් සංසිද්ධියයි. මෙය ක්‍රමවේද කිහිපයක් ඔස්සේම නිර්මාණය හා ආදර්ශනය කළ හැකි ය. වඩාත් පොදුවේ සජීවිකරණ ඉදිරිපත් කිරීම සදහා භාවිත කෙරෙන ක්‍රමවේදය වනුයේ චලන චිත්‍ර හෝ වීඩියෝ වැඩසටහන් වේ. කෙසේ නමුත් සජිවීකරණ නිර්මාණ ඉදිරිපත් කිරීම සදහා තවත් ක්‍රමවේද කිහිපයක් ද පවතී.

සජීවිකරණය හැදින්වීම සදහා භාවිතා කෙරෙන Animation නම් ඉංග්‍රීසි පදය කිසියම් ප්‍රජාවක් සක්‍රිය කරවීම නම් අරුත සහිතවද ඉංග්‍රිසි භාෂාවේදී භාවිතා කළ හැක. (උදා - භාවිත කරන්නන් සක්‍රිය කර වීම) මෙමගින් කිසියම් දෙන ලද සේවාවක් සමග එය භාවිතා කරන්නන් අන්තර් ක්‍රියා කරවීම සදහා පොළඹවන ක්‍රියාවන් හැදින්වෙන අතර එය සංයමය සමග සම්බන්ධ වේ.

සාම්ප්‍රදායික සජීවිකරණය[සංස්කරණය]

19 වන සියවසේ හි මියුබ්‍රිජ් විසින් නිර්මාණය කරන ලද සජීවිකරණයක්

මෙය සෙල් (cell animation)ලෙසද හදුන්වයි. 20 ‍වැනි සියවසේ දී සජීවිකරණ චිත්‍රපට සඳහා වැඩි වශයෙන් භාවිතා කර ඇත්තේ සාම්ප්‍රදායික සජීවිකරණයයි. සාම්ප්‍රදායික සජීවිකරණ චිත්‍රපට වල එක් එක් රූප රාමු මුලින් සිත්තම්කරුවෙකු අදින අතර චිත්‍ර පසු ඡායාරූපගත වූ ඒවාය. චිත්‍රයේ අංග චලන පෙන්වීම සඳහා එක් රූප රාමුවක් අනෙකින් ඉතා සියුම් ලෙස වෙනස් වේ. සජීවිකරණ ශිල්පියාගේ දළ රූප විනිවිද පෙනෙන පත්‍ර වල ඡායාපිටපත් කරනු ලබයි. මෙම පත්‍ර සෙල් (cel) ලෙස හැදිනේවේ පසුව මෙම සෙල් වලට අදාල වර්ණ ඊට විරුද්ධ දිශාවට ආලේප කරනු ලබයි. සම්පූර්ණ කරන ලද කැරැක්ටර් සෙල් (character cel) වරෙක‍ට 1ක බැගින් චලන පටලයක වර්ණවත් පසුතලයකට (rostrum camera) ආධාරයෙන් ඡායාරූප ගත කරයි.


21 වැනි සියවසේ ආරම්භයත් සමග සාම්ප්‍රදායික සජීවිකරණය ක්‍රමය අභාවයට ගියේය. අද සජීවිකරණ ශිල්පියාගේ දළ සටහන් පරිලෝකනය කිරීමක් හෝ සෘජුවම පරිගණකයේ ඇඳීමක් සිදු කරයි. විවිධ මාදුකාංග භාවිතා කරමින් එම දළ සටහන් වර්ණ ගැන්වීමක් ද කරනු ලබයි. අවසාන සජීවිකරණ ප්‍රතිඵලය මාධ්‍යයන් කිහිපයකින් සමන්විත විය හැක. එනම් සාම්ප්‍රදායික මි.මි. 35 වීඩියෝ පට හෝ වර්තමාන ඩිජිටල් වීඩියෝ (Digital videl) විය හැකිය. සාම්ප්‍රදායි සජීවිකරණයේ පෙනුම අදටත් පෙර සේම පවතින අතර සජීවිකරණ නිරූපන ශිල්පියාගේ ක්‍රියාදාමයන් අදටත් අත්‍යාවශ්‍ය වේ. 70 දශකයේදී පවා නොවෙනස් ව පැවතී ඇත. සමහර සජීවිකරණ ශිල්පීන් සාම්ප්‍රදායික සජීවිකරණ ලෙස හදුන්වා දි ඇත්තේ වැඩි වශයෙන් පරිගණක තාක්ෂණය භාවිතා කරන ක්‍රමවේද වලටයි.


සාම්ප්‍රදායික සජීවිකරණය යොදාගත් චිත්‍රපට වලට උදාහරණ ලෙස පිනෝකියෝ (Pinocchio) ඇනිමල් ෆාම් (Animal farm) හා අකිරා (Akira) හැදින්විය හැකිය. පරිගණක තාක්ෂණය යොදා ගනිමින් කරන ලද සාම්ප්‍රදායික චිත්‍රපට වන්නේ ද ලයන් කිංග් (The lion king) ස්ප්‍රිට් එවේ (Spirat away) හා ලේස් ට්‍රිප්ලෙට්ස් ඩි බෙල්විල් (les triplets de Bellrille)

(Full Animation) යනු තත්ත්වයෙන් උසස් සාම්ප්‍රදායික සජීවිකරණ චිත්‍රපට නිපදවීමේ ක්‍රියාවලියයි. මෙහිදී විස්තරාත්මක දළ සටහන් භාවිතා කරයි. මෙම චිත්‍රපට විවිධ මාදිලි වලින් නිපදවිය හැකිය. එනම් වොල්ට් ඩිස්නි ස්ටුඩියෝ (Walt Disney Study) මඟින් නිපදවන ජීවමය බවක් රැදි චිත්‍රපට, වෝනර් බ්‍රදර්ස් ඇනිමේෂන් ස්ටුඩියෝ (Wanner Brothers Animation Studio) මඟින් ඉදිරිපත් කර කාටුන් බවට වඩා නැඹුරුවක් දක්වන චිත්‍රපට වේ. තවද බොහෝ ඩිස්නි ඇනිමේටඩ් ෆීචර්ස් (Disney Animated feater) මෙන්ම ඩිස්නි නොවන චිත්‍රපට වන ඇන් ඇමරිකන් ටොයිල් (An American Toil) හා ලයන් ජයන්ටි (The lion Giant) චිත්‍රපටද නිදසුන් වේ.


(Limited Animation) හිදී භාවිතා කරනුයේ විස්තරාත්මක බවින් අඩු දළ සටහන් ය. යුනයිටඩ් ප්‍රඩක්ෂන්ස් ෆොම් ඇමරිකා (United productions from america) නිර්මාණ කරුවන් විසින් මුලින් සොයා ගන්නා ලද මෙම ක්‍රමය මඟින් වඩාත් අලංකාර මෙන්ම නිර්මාණාත්මක සජීවිකරණ කිරිමේ හැකියාවක් ඇත. මෙය ජෙනරල් මැක්බොරින් බොයිං (Gernral Meboring Boing), යෙලෝ සබ්මැරින් (Yellow submarine)වැනි චිත්‍රපට වලින් පැහැදිලි වේ. මෙහි ප්‍රධාන අරමුණ වී ඇත‍්තේ කාර්යක්ෂම හා මිල අඩු සජීවිකරණ, මාධ්‍යයට ගැලපෙන එනම් රූපවාහිනියට හැනා බාබෙරා (Hannah Barbera) ෆිල්ටේෂන් (filmation) යනාදී අන්තර්ජාලයට නිපදවීමයි.

(Rotoscoping) මැක්ස් ෆ්ලේශර් (Mar fleissher) විසින් 1917 දී නිපදවා පේටන්ට් සහතිකයක් ලබා ගෙන සජීවිකරණ කිරීම සටහන් වලට ඇතුලත් කළ හැකිය. මෙය ‍ලෝඩ් ඔෆ් ද රින්ග්ස් (lord of the rings) චිත්‍රපටයේ යොදා ගෙන චරිත සජීවිකරණයටද බොහෝ ඩිස්නි චිත්‍රපට සඳහා ද යොදා ගෙන ඇත. උදාහරණ ලෙස වේකින් ලයිෆ් (Waking life) හා අ ස්කැන‍ර් ඩාර්ක්ලි (a scanner Darkly) නම් කළ හැකිය.

සජිවන ක්‍රමෝපායන් - Stop motion[සංස්කරණය]

Stop motion සජිවනය ලෙස හැඳින්වෙන්නේ චලිතයක් හැඟවීමට සැබෑ වස්තුන් භෞතිකමය වශයෙන් මානය කොට එක් විටකදී එක් රාමුවක් පමණක් වන පරිදි ඡායාරූප ගත කොට නිර්මාණය කිරීමට දරන උත්සාහයයි. Stop motion සජීවිකරණයේ විවිධ ආකාර කිහිපයක්ම ඇත. සාමාන්‍යයෙන් ඒවා නම් කර ඇත්තේ සජිවිකරණයේදී යොදා ගන්නා ලද මාධ්‍ය අනුවය.

ක්ලේ සජීවිකරණය (clay Animation) යොදා ගත් ක්ලේ සජීවිකරණ දැන්වීමක්
  • ක්ලේ සජීවිකරණය බොහෝ විට කෙටියෙන් හඳුන්වන්නේ claymation ලෙසය. stop motion සජිවිකරණය සඳහා මෙම ක්‍රමයේදි භාවිතා කරනුයේ මැටි හෝ සමානරූපි ආහන්‍ය ද්‍රව්‍යයකි. මැටි‍යෙන් සාදා ගන්නා පිළිරුව ඇතුලත ආමේචරයක් හෝ වයර් රාමුවක් තිබිය හැකිය. ඉදිරියට විස්තර ඉදිරිපත් වන puppet සජිවිකරණය මෙන්ම මෙහිදී ද ආමේචරයෙන් පිළිරුවේ විවිධ ඉරියව් පාලනය කරයි. මෙම පිළිරූ Bruce Bick ford චිත්‍රපටයේ පරිදි සම්පුර්ණයෙන්ම මැටියෙන් වුවද සාදා ගත හැකිය. මෙසේ clay සජීවිකරණය යොදා ගත් චිත්‍රපට වලට උදාහරණ ලෙස ‘The Gumby Show’ (US, 1957-1967), ‘Morph shorts’ (එංගලන්තය, 1977-2000) , ‘Wallace and Gromu't shorts’(එංගලන්තය, 1989-1995 සහ 2000 - ?) , ‘Jan Svankmejer's Dimensions of Dialogue’ (චෙකොස්ලොවේකියාව, 1982), ‘The amazing Mr. Bickford’ (එක්සත් ජනපදය, 1987) සහ ‘The trap door’ (එංගලන්තය 1984).
  • කට්අවුට් සජීවිකරණය(Cutout Animation) යනු ද්විමාන හෝ රෙදි, කඩදාසි කැබලි වැනි ද්විමාන ද්‍රව්‍ය චලනය කිරීමයි. උදාහරණයක් වන්නේ ටෙරි ගිලියම් (Terry Gilliam) ගේ ‘Monty Python's Flying Circus’ (එංගලන්තය, 1969-1974), ‘La Planète sauvage (Fantastic Planet)’ (ප්‍රංශ, චෙකොස්ලොවේකියාව, 1973), ‘Skazka Skazok’ (Tale of tales) (රුසියාව, 1979), South park (එක්සත් ජනපදය, 1997) හි නියමු වැඩසටහන.
  • Silhouette සජීවිකරණය යනු කට්අවුට් සජීවිකරණයේ එක් ප්‍රභේදයකි. මෙහි චරිත දිස්වන්නේ කලු පැහැති අඳුරු සේයාවක් ලෙසය. උදාහරණ වන්නේ ‘The adventure of Prince Achmed’ (Weber Republic,1926) සහ ‘Princes of princesses’ (ප්‍රංශය, 2000).
  • චිත්‍රක සජීවිකරණයේ (Graphic animation) දී යොදාගනුයේ අඳිනා නොලද තුනි දෘෂ්‍ය චිත්‍රපටයි. (ඡායාරූප, ප්‍රවෘත්ති පත්‍ර, සඟරා ආදි) මේවා රාමුවෙන් රාමුවට මානය කරන්නේ චලිතය ඇති කිරීමටය. වෙනත් අවස්ථාවලදි චිත්‍රක නිෂ්චලව පිහිටන අතර stop-motion කැමරා චලනය කිරීමෙන් තිරයේ දිස්වෙන ක්‍රියා නිර්මාණය කර ගත හැකිය.
  • ආකෘති සජීවිකරණය (model animation) හෙවත් ආකෘති සජීවනය ලෙස හැඳින්වෙන්නේ සජිවි ලෝකයේ අභිනයන් සමඟ අන්තර්ක්‍රියා ඇති කර ගනිමින් හා ‍එහි කොටසක් වශයෙන් සැලකිය හැකි stop-motion සජිවන නිර්මාණ කිරීමයි. සජීවි රංගන ශිල්පින් දර්ශන පසුතල ආදිය සමඟ stop motion චරිත සහ වස්තූන් හොඳින් මුසු කිරීම සඳහා intercutting, matte ආවරණ, විභින්න තිරය යොදා ගනි. උදාහරණ ලෙස රේ හැරිහුසෙන්ගේ ‘Jason and the Argonauts’ (1961) සහ විලීස් ඔ'බ්‍රියන්ගේ ‘King kong’ (1933) චිත්‍රපට සැලකිය හැකිය.
  • Go motion යනු ආකෘති සජීවිකරණය(model animation) හි එක්තරා ප්‍රභේදයකි. මෙහිදි සාම්ප්‍රදායික stop - motion සජිවනයේ අන්තර්ගත නොවන චිත්‍රපට රාමු අතර motion blur ඇති කිරීමට විවිධ ක්‍රම යොදා ගනි. මෙම ක්‍රමවේදය සොයාගන්නා ලද්දේ ‘Industrial light and magic’ සහ ෆිල් ටිපෙට් විසින් ‘The Empire strikes Back’ (1980) චිත්‍රපටයේ විශේෂ ආචරණ දර්ශන නිර්මාණයේදිය.
  • වස්තු සජීවිකරණය(object Animation) හෙවත් වස්තු සජිවනය යනු stop motion animal සඳහා විශේෂයෙන්ම සදාගත් වස්තූන් භාවිතා නොකොට සාමාන්‍ය අජීවි වස්තූන් භාවිතයයි. උදාහරණයක් ලෙස ගත හැකි brickfilm චිත්‍රපටයේ යොදා ගනු ලැබුවේ LEGO වැනි ප්ලාස්ටික් සෙල්ලම් බ්ලොක්ය.
  • Pixilation හි සැබෑ මිනිසුන් stop-motion චරිත ලෙස යොදා ගැනේ. මෙමඟින් බොහෝ විශ්මයාකාර ආචරණ ඇති කළ හැකිය. එනම් අතුරුදහන් වීම්, නැවත මතුවීම්, පොලොව හරහා ලිස්සා යා‍ම් ආදිය, නොර්මන් මැක්ලරන්ස්ගේ Neighbors (canada, 1952) කෘතිය මේ සඳහා එක් උදාහරණයකි.
  • රූකඩ සජිවනයේදී (Puppet animation) ආකෘති (model animation) සජිවනයට වඩා වෙනස් වන්නේ මෙහි (stop-motion) රූකඩ (puppets) යොදා ගන්නා බැවිනි. මෙම රූකඩ තුළ ආමේචරයක් ඇති අතර එමඟින් ඔවුන් නිශ්චලව තබා ගැනීම සහ යම් යම් සන්ධි වල චලනයන් සීමා කරයි. උදාහරණයක් ලෙස කිව හැක්කේ LeRoman de Ronard (The tale of the fox) (ප්‍රංශය 1937) ජිරි ට්‍රන්කාගේ ‘The night more before Christmas’ (එක්සත් ජනපදය, 1993) සහ ‘Robot chicken’ (එක්සත් ජනපදය 2005 – present).
  • Puppetoon යනු ජොර්ජ් පැල් (George pal) විසින් වැඩි දියුණු කරන ලද ක්‍රමවේදයන් යොදා ගනිමින් නිර්මාණය කරන ලද රූකඩ සජීවිකරණ (puppet-animated) චිත්‍රපට පෙළකි. මෙහිදි, එක් රූකඩයක් සියලු රාමු තුල වෙනස් කරමින් හැසිරවීම වෙනුවට වෙනස් රූකඩ එක් එක් රාමු සඳහා යොදා ගනි.

සජීවන නිර්මාණයේ මුල් අවධියේ අවස්ථා[සංස්කරණය]

මුල් අවධියේ පටන්ම, චලිතය නැමති සංසිද්ධියෙන් නිෂ්චල රූප නිර්මාණය කිරීමට උත්සාහ දරා ඇත. මෙයට හොඳම උදාහරණය වන්නේ පුරාණ ශෛලමය ලෙන් සිතුවම්ය. මේවායෙහි සත්වයින් නිරූපණය කර ඇත්තේ පාද කිහිපයක් එක මත එක වැටෙන පරිදි චිත්‍රයට නැගීමෙනි.

Phenakistoscope, zoetrope සහ praxinoscope මෙන්ම බහුලව දක්නට ලැබෙන filp-book ද, 1800 දී පමණ යොදා ගත් සජීවිකරණ උපාංග වේ. තාක්ෂණය යොදා ගනිමින් පටිපාටිගත චිත්‍ර හසුරුවමින් චලනය ඇති කර ගත හැකි වුව ද, සජීවිකරණ තාක්ෂණය චලන රූප (motion picture) චිත්‍රපට සම්ප්‍රාප්තිය වන තෙක් වැඩි දියුණුවක් පෙන් වුයේ නැත.

චිත්‍රපට සජීවිකරණයේ නිර්මාතෘ ලෙස එක් පුද්ගලයෙකු පමණක් නම් කළ නොහැකිය. වෙනස් සජීවිකරණ අංශ ඔස්සේ විවිධ ව්‍යාපෘති එකම කාලයක් තුළදි කර ගෙන යාම මීට හේතුව වේ.


සජීවනය කරන ලද රේස් අශ්වයෙකු. ඡායාරූපකරණය Eadweard Muybridge, මුල් ප්‍රකාශනය 1887, Philadelphia වේදි.

විශේෂ ආචරණය සහිත චිත්‍රපටවල නිර්මාතෘවරයෙක් ලෙස මෙලීස් හැඳින්වේ. තාක්ෂණය යොදා ගනිමින් සජීවිකරණයේ යෙදුණු පුද්ගලයින් අතර පළමු කිහිපදෙනාට ඔහුද අයත් වේ. ඔහු අත්වැරැද්දකින් සොයා ගත් ක්‍රමය වන්නේ දර්ශනයේ යම්කිසි වෙනසක් සිදු කිරීමට කැමරාව රෝල් කිරීම නවතා සේයා පටලය රෝල් කිරීමය. මෙම අදහස පසුකාලීනව stop - motion සජීවනය ලෙස හැඳින්විය. මෙලීස් මෙම ක්‍රමය සොයා ගනු ලැබුවේ අත්වැරැද්දකින් ඔහුගේ කැමරාව කැඩුණු විටකදීය. ඔහු එම අවස්ථාවේදී රූගත කරමින් සිටියේ ගමන් කරමින් සිටි බසයකි. ඔහු කැමරාව නැවත සකස් කරගෙන සේයාපටය නැවත රොල් කරමින් කැමරාව පණගැන්වු විට එතනින් අශ්වයෙකු ගමන් කර ඇත. ඔහුගේ සේයාපටයේ මෙම දර්ශන පෙල සටහන් වුයේ බස් රථයක් අශ්වයෙක් බවට පරිවර්තනය වීමක් ලෙසය. මෙය මුල් අවධියේ සජීවිකරණ කලාවට දායක වු මහඟු අවස්ථාවකි.

Stop - motion සහ hand - drawn සජීවන ක්‍රම යොදාගත් පළමු ඇමරිකානු චිත්‍රපට නිර්මාණකරුවා ලෙස ජේ. ස්ටුවර්ට් බ්ලැක්ටන් හැඳින්විය හැක. ‘Edison’ වලින් චිත්‍රපට කර්මාන්තයට එකතු වු මොහු, 20 වන සියවසේදි මෙම සංකල්පවලට පුරෝගාමිත්වය ලබා දුන්නේය. 1900 දී පමණ ඔහුගේ ප්‍රකාශන හිමිකම් සහිත ප්‍රථම නිර්මාණය එළි දැක්විණි. ‘The Enchanted Drawing’ සහ ‘Humorous phones of funny faces’ (1906) යන චිත්‍රපට බ්ලැක්ටන්ගේ “lightening artist” ක්‍රමය අනුගමනය කර ඇති අතර, මෙලීස්ගේ මුල්කා‍ලීන stop - motion ක්‍රමෝපායන්හි වැඩි දියුණු කරන ලද අනුවාද යොදා ගනු ලැබුවේ කළු ලෑල්ලක අඳින ලද චිත්‍ර මතුවි හැඩගැසෙන පරිදිය. 'Humorous Phases of Funny Faces' ප්‍රථම සත්‍ය සජීවන චිත්‍රපටය ලෙස සලකනු ලබන අතර, බ්ලැක්ටන් ප්‍රථම සත්‍ය සජීවන ශිල්පියා ලෙස සලකයි. එමිලි කෝල් යන ප්‍රංශ චිත්‍ර ශිල්පියා කාටුන් තිරු නිර්මාණයෙන් පසු 1908 දී ‘Fantasmagorie’ නම් චිත්‍රපටය නිර්මාණය කළේය. මෙම චිත්‍රපටයේ විශාල වශයෙන් අන්තර්ගත වුයේ චලනය වන කෝටු මිනිසුන් සහ වයින් බෝතල් මල් බවට පරිවර්තනය වීම් වැනි වස්තු රූපකරණයයි. මෙහි සමහර දර්ශන වලදි සජීවිකරණ ශිල්පියාගේ අත් ද දක්නට ලැබෙයි. මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ එක් එක් රාමු කඩදාසි මත ඇඳ ඒවා ප්‍රතිඡායාව මතට ගෙන කැමරාගත කිරීමෙනි. මෙමගින් රූපයට කළු ලෑල්ලක ස්වභාවයක් එක් විය. මෙම හේතුව නිසා සාම්ප්‍රදායික (hand – drawn) සජීවනය ලෙස පසුකාලීනව හඳුන්වනු ලැබු ක්‍රමය යොදා ගනු ලැබු ප්‍රථම චිත්‍රපටය බවට පත් වේ. බ්ලැක්ටන් සහ කෝල් ලැබු සාර්ථකත්වය සමඟ තවත් බොහෝ කලාකරුවන් සජීවිකරණය යොදා ගනිමින් අත්හදා බැලීම් කරන්නට විය. එවන් එක් කලාකරුවෙක් වුයේ, සාර්ථක ප්‍රවෘත්ති පත්‍ර කාටුන් ශිල්පියෙක් වන වින්සර් මියේ ය. සෑම රාමුවක්ම කඩදාසි මත අඳින ලද බැවින්, සෑම පසුතලයක්ම සහ සෑම චරිතයක්ම නැවත නැවතත් ඇඳ, සජීවිකරණය කිරීමට සිදුවිය. මී කේ(Me cay) විසින් කරන ලද චිත්‍රපට අතර ‘Little Nemo’ (1911), ‘Gertie the Dinosaur’ (1914) සහ The Sinking king of the Lusitania (1918) ප්‍රධාන තැනක් ගනි.

සජීවිකරණය කරන ලද කෙටි චිත්‍රපට නිෂ්පාදනය, එනම් කාටුන් නිෂ්පාදනය 1910 පමණ වන විට තනි කර්මාන්තයක් ලෙස ප්‍රචලිත විය. මෙම කාටුන් කෙටි සිනමා චිත්‍ර නිෂ්පාදනය කරන්නේ චිත්‍රපට ශාලාවල ප්‍රදර්ශනය කිරීමටය. ජෝන් රැඩොල්ෆ් බ්‍රේ මුල් අවධියේ සජීවිකරණ ශිල්පීන් අතර ඉතා සාර්ථකත්වය ලැබුවෙක් ලෙස නම් කළ හැකිය. මොහු සජීවිකරණ ශිල්පි එර්ල් හර්ඩ් සමඟ එකතු වී, දශකය පුරාම සජීවිකරණ කර්මාන්තය තුළ ප්‍රධාන තැනක් ඉසුලු සෙල් (cel) සජීවිකරණ තාක්ෂණය සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තේය.

මුලික දළ විශ්ලේෂණය[සංස්කරණය]

අදාළ ආකෘතිය ආරම්භක ආකාරයකින් හෝ ස්ථානයකින් තබනු ලබන අතර ප්‍රධාන රාමුවක් එමත පිහිටුවයි. රාමු කිහිපයකට පසුව නැවතත් ප්‍රධාන රාමුවක් පිහිටුවනු ලබන අතර කැමති පරිද ආකෘතිය චලනය කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය අවශ්‍ය ආකාරයට කිහිප වාරයක් නැවත නැවත ක්‍රියාවට නැංවේ. සජීවිකරණය මෘදුකාංගය මගින ආකෘතිය ප්‍රධාන රාමු අතර සුමට ලෙස ගෙනයාමට අවශ්‍ය චලිතය අන්තර ්නිවේශණය කරනු ලැබේ. මින් අදහස් කෙරෙන්නේ උදාහරණයක් ලෙස සජිවිකරණය මගින් කාමරයක් තුළ ඇති පෙට්ටියක් ආරම්භක රාමුවේ තබා තවත් ප්‍රධාන රාමුවක දී එම පට්ටිය කාමරට හරහා වෙනත් ස්ථානයක පිහිටුවා ඇත්නම් දරෟශනය නිමවා නැරඹි විට පෙනෙනුයේ අදාල පෙට්ටිය සුමට ලෙස කාමරය හරහා ලිස්සා යන බවත් මිස රාමු අතරේ පිමි පැනීමක් ‍නොවන බවය. මෙය චලනය වන ඕනෑම වස්තුවක් සදහා අදාල වේ. රේඛිය නොවන සජීවිකරණය

ප්‍රධාන රාමු හෝ චලිත ග්‍රහණ මගින් කිසියම් චරිතයක් සජීවිකරණ දත්ත සියල්ලම තනි සැකසිය හැකි අනුපිළිවෙල ට එක්තැන්කරගත හැක. මෙම සජීවිකරණ අනුපිළිවෙල සජීවිකරණ පසුරක් ලෙස හැදින්වේ. Maya හිදී පසුරැ ආකාර 2 ක් පවතී ප්‍රභව පසුරැ සහ එක්ාකාර පහුරැ එම ආකාර 2ය. ප්‍රභව පහුරැ ලෙස ගබඩාගත කිරිම මගින් Maya ඒවායයේ මුලික සජීවිකරණ දත්ත ආරක්ෂණය කර ගනීත මෙම ප්‍රභව පහුරැ සජීවිකරණ සදහා යොදා නොගන්නා අතර එඒසදහා ඒකාකාර හසුරැ ලෙස හැදින්වෙන මුල් කී වර්ගයේ අනුපිටපත් සකස් කර භාවිතා කෙර්. පොත් සජීවිකරණය කිසියම් වස්තුවක් එහි චලිත වක්‍රය මත පිහිටීම හා එහි භ්‍රමණ ය හෝ සජීවිකරණය මගින් පාලනය කෙරේ. අදාල වස්තුව හෝ වක්‍රයක් බවට පත්වීමට පෙර කිසියම් වක්‍රයකට සබැදි වී සිටිම අත්‍යවශ්‍ය වේ. චලිත පෙත් ප්‍රධාන අවස්ථා මගින් අදාල වස්තුවේ චලිත පෙන උත්පාදනය කළ හැක.

චලිත ග්‍රහණ සජීවිකරණය[සංස්කරණය]

සැකිලි

සැකිපි යනු සමීකරණ ශිල්පියා හට ආකෘතියක් හැඩ ගන්වා පෙන්වීමට හා සජිවිකරණයට උපකාරි වන අනුක්‍රමික හා පැහැදිලි ව සදහන් කළ හැකි ව්‍යුහයන් ය. මනුෂ්‍ය අටැසිකිල්ල හා සමාන විවිධආකෘතියට වෙනස්කර සලකා බැලිය හැකි ව්‍යුහයක් සැකිලි මගින් ඉදිරිපත් කෙරේ.

මනුෂ්‍ය ඇටසැලිකි ආකාරයෙටම සන්ධි සම්බන්ධ වී ඇති ස්ථාව හා ප්‍රමාණ ය අනුව අදාල ඇටසැකිල්ලේ චලිතය තීරණය වේ. මෙලෙස චරිතයක් අදාල සැකිල්ලට සබැදීම නම් වේ.

ඉදිරි ප්‍රගති විද්‍යාව

ඉදිරි ප්‍රගති විද්‍යාව (FK) යනු අවසාන අපේක්ෂිත ස්ථානය පිළිබද අවහිතරයකින් තොරව එක් එක් සන්ධි චලිත කිරිමේ ක්‍රමවේදයකි. එම නිසා එහි අභිමතාර්ථ වනාහි අවසාන පිහිටුම චලිත කිහිපය අනුක්‍රමයක් කිරිම සදහා සන්ධි චලනය කිරිමයි. ඉදිරි ප්‍රගති විද්‍යාව බොහෝ විට අත් ඇගිලි ආදි ඉතා ඉහල සුමට චලිත නිරෑපන කිරිම සදහා භාවිතා වේ.

ප්‍රතිලෝම ප්‍රගතිවිද්‍යාව මෙය ඉදිරි ප්‍රගති විද්‍යාවේ ප්‍රතිවර්තනයයි. මෙහි මුලික අදහස වනාහි මුලින්ම අවසාන පිහිටුස සලකුණු කරගෙන අනතුරැව ඒ දක්වා පැමිණි ම සදහා මුල සිට අදාල සන්ධි චලිත සකසා ගැනීමයි. මෙම ක්‍රමවේචය විශාල ගාත්‍රා චලිත සජීවිකරණයේ දී බහුලව භාවිතා කෙරේ. (උදා, ඇවිදිම, යමක් කරා ලං වීම ආදි) Maya ප්‍රතිලෝම විද්‍යාව විකාශය වී ඇත්තේ Wavefront kinematra මගිනි

මුලි සිරැරැ IK විසදනය මෙමගින් ආදර්ශනය කෙරෙන්නේ තථ්‍ය වශයෙන්ම ිසරැරේ චලිත ස්වාභාවය භාවිතා කිරිමේ ක්‍රමවේදය සහිග පැකේජයකි.

ස්තින්කරණය

ස්කින්කරණය යනු යම් චරිතයක අනුරැව නිර්මාණය කර එයට සැකිල්ලක් ආදේශ කිරිමයි.මෙය ක්‍රමවේදය කිහිපයක් භාවිතා කර කළ හැකි අතර සුමට ක්‍රමවේද හ දැඩි ක්‍රමවේදය මිස් කිහිපයක් ‍වේ. තවද මේවා සෘජු ස්ක්න්තරණ ක්‍රමවේද වේ.

නිරෝධන

නිරෝධන මගින් සජීවිරකණයක පිහිටුම දිගානතිය හෝ අනෙකුත් වස්තුවලට සාපේක්ෂව අදාල වස්තුවේ. විශාලත්වය සීමා කිරිමට ඉඩ සලසා දී ඇත.

චරිත කට්ටල

Maya චරිත කට්ටල යනු සජිවිකරණයට අවශ්‍ය ඕනෑම වස්තු එකතුවක අඩංගු උපලක්ෂණ එකට එක්කර සජිවිකරණ ශිල්පියාට ලබා‍දෙන මංගල්‍යයකි. චරිත කට්ටලයකි චරිත කට්ටලයට ඕනෑම ක්‍රියාවක් පහසුවෙන් කළ හැක. හොදින් ආයුධ සන්නද්ධ රෝ‍බෝවක් මෝටර් රියක් ‍හෝ එපමණක් නොව එකිනෙකාට සබදතාවක් නැති වස්තු එකතුවක් හෝ නිර්මාණය කළ හැක.

විරෑපකරණ

විරෑපකරණ යනු පහල මට්ටමේ සංචාරක ඉලක්කගත ජා්‍යාමිතියක් සදහා මෙහෙයවීමට භාවිතා කරන ඉහල මට්ට‍මේ මෙවලම් විශේෂයකිත වෙනත් මෘදුකාංග පැකේජවලිදී මෙය හදුන්වන්නේ විකරක (modifier) හා අවකාහ විකරකයන් (space warps) යනාදි යෙදුම්වලිනි.

ක්‍රමවේද[සංස්කරණය]

පරිගණක සජිවීකරණය කෙටි GIF සජිවීකරණය[සංස්කරණය]

චලන නැවතුම් සජීවිකරණය මෙන්ම පරිගණක සජිවීකරණයට ද විවිධාකාර ක්‍රමවේදයන් ගණනාවක් අයත් වන අතර ඒවායේ පොදු ඉලක්කය වනුයේ පරිගණකයක් තුළ ඩිජිටල් ආකාරයට සජිවීකරණ නිර්මාණය කිරීමයි.

ද්විමාන සජිවීකරණ[සංස්කරණය]

ද්විමාන බිතු සිතුවම් නිර්මාණ හෝ ද්විමාන දෛශිකමය රූප නිර්මාණ බෙදාගෙන චරිත නිර්මාණය කිරීම සහ / හෝ සංස්කරණය සිදු කරනු ලැබේ. මේ අතරට සාම්ප්‍රදායික සජිවීකරණ ක්‍රම වේදයන්ගේ පරිගණක ගත කළ ස්වයංක්‍රිය ආකාරයන් වන Tweening, Morphing, Onion Skinning සහ Interpolated Rotoscoping යනාදිය ද අයත් වෙයි.

උදාහරණ - Foster’s Home for Imaginary Friends, Jib Jab, Mickey the Squirrel

  • ප්‍රතිසම පරිගණක සජීවිකරණය
  • Flash සජිවීකරණය
  • PowerPoint සජිවීකරණය

ත්‍රිමාන සජිවීකරණය‍[සංස්කරණය]

සජිවීකරණ නිර්මාපකයෙකු මගින් ඩිජිටල් ආකෘති හසුරුවනු ලැබේ. දැලිස හැසිරවීම සදහා එයට ඩිජිටල් ආමේචරයක් (Sculpture) එක් කෙරෙයි. මෙම ක්‍රියාවලිය rigging යනුවෙන් හැදින්වේ. වෙනත් ක්‍රමවේදයන් ද යෙදීමේ හැකියාව පවතියි. ඒ අතරට ගණිතමය ශ්‍රිත (උදා - ගුරුත්වය, අංශු අනුරූපන) කේෂර හෝ හිසකේ සදහා අනුරූපන, ජලය සහ ගින්න වැනි ප්‍රයෝග සහ චලන ප්‍රතිග්‍රහණය භාවිතය ආදිය අයත් වෙයි. මෙහි සදහන් කෙරුණු ක්‍රමවේදයන්ට අමතරව තවත් ක්‍රමවේද විශාල සංඛ්‍යාවක් පවතී. බොහෝ ත්‍රිමාන සජිවීකරණ විශ්වාස කළ හැකි මට්ටමේ පවතින අතර නූතන චිත්‍රපට වල විශේෂ ප්‍රයෝගයන් ලෙස භාවිතා වේ.

උදා - The Incredible, Shrek, Finding Nemo, Flatland

ත්‍රිමාන සජිවීකරණ යෙදුම්[සංස්කරණය]

  • Cel-shaded සජිවීකරණය
  • Morph target සජිවීකරණය
  • සැකිලි සජිවීකරණය
  • චලන ප්‍රතිග්‍රහණය
  • සමුහ අනුරූපනය

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Animation

"https://si.wikipedia.org/w/index.php?title=සජීවිකරණය&oldid=501765" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි