තලබමනය හෙවත් ට'බයිනය

විකිපීඩියා වෙතින්

තල බමරය/ට'බයිනය (Turbine)

ආවරණය ඉවත් කල සීමන්ස්(Siemens) වාශ්ප ට'බයිනයක් රූපයේ දැක්වේ.

ට'බයිනය යනු ගලා යන තරලයකින් ශක්තිය උකහා ගෙන භ්‍රමණය විය හැකි උපකරණයකි. turbo යන ලතින් භාෂාවේ වචනය අනුසාරයෙන් turbine යන වචනය හදුන්වා දී ඇත්තේ ක්ලෝඩ් බ'ඩින්(Claude Burdin)(1788-1873) විසිනි. ඔහුගේ ශිෂ්‍යයකු වන Benoit Fourneyron(1802-1876) විසින්, පලමු ප්‍රායෝගික ජල ට'බයිනය නිපදවිනි.

සරලතම ට'බයිනයක්, එක් චලනය වන කොටසකින් සහ තල සහිත, භ්‍රමණය වන දණ්ඩකින් යුක්තය. ගලා යන තරලය තල මත ඇති කරන බලය නිසා ඒවා භ්‍රමණය වන අතර එමගින් භ්‍රමකයට ශක්තිය සැපයේ. සුළං මෝල, ජල රෝදය වැනි දෑ අතීතයේ යොදාගත් ට'බයින වලට උදාහරණ වේ.

යොදා ගන්නා තරලය රඳවා තබා ගැනීමටත්, එය පාලනය කිරීමටත්, වායු,වාශ්ප සහ ජල ට'බයින වල තල වටා ආවරණයක් යොදා ඇත. බ්‍රිතාන්ය ජාතික ඉන්ජිනේරුවරයකු වන සර්.චාර්ල්ස් පාසන්ස්(Charles parsons) (1854-1931)හට, නූතන වාශ්ප ට'බයිනය සොයා ගැනීමේ ගෞරවය හිමිවේ.

සම්පීඩකය/පොම්පය යනු ට’බයිනයට සමාන එහෙත් ඊට ප්‍රතිවර්ත ක්‍රියාවක් සිදු කරන උපකරණයකි. බොහෝ වායු ට'බයින එන්ජිම වල අක්ෂීය සම්පීඩකයක් දැකිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=තලබමනය_හෙවත්_ට%27බයිනය&oldid=463598" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි