ත්‍රිමාණ මුද්‍රණ ක්‍රමවේදයන් (3D Printing Technologies)

විකිපීඩියා වෙතින්


මුල රූපයක් තැනීමේ පෙර ක්‍රම වේදයක් ලෙස ශ්‍රමය, විවිධ උපකරණ මෙන්ම පුහුණු ශ්‍රමයද යොදා ගත්හ. උදාහරණයක් ලෙස බබලන වීදි ලාම්පුවක් (digitally) සැලසුම් කල පසු එම සැලසුම් පුහුණු ශිල්පියෙකු‍ට යවනු ලබන අතර එහි දී දැඩි වෙහෙසක් දරා සැලසුම් ඇති අනුරුව ත්‍රිමාණ ලෙස දැවයෙන් තනයි. මෙහි දී අධික මිල ඇති දැව, ක්‍රියාකාරී යන්ත්‍රෝපකරණ හා උපකරණ යොදා ගැනීම සිදුවේ. මෙය කිසිසේත් ම වේගවත් ක්‍රමවේදයක් නොවන අතර ම පුහුණු ශිල්පීයන්ට යන වියදම ද අධික වේ. මේ නිසා වේගවත් ම මෙන්ම ලාභදායී මුලරූප තැනිමේ ක්‍රමවේදයක අවශ්‍යතාව ය ඇති විය. එයට පිළිතුරු වශයෙන් (Repaid prototype) බිහි විය.

ත්‍රිමාණ මුද්‍රණයේ එක් වෙනසක් වන්නේ (Inject printing system) ඉතා තුනී කුඩු අංශු (ප්ලාස්ටර්, මැලියම් කැඳ) තෝරා බේරා මැලියම් /පාප්ප මත යොදා ගෙන (Cas file) ඒ අනුව සිරස් කැපුම් මුද්‍රණය කරනු ලැබීමයි. වර්ණවත් මුලරූප මුද්‍රණයට කිරීමට හැකි එකම ක්‍රමවේදය මෙයයි. ‍එමෙන්ම මෙය වේගවත් මුල රූප තැනීමේ ක්‍රමයක් ලෙසද සැලකේ.

විකල්පයක් ලෙස මෙම යන්ත්‍රෝපකරණ වලට (photopolymer) වැනි ද්‍රාවණ (inkjet type print head ) යොදා ගනිමින් ඇතුළත් කර අනුරුවේ තට්ටු ඇඹීමක් සිදුකරයි. එය (photopolymer phase machine) දම්පාට කිරණ (UV) යොමුකරණ ලාම්පුවක් යොදා ගනිමින් තට්ටුවෙන් තට්ටුව වේලනු ලබයි.


(FDM) යනු සාම්ප්‍රදායික මුල රූප තැනීමේ ක්‍රමවේදයකි. මෙම ක්‍රමයේදී උණුකරණ ලද ද්‍රාවණ (poyer) ආධාරකයකට තට්ටු ලෙස තැන්පත් කරනු ලබයි.


මුද්‍රණ මාධ්‍යයේ කුඩා කැට වලින් යුක්ත අතුරනයකට එක් කිරීම තවත් ක්‍රමවේදයකි. මෙම වෙනස් වීමේ දී එක් නොවන මාධ්‍ය නිෂ්පාදනය වූ උපාංගයේ කොටස් වලට හා තුනී බිත්ති වලට ආධාරක ලෙස ක්‍රියා කරයි. මේ හේතුවෙන් තාවකාලික ආධාරකයන්ගේ අවශ්‍යතාව අවම වේ.

RepRap version 2.0 (Mendel)

අවසාන වශයෙන් ඉතා සියුම් අංග ලක්ෂණ යෙදීමේ (3D michrofabricaton ) ක්‍රමවේදය හා (2 photon ) ක්‍රමවේදය යොදා ගනී. මෙහි දී අවශ්‍ය ත්‍රිමාන අනුරුව ලේසර් කිරණ යොදා ගනිමින් ජෙලි මාධ්‍යයක ඇඹීම සිදුකෙරේ. එහි දී ජෙලි මාධ්‍ය ඝණ බවට පත් වන්නේ ලේසර් කිරණ පතිත වූ තැන පමණි. එය සිදුවන්නේ (photo exudation) වල ඇති රේඛිය නොවන බව හේතුවෙනි. පසුව ඉතිරිවන ජෙලි ‍සොදා හරිනු ලැබේ. 100mn වලට කුඩා ආදර්ශ ඉතා පහසුවෙන් නිම කිරීමට සමත් මෙම ක්‍රමවේදය සංකීර්ණ චලන වන ව්‍යුහ හා එකිනෙකට පැහෙන ව්‍යුහ ද නිර්මාණය කිරීමට සමත් වේ.

සෑම ක්‍රම‍වේදයකට ම එයට ආවේණික වූ වාසි හා අවාසි පවතී. ඒනිසා සමහර ආයතන කුඩු හෝ අංශු හෝ (polymer) මාධ්‍ය ලෙස තෝරා ගනී. සාමාන්‍යයෙන් එසේ තේරීමේ දී සැලකිල්ට ගන්නා කාරණා වන්නේ වේගවත් බව, මුද්‍රණ ත්‍රිමාන මුලරූපයේ වියදම, ත්‍රිමාණ මුද්‍රණ යාන්ත්‍රයේ වියදම, මාධ්‍යයේ තේරීම, වර්ණ යෙදීමේ හැකියාව ආදියයි.


සාම්ප්‍රදායික ක්‍රමයක් වන (stercolitho graphy) ත්‍රිමාන මුද්‍රණයෙන් වේගවත් බව, අඩු වියදම, පහසුව හා සාදන අවධියේ ම නියමාකාරයෙන් දර්ශනය කර ගැනීමට හැකියාව ඇත. විෂ සහිත රසායනික ද්‍රව්‍ය යොදා ගැනීමක් (stercolitho graphy) ක්‍රමවේදයේදී නොකෙරෙන බැවින් හා මුද්‍රණයෙන් පසු කෙරෙන නිමා සැකසුම් අවම වෙන නිසා ‍වඩාත් වාසිදායක වේ. අවශ්‍ය වන්නේ මූලික ක්‍රියාවලියෙන් පසු ඉතිරි වී ඇති අතිරික්ත කුඩු හෝ අංශු මුල රූපයෙන් ඉවත් කිරීම පමණි. කුඩු හෝ අංශු වලින් බැදෙන ලද මුද්‍රණ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉටි හෝ (Thermost polymer) යොදා ගත හැක. (FDM) උපාංග තව ශක්තිමත් කිරීම සඳහා තවත් ලෝහ කොටස් එම උපාංගයට ඇතුලත් කළ හැක.


සටහන්[සංස්කරණය]

3D_modeling#Scene_setup