ත්‍රස්තවාදය- ඇ.එ.ජනපදය

විකිපීඩියා වෙතින්

2001 සැප්තැම්බර් 11 වනදා ප්‍රහාරයට පිළිතුරක් වශයෙන් ඇ.එ.ජනපදය දියත් කරන ලද හමුදාමය, දේශපාලණමය සහ නිතීමය ක්‍රියාමාර්ග පොදුවේ ˝ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය˝ යනුවෙන් හැදින්වේ. ඇ.එ.ජ ජනපදයට අනුව මෙම ක්‍රියාමාර්ගයේ ප්‍රධාන අභිලාෂ වන්නේ ත්‍රස්තවාදී තර්ජන මැඩපැවැත්වීම, ත්‍රස්තවාදී ක්‍රියාවන් වැළැක්වීම සහ අල්-කයිඩා වැනි සංවිධානවල බලපෑමඅවම කිරිමයි. මෙම යුද්ධය සහ එහිදී භාවිතා වන ප්‍රතිපත්තීන් නිරන්තර විවාදයට තුඩු දෙන කාරනා බවට පත්ව ඇත. විවේචකයින් තර්ක කරන පරිදි ඒකපාර්ශවීය‍ව සතුරන් නිෂ්ක්‍රීය කරන යුද්ධයක්, මානව අයිතිවාසිකම් උල්ලංගණය සහ වෙනත් ජ්‍යාතන්තර නීති උල්ලංගණය සාධාරණීකරණය කිරිමට මෙය යොදා ගෙන ඇත.

බලන්න: ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ලැයිස්තුව

20වන ශතවර්ෂයේ අග භාගය පුරා ත්‍රස්තවාදී සංවිධාන විසින් ඇ.එ.ජට සහ එහි මිත්‍ර රටවල් වලට එරෙහිව ප්‍රහාර එල්ල කරන ලදී. 1998 කෙන්යා හා ටැන්සානියා තානාපති කාර්යාල වලට එල්ල වු ප්‍රහාර වලට පසුව බිල් ක්ලින්ටන් විසින් සුඩාන හා ඇෆ්ගනිස්ථාන අල්කයිඩා ඉලක්කවලට එරෙහිව බෝම්බ ප්‍රහාර එල්ල කරමින් අසීමාන්තික මෙහෙයුම ආරම්භ කරන ලදී. මෙම ඉලක්ක අතරට සුඩානයේ 90% වන මැලේරියා මර්දන ඖෂධ නිපදවන ඖෂධ කර්මාන්ත ශාලාවක් ද විය. 2000 ඔක්තෝම්බර් වන විට 2001 සැප්තැම්බර් ප්‍රහාරයට ප්‍රතිඋත්තරයක් ලෙස ඇ.එ.ජ Cole බෝම්බ ප්‍රහාර දියත් කරන ලදී. පසුව සදහන් කළ ප්‍රහාරයෙන් පසුව එක්සත් ජනපදය පුරා ¨තීරණාත්මක ප්‍රතිචාර ¨ මගින් සිවිල් වැසියන් තවදුරටත් ඝාතනය වන බවට තර්ක ඉදිරිපත් වියි. බුෂ් පරිපාලනය මගින් ඉරාක ආක්‍රමණය සාධාරණීකරණය කිරිමට ¨ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය¨ යොදා ගැනීම ප්‍රධාන වශයෙන් මතබේදයට තුඩු දුන් කාරණයකි. අල්කයිඩා හා සදාම් හුසේන් අතර සෘජු සම්බන්ධයක් තිබුනේ යැයි ඉදිරිපත් වු මත මෙම සිද්ධිය විමර්ෂණයට ලක් කරන සියළු පරික්ෂණ කන්ඩායම් බැහැර කර ඇත. වර්ෂ 2001දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කළ 1373 යෝජනාවට අනුව සියළු රටවල් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට සහය නොදැක්වීම, මුල්‍ය ආධාර සහ රැකවරණය ලබා නොදීම මෙන්ම ත්‍රස්කවාදී ක්‍රියා සැළසුම් කරන කණ්ඩායම් සදහා තොරතුරැ ලබා දීම වැළැක්වීමට රටවල් කටයුතු කළ යුතු වේ. වර්ෂ 2005 දී ආරක්ෂක මණ්ඩලය විසින් 1624 යෝජනාවට අනුව රටවල් ජ්‍යාතන්තර මානව අයිතිවාසිකම් නිතීන්ට අනුකූලව ක්‍රියා කිරිමේ අවශ්‍යතාවය සහ ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරිම පෙළඹවීම යන කාරනා අන්තර්ගත වේ.කෙසේ වුවත් මෙම යෝජනා 2න්ම ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම පිළිබදව අනිවාර්‍යය වාර්ෂික වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වුවද ඇ.එ.ජ. හා ඊශ්‍රාලය යන රටවල් 2 විසන්ම එම වාර්තාව ඉදිරිපත් කිරිම පැහැර හැර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ත්‍රස්තවාදය-_ඇ.එ.ජනපදය&oldid=465032" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි