ත්‍රිමාන-සුමටකරණය

විකිපීඩියා වෙතින්

ඩිජිටල් සංඥා සැකසුම් ක්‍රියාවලීන් තුළදී සුමටකරණයක් ලෙස හැඳින්වෙන්නේ අධි විභේදන සංඥාවක් අඩු විභේදන මට්ටමකින් නිරූපණය කිරීමේ දී හට ගන්නා විරූපණ ලක්ෂණ (aliasing) අවම කර ගැනීමේ ක්‍රම‍වේදයයි. සුමටකරණය ඩිජිටල් ඡායාරූපකරණය, පරිගණක රූප නිර්මාණය, ඩිජිටල් ධ්වනි යෙදුම් සහ අනෙකුත් යෙදුම් රාශියක් සඳහා භාවිත කෙරේ.

ඡායාරූප තුළ විරූපණ ලක්ෂණ වක්‍ර රේඛා හෝ පටි නැතහොත් දුඹුරු පැහැ රටාවන්, කේතුක ජිද්‍රණ, ස‍ංකේතුකරණ හෝ අනවශ්‍ය පැල්ලම් විසුරුම් ලෙස දිස් විය හැක. ශබ්ද සීමාව තුළ මේවා රළු, විෂම හෝ විකෘති ස්වර නැතහොත් ඝෝෂාව ලෙස ශ්‍රවණය වේ.

සුමටකරණය යනු පටිගත කෙරෙන (හෝ නැවත කියවන) උපාංගයෙහි විසඳුම් හැකියාවට වඩා ඉහල සංඛ්‍යාතයන් සහිත සංඥා කොටස් ඉවත් කිරීමේ ක්‍රියාවලියයි. මෙම ඉවත් කිරීමේ ක්‍රියාවලිය අඩු විභේදනය මට්ටමකින් (නැවත) නියැදි ලබා ගැනීමට පෙර සිදු කෙරේ. සංඥාවෙහි මෙම කොටස ඉවත් කිරීමෙන් තොරව නියැදි ලබා ගැනීම සිදු කළ විට රූපයෙහි (1-a) ඉහල ප්‍රදේශයේ සුදු කළු අපැහැදිලි ප්‍රදේශයක් ඇති වේ.

සංඥා ප්‍රතිග්‍රහණයේ දී සහ ධ්වනි යෙදුමවලදී ප්‍රතිසම සිට සංඛ්‍යාක දක්වා පරිවර්තනය කෙරෙන උපාංගයක් මඟින් නියැදි ලබා ගැනීමට ප්‍රථම ආදාන සංඥාවන් ඒවායේ ඇති එම සංඛ්‍යාත පරාසයට අයත් නොවන කොටස් ඉවත් කිරීම සඳහා ප්‍රතිසම සුමටකරණ පෙරහනක් තුළින් ‍යැවීම මඟින් බොහෝ විට සුමටකරණය කෙරේ. ඩිජිටල් ඡායාරූපකරණයේ දී භාවිතා වන ප්‍රකාශ සුමටකරණ පෙරහන් ද්විවර්තක ද්‍රව්‍යවලින් නිපදවා ඇති අතර ඒවා මඟින් අවකාශ ප්‍රකාශ සීමාව තුළ සංඥාව සුමටනය කෙරේ. එහිදී සුමටන පෙරහන මඟින් සිදු කෙරෙනුයේ ඩිජිටල් සංවේදකයේ සීමාවට පහල මට්ටමක් දක්වා රූපයේ විභේදනය ගෙන ඒම සඳහා එය මඳක් බොඳ කිරීම වේ. (පික්සල් පිහිටුම් විශාලත්වය ඉහල යන තරමට සංවේදක මට්ටමින් ලබා ගත හැකි විභේදනය අවම වේ.)

සුමටකරණයෙහි සෛද්ධාන්තික සාධාරණීකරණය සඳහා සංඥා සැකසුම සහ aliasing ට අදාල ලිපි සලකා බලන්න. මෙම ලිපියෙහි ඉතිරි කොටස පරිගණක රූප නිර්මාණයේ දී භාවිතා කෙරෙන සුමටන ක්‍රම සඳහා වෙන් වී ඇත.



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Anti-aliasing

"https://si.wikipedia.org/w/index.php?title=ත්‍රිමාන-සුමටකරණය&oldid=472420" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි