තරගකාර නීතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

එක්සත් ජනපදයෙහිදී ප්‍රතිභාරකාර නීතිය ලෙසින්ද හැඳින්වෙන, තරගකාර නීතිය යනු, සමාගම් වල ප්‍රති-කරගකාරී පිළිවෙත් නියාමනය කරමින් වෙළෙඳපොල තරගකාරීත්වය සඳහා අනුග්‍රහය දක්වන හෝ පවත්වාගෙන යන හෝ නීතිය වෙයි.

20 වන සියවස ආරම්භවීමත් සමඟ ඇමරිකාවේ ප‍්‍රධාන වෙළඳපොළ තුල විශ්වාසය නැතිවීයාම හේතුකොටගෙන බිහිවූ නූතන තරඟකාරීත්ව නීතිය එක්සත් ජනපද ෂර්මන් පනත ආදර්ශ කොටගෙන බිහිවූවකි.

ප්‍රධාන අංග[සංස්කරණය]

තරඟකාරීත්ව නීතිය එක්සත් ජනපදය තුල ප‍්‍රතිහාර නීතිය ලෙසින් හැඳින්වෙන අතර එහි ප‍්‍රධාන අංගයන් පහත දැක්වේ.

ව්‍යාපාරික ආස්තිත්‍යයන් අතර නිදහස් වෙළඳාම සහ තරඟකාරීත්වය සීමා කරන ගිවිසුම් සහ පරිචයන් තහනම් කිරීම. මෙයට ද්වන්ධ වෙළඳ අධිකාරයන් මැඬපැවැත්වීමද අයත් වේ. වෙළඳපොළ ආධිපත්‍යය දරන ආයතනයන්ගේ එකී තත්වය පවත්වාගෙන යාම සඳහා සිදුකරන්නාවූ තරඟකාරීත්වට විරුද්ධ පරිචයන් සහ ප‍්‍රකෝපකාරී හැසිරීම් තහනම් කිරීම. මේ ආකාරයෙන් පරිචයන් නියාමනය කිරීමට කොල්ලකාරී ලෙස මිළ ගණන් නියම කිරීම, මිළ ඉහල දැමීම ගණුදෙනු කිරීම ප‍්‍රතික්ෂේප කිරීම ආදිය ඇතුලත් වේ.

විශාල සමාගම්වල ඒකාබද්ධවීම් සහ අත්පත් කරගැනීම් අධීක්‍ෂණය කිරීම, තරඟකාරීත්ව කි‍්‍රයාවලියට බාධාකාරී වන්නාවූ ගණුදෙනු තහනම් කිරීම, කිසියම් විසඳුම් යෝජනා කර සිටීම ආදිය මෙහිදී සිදුවේ. තරඟකාරීත්ව නීතියේ හරය සහ පරිචයන් අධිකරණ බලය අනුව වෙනස් වෙයි. පාරිභෝගිකයන්ගේ අභිරුචීන් ආරක්‍ෂා කිරීම (පාරිභෝගික සුභසාධනය) , ව්‍යවසායකයින්ට තරඟ කිරීමට අවස්ථාව ලබාදීම (වෙළඳපොළ ආර්ථිකය) , මෙහි වැදගත් අරමුණු ලෙස සලකනු ලැබේ. වෙළඳපොළ වෙත ප‍්‍රවේශය වෙළඳ ද්‍රව්‍යයන් මත රජයේ සහන ලබාදීම රාජ්‍ය හිමිකාරත්වය යටතේ පවත්නා දේපළ ආරක්‍ෂා කිරීම, ස්වාධීන නියාමන ආයතනයන් ස්ථාපිත කිරීම ආදිය සමඟ තරඟකාරීත්ව නීතිය තදින් බැඳී පවතී. පසුගිය දශක කිහිපය තුල තරඟකාරීත්ව නීතිය වඩා හොඳ මහජන සේවයක් සැපයීමේ ක‍්‍රමවේදයක් ලෙසින් සලකනු ලැබ ඇත.

වෙළඳපොළ පරිචයන් ශ්‍රේණීන් සහ රජයන් හැමවිටම නිරීක්‍ෂණයට සහ සමහර අවස්ථාවන්හි දැඩි බාධක පැනවීම් වලට ලක්ව ඇත. 20 වන සියවසේ සිට මෙම නීතිය ගෝලීය එකක් බවට පත්ව ඇත. විශාලතම තරඟකාරීත්ව නියාමනයන් වන්නේ එක්සත් ජනපද ප‍්‍රතිහාර නීතිය සහ යුරෝපීය ප‍්‍රජාවේ තරඟකාරීත්ව නීතියයි. ලෝකය පුරා ජාතික හා කලාපීය අධිකාරීන් විසින් ජාලයන් බලාත්මක කිරීම සඳහා ජා්‍යන්තර සහයෝගය ලබාදී ඇත.

ප්‍රතිභාර නීතිය - තරඟකාරී නීතියේ ඉතිහාසය[සංස්කරණය]

තරඟකාරිත්වය පාලනය කරන නීතියට සහශ්‍රක දෙකකට වඩා දීර්ඝ ඉතිහාසයක් ඇත. රෝම අධිරාජ්‍යය හා අනෙකුත් මධ්‍යකාලීන රාජාණ්ඩු විසින් භාණ්ඩ මිල ස්ථාවරව පවත්වා ගැනීමට හා දේශිය නිෂ්පාදනයන්ට රුකුලක් වශයෙන් බදු අය කරන ලදී. මෙම තරඟකාරී නීතිය පිළිබඳ ක්‍රමවත් අධ්‍යයනයක් පළමු වරට සිදුකරන ලද්දේ 18 වන සියවසේ දී Adam smith විසින් රචනා කල wealth of nalions ග්‍රන්ථය ප්‍රකාශයට පත් වීමත් සමඟය. මෙම නීතියට ආවේණික යෙදුම් ලෙස සීමාකාරී භාවිත ඒකාධිකාරී නීතිය, සංයෝජන ක්‍රියාව, ව්‍යාපාර ප්‍රතිභාජනය ආදිය දැක්වීමට පුළුවන.

රෝම ව්‍යවස්ථාවන් ( රෝම නීතිය)[සංස්කරණය]

ඉතා ඉහළ උද්ධමනයක් පැවති අවධියක දී දියෝන්ක්ලෙෂියන් නමැති රෝම අධිරාජ්‍යයා විසින් මිල විකෘති කිරීම සම්බන්ධයෙන් දැඩි නීති රීති පනවන ලදී.

ක්‍රි. ව. 50 දී එනම් රෝම සමූහාණ්ඩු සමයේ දී Lex Julia de anona යනුවෙන් නීතියක් පනවනු ලැබීය. එය පැරණිම තරඟකාරී නීතිවලින් එකකි. ඉරිඟු වෙළෙඳාම ආරක්ෂා කරගැනිම සඳහා හිතාමතා හෝ කූට ලෙස භාණ්ඩ ප්‍රවාහන නෞකා සැපයුම නවත්වන ඕනෑම අයෙකුට එරෙහිව විශාල දඩ මුදලක් පනවන ලදී. ක්‍රි.ව. 301 දී පමණ දියොන්කි‍ලේෂියන් අධිරාජ්‍යාගේ සමයේ දී වැඩිපුර මිල දී ගැනීමෙන්, සැගවීමෙන් හෝ වෙනත් ප්‍රයෝගයකින් දෛනික භාණ්ඩ වල හිඟයක් ඇති කරන ඕනෑම අයෙකුටද මරණිය දණ්ඩනය නියම විය.

ක්‍රි.ව. 483 දී Zeno ව්‍යවස්ථාව යටතේ තවත් නීති සම්පාදනය වූ අතර 1322 හා 1326 සම්මත කරන ලද ක්ලෝරන්ටයින් නාගරික නීති ඉන් ප්‍රධාන තැනක් ගනී. මෙම නීති මඟින් ඕනෑම ආකාරයක වෙළඳ එකමුතුවක්, පුද්ගලික ‍හෝ අධිරාජ්‍යා විසින් ප්‍රධානය කරන ලද ඒකාධිකාරියක් හිමි පුද්ගලයන්ගේ දේපල තහනම් කිරීම හා රටින් පිටුවහල් කිරීම ආදි දඩුවම් පමුණුවන ලදී. Zeno ව්‍යවස්ථාව මඟින් ඊට පෙර කාල වලදී ප්‍රධානය කරන ලද තනි අයිතිවාසිකම් ගණනාවක් අවලංගු කරන ලදී. පසුකාලකදී I වන ජස්ටියන් අධිරාජ්‍යා විසින් රාජ්‍ය ඒකාධිකාරී කළමණාකරණ හා ඊට සම්බන්ධ නිලධාරින් හට ගෙවීම සිදු කිරීම සඳහා ද නීති සම්පාදනය කරන ලදී. ඉන් පසු සමස්ත යුරෝප‍ය අඳුරු යුගයකට තල්ලු වී යාම නිසා මධ්‍යතන යුගයේදී වෙළෙදාම පුළුල් ලෙස ව්‍යාප්ත වන තුරුම ඒ සම්බන්ධ වැදගත් නීතින් සම්පාදනය කිරීමක් හෝ එවැනි වාර්තාවන් දක්නට නොලැබේ.

මධ්‍යතන යුගය[සංස්කරණය]

ඒකාධිකාරය හා සීමාකාරී භාවිතය සඳහා වන නීති, නෝමන්වරුන් විසින් එංගලන්තය යටත් කර ගැනීමටත් පෙර සිටම පැවත එන්නකි. කඩඉම් පොතේ සඳහන් ආකාරයට කිසියම් භාණ්ඩයක් මිල දීගෙන එම භාණ්ඩය වෙළෙඳ ‍පොලේ වැඩිමිලකට විකිණීම (Foresteeling) Zdward රජතුමා විසින් රට පුරාම ක්‍රියාත්මක කළ අහිමි කිරීම් එකක් ලෙස දැක්වේ. තවද සාධාරණ මිල නියම කිරීම තුළින් වෙළෙඳ පොළ සෘජුවම හැසිරවීම කෙරෙහිද අවධානය යොමු කරන ලදී. 3 වන හෙන්රි රජුගේ කාලයේ දී පාන් හා බීර මිල තිරිගු පිටි හා අනුරූපව පවත්වාගෙන යාම සඳහා අධිකරණ නිලධාරීන් නියම කරන පරිදි නීතියක් පැනවීය, ඒ ක්‍රි.ව. 1206 දීය. 14 වන සියවසේ දී පෙර කිවූ අහිමි කිරීම සිදුකරන (Forestecl) පුද්ගලයින් දුප්පත් ජනතාවගේ හා ප්‍රජා‍වේත්, මුළුරටේමත්, සතුරන් වශයෙන් සලකා දඩුවම් දෙන ලදී. III වන එඩ්වඩ් රජුගේ සමයේ දී කම්කරුවන් හා කර්මාන්තකරුවන්ට ස්ථාවර වේතන ලබාදීම හා ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලට ඔවුන්ට විකිණිය යුතු යැයි නීතියක් වර්ෂ 1349 දි සකස් කළ කම්කරු ව්‍යවස්ථාවෙන් පැනවිණි. වැඩිමිලට ආහාර ද්‍රව්‍ය අලෙවිකරන්නන් ඔවුන් ලබාගත් මුදල මෙන් දෙගුණයක් දඩුවම් වශයෙන් ගෙවිය යුතුවේ. 1553 දී අටවන හෙන්රි රජු විසින් විදේශිය සැපයුම් වල උච්ඡාවචනය හේතුවෙන් ආහාර ද්‍රව්‍යවල මිල ස්ථාවරව පවත්වා ගැනීමට බද්දක් පනවන ලදි. මේ කාලය වන විට වෙළඳ ව්‍යාපාරිකයින් හා අත්කම් නිෂ්පාදකයින් එක්ව ඇතිකර ගත් සංවිධාන වර්ධනය වෙමින් පැවතිණි. ඔවුන් ඒකාධිකාරී නීතිවලින් සහන හා නිදහස භුක්ති වින්දේ ය. කෙසේ වෙතත් මෙම වරප්‍රසාද ක්‍රි.ව. 1835 දි නාගරික සංස්ථා පනත හඳුන්වා දෙනතුරුම අහෝසි නොවි තිබුණි.

පුනරුද සමයේ වර්ධනය.ගෝලියකරණයේ මුල් අවධියේ දී ඒකාධිකාරිය අනිසි ලෙස භාවිත නොකරන බවට 1 වන එළිසබෙත් රැජින විසින් සහතික වුවාය.

15 වන සියවසේ දී වෙළෙඳාමද ඉතාමත් ශීඝ්‍රයෙන් වෙනස්කම් රැසකට භාජනය වන්නට විය. නව ලෝකය විවෘත වීමත් සමඟම විදේශ වෙළඳාම තුළින් ලැබු ධනය හේතුවෙන් ජාත්‍යන්තර ආර්ථිකයත් ව්‍යාපාරික ප්‍රජාවගේ අදහස් හා ආකල්පත් ඉතා ශීඝ්‍රයෙන් වෙනස් විය. 1561 දී කාර්මික ඒකාධිකාරි බලපත්‍රය (වර්තමානයේ Patent බලපත්‍රයට සමාන ) එංගලන්තයට හඳුන්වා දුණි. නමුත් පළමු වැනි එළිසබෙත් රැජිනගේ පාලන සමයේ මෙම සම්ප්‍රදාය ප්‍රසිද්ධියේම උල්ලංඝනය විණි. එය භාවිතා වූයේ වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමට මිස නව නිෂ්පාදන දිරිමත් කිරීමට නොවේ. මෙම කෙටුම් පත ඉදිරිපත් කළ විට මහජන මන්ත්‍රී මණ්ඩලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණ. එහිදී රැජින එම උද්ඝෝෂණ කරුවන්ට නීතිමය මාර්ගයෙන් ඊට විරෝධය පළ කරන මෙන් කියා සිටියේ ය. මෙය එකාධිකාරි නඩුවක් සඳහා කදිම උත්ප්‍රෙරනයක් විය. මෙහි පැමිණිලිකරු රැජිනගේ නිලධාරියෙකු වූ අතර ඔහුට සෙල්ලම් කාඩ් සෑදීමට තනි අයිතියක් ලබාදී තිබුණි. වගඋත්තරකරු විසින් ඔහුගේ එම තනි අයිතිය උල්ලංඝනය කළ බව සදහන් කරමින් ඊට එරෙහිව නඩු පවරන ලදි. අධිකරණය විසින් මෙම ප්‍රධානය අවලංගු කරන ලදි. එම ඒකාධිකාරයේ ප්‍රධාන ලක්ෂණ 3 ක් පෙන්වා දීමද එහිදී සිදුවිය.

(1) මිල ඉහළ දැමීම

(2) තත්ත්වය පහළ යාම

(3) කර්මාන්ත කරුවන් කම්මැළියන් හා හිඟන්නන් ගේ තත්ත්වයට පත් කිරීමට ඇති ප්‍රවණතාවය.

1623 දී පාර්ලිමේන්තුව ඒකාධිකාරි පනත සම්මත කරන ලද අතර එමඟින් පේටන්ට් (Patent) අයිතීන් සඳහා පනවා තිබූ තහනම ඉවත් කරන ලදී.

I වැනි හා II වැනි චාල්ස් රජවරුන්ගේ සමයේ දී ඇති වු යුධමය වාතාවරණය ඒකාධිකාරය දිගමට පවත්වා ගැනිම සඳහා ඉවහල් විය. එමඟින් බදු අයකිරීම් ඉහළ මට්ටමක පවත්වා ගත හැකි විය.

1776 දී Adam smith විසින් රචනා කරනු ලැබූ Wealth of nations කෘතිය තුළින් මෙම ක්‍රමවේදයන් දෝෂදර්ශනයට ලක්කරන නිසාවෙන් වෙනසක් ඇතිවීමට ඉන් මගක් පැදිණ.

ව්‍යාපාර ප්‍රතිබාධනය[සංස්කරණය]

විනිසුරු Coke 17 වන සියවසේ දී ව්‍යාපාර ප්‍රතිපාදනය සාධාරණ නොවන බවට අදහසක් ඉදිරිපත් කරන ලදී.

ඉංග්‍රිසි නීතියේ ව්‍යාපාර ප්‍රතිබාධන නීතිය වත්මන් තරඟකාරී නීතියේ පැහැදිලි ව දක්නට ලැබෙන පූර්වගාමයක් විය. මෙහි වත්මන් භාවිතය ඉතා අල්ප වන අතර පොදු නීති සම්ප්‍රදාය අනුගමනය කරන රටවල් ගණනාවක් වර්තමාන අර්ථ ක්‍රමය හා ව්‍යවස්ථාවන් සම්පාදනය සඳහා විශාල දායකත්වයක් සැපයීය. ව්‍යාපාර ප්‍රතිබාධන නීතිය තුළ තවත් වෙළඳ ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාපාරයන් අවහිර කිරීම සඳහා ප්‍රතිපාදන අත්කරගත යුතුවේ. Nordenfelt Vs Maxim Nordenfelt gun co නඩුවේ දී අවි නිෂ්පාදකයෙකු ඇමෙරිකානූ අවිනිෂ්පාදකයෙකු හට තම ව්‍යාපාරය අලෙවි කිරීමට පොරොන්දු විය. එහිදි ඔහු විසින් තුවක්කු හෝ පතරොම් හෝ කිසිම තැනක නැවත නිෂ්පාදනය නොකරන බවටත් මැක්සිම් සමඟ තරඟ නොකරන බවටත්, පොරොන්දු විය. අධිකරණ තීන්දුව වුයේ මෙය අසාධාරණ ප්‍රතිබාධකයක් බවයි.

ප්‍රතිභාර නීතියෙහි වෙළඳ ආධිපත්‍යය හා ඒකාධිකාරය[සංස්කරණය]

The economist's depiction of deadweight loss to efficiency that monopolies cause

තරඟකාරී වෙළෙඳ පොළවල් හා සැසදීමේ දී විශාල වෙළඳ ‍භාගයක් (Market share) හිමි සමාගම් විසින් වැඩි මිලට තත්ත්වයෙන් බාල භාණ්ඩ පාරිභෝගිකයා අතට පත් කිරීමේ අවධානමක් පවතී. කේසේ නමුත් නව නිෂ්පාදන වෙළෙඳ පොළට ඇතුල්වීම නිසා, ඉහළ වෙළෙඳ භාගයක් හිමි ආයතනවලට මිල ඉහළ දැමීමට ඇති ඉඩකඩ අහුරාලයි. එහෙත් එවැනි ඉතා ඉහළ වෙළෙඳ භාගයන් පැවතීම යන්නේ සැමවිටම පාරිභෝගිකයා විසින් මිලදි ගන්නා භාණ්ඩවලට වැඩි මිලක් ගෙවිය යුතු යැයි අදහස් නොවේ. තරඟකාරී නීතිය මඟින් හුදෙක් වෙළෙඳ සමාගම් සතුව ඒකාධිකාරයක් පැවතීම තහනම් කිරීමක් සිදුනොකරන අතර ඒකාධිකාරී බලය ඇත්තා එය අනිසි ලෙස භාවිතා කිරීම(තරඟකරුවන් නිෂේධනය කිරීම වැනි ක්‍රියාකාරකම්) පමණක් වළක්වාලයි.

පළමුවෙන්ම වෙළඳ සමාගමක් ප්‍රබල ස්ථානයක සිටිනවාද? නැත්ද? යන වගත්, එම සමාගම එහි තරඟකරුවන්, ගණුදෙනුකරුවන් හා අවසාන පාරිභෝගිකයන්ගෙන් ඈත්ව සැලකිය යුතු තරමකට ස්වාධීනව කටයුතු කරනවා ද? නැද්ද? යන්න තීරණය කළ යුතුවෙයි. යුරෝපා වෙළෙඳ සමාගම ප්‍රමුඛත්වයේ සිටී යැයි අනුමාන කළ හැකි ලක්ෂණ දක්නට හැකි අතර එම උපකල්පන නිෂ්ප්‍රභා කළ හැකි ඒවා වේ. එසේ යම් වෙළෙඳ සමාගමක් ප්‍රමුඛත්වයේ රැඳේ නම් පොදු වෙළෙඳ පොළ තුළ නිරන්තර තරඟකාරීත්වයක් ඇති නොවන පරිදි ක්‍රියාකිරීමේ විශේෂ වගකීමක් එම සමාගම සතුව පවතී. එමෙන්ම වෙළෙඳ සමාගමක් කූට අන්දමින් ක්‍රියාකරන විට වෙළෙඳ භාගය තීරණය කරනු ලබන්නේ අදාළ වෙළෙඳ සමාගම හා සඳහන් කරනු ලැබු නිෂ්පාදනය අලවි කරනු ලබන වෙළෙඳ පොළ තත්ත්වයන් අනුවයි.‍‍

සාමාන්‍යයෙන් රටක නීතිය මඟින් නොනිසි ක්‍රියාකාරකම් වර්ගීකරණ කර ඒවා තහනමට ලක්කර ඇත. උදා: වියදම ඉහළ දැමීම ප්‍රතික්ෂේප කිරීම හා නවීකරණ තාක්ෂණ යොදාගැනීම ප්‍රතික්ෂේප කිරීම මඟින් නිෂ්පාදනයන් සීමාකිරීම, එක් නිෂ්පාදනයක් තවත් වෙළෙඳ සමාගමකට නිෂ්පාදන හා සම්බන්ධ කරමින් විකිණීම, පාරිභෝගිකයාට වෙළෙඳ පොළ තුල තමන් කැමති භාණ්ඩ තෝරාගැනීමට ඉඩ නොතැබීම හා තරඟකරුවන්ගේ නිෂ්පාදන වෙළෙඳ පොළට ඇතුල්වන මාර්ග ඇහිරීම, Microsoft Vs Corrussion නඩුවේ දී මෙවැනි අනිසි ක්‍රියාවන් නිසා වගකිවයුතු සමාගමකට පවුම් මිලියන 497 දඩමුදලක් ගෙවීමට සිදුවිය. වෙළෙඳපොළ තරඟකාරීත්වයේ නියැළී සිටින සියලුම වෙළෙඳ සමාගම්වල ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් එක ලෙස සැපයීම ප්‍රතික්ෂේප කිරීම තවත් එවැනිම වූ අනිසි ක්‍රියාවකි.

Convernscioal solvents නමැති වෛද්‍ය සමාගම විසින් ප්‍රතිවාදී ක්ෂය රෝග ‍ඖෂධ සැපයීමේ සමාගම පිහිටවූ පසු Convernscioal solvents සමාගමට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම සඳහා Zoja නමැති සමාගමට බලකරනු ලැබිය. Zoja යනු වෙළෙඳ පොළේ සිටි එකම තරඟකරු වූ අතර අධිකරණ බල කිරීමකින් තොරව අනෙක් සියලුම තරඟ කරුවන් ඉවත්කර දැමිණි.

සුරා කෑමේ මිල නියම කිරීම (Piles exploitation) යනු මිල කටයුතු හා සම්බන්ධ තවත් එක් අනිසි ක්‍රියාවකි. මෙවැනි ආකාරයේ අනිසි ක්‍රියාවන් ඉතා දුලබවන අතර ඒවා ඇතිවන්නේ කුමන අවස්ථාවේ ද? යන්න හඳුනා ගැනීම ඉතා අපහසුවේ. එක් අවස්ථාවක දී අවමංගල්‍යය සේවාවන් සපයන සමාගමක් මෙලෙස පාරිභෝගිකයන් සූරාකව අන්දමේ මිල නියමයන් ඉදිරිපත් කර තිබුන ද එය සාධාරණිකරණය කිරීම සඳහා ඔවුන් යොදා ගන්නේ අන්‍ය ආගම් වල අවමංගල්‍ය කටයුතු සඳහා වෙනම මිල නියම කිරීම් සිදු කළ යුතු බවයි. කොල්ලකාරී මිල නියම කිරීම (Predailay Piecing ) තවත් හඳුනා ගැනීමට ඉතා දුෂ්කර මිල නියම කිරීම වලින් එකකි. මෙහිදී සිදුවන්නේ කුඩා පරිමාණයේ තරඟකරුවන්ට තම නිෂ්පාදන කෙරෙහි විකුණුම් මිල අඩුවීමයි. මෙහි ප්‍රතිඵල ලෙස එම කුඩා පරිමාණයේ ව්‍යාපාර කඩා වැටීමක් සිදුවේ. France Telecom SA VS Commupanis නඩුවේ දී අන්තර්ජාල සමාගමට දඩ මුදල වශයෙන් පවුම් මිලියන 10.35 ක මුදලක් ගෙවීමට සිදු විය. ඒ නිෂ්පාදන වියදමට වඩා අඩු මිලකට විකුණුම් ද්‍රව්‍ය මිල කිරීමයි. එය තරඟකරුවන් ඉවත් කිරීමත්, ඉහළ වෙළද‍ භාගයන් අත්පත් කර ගැනීමත් අරමුණු කර ගන්නකි. මිල විචලනය තවත් මිල හා සම්බන්ධ අනිසි ක්‍රියාවකි. සමාගමක නිසි ආකාරයෙන් භාණ්ඩ අපනයනය කරන කාර්මික පාරිභෝගිකයන්ට ගෙවන ලද මිලෙන් කොටසක් ආපසු දීමත් එම සහනය එම වෙළඳ පොලේ අනෙකුත් පාරිභෝගිකයන්ට ලබා නොදීමත් මිල විචලනයට වැටේ.

ප්‍රතිභාරකාර නීතිය දුස්සන්ධානය හා කාටල ගිවිසුම්[සංස්කරණය]

ඈඩම් ස්මිත්

මධ්‍යස්ථ ආර්ථික විශ්ලේෂකයන් ගේ විවේචන නොසලකා හරිමින් 1980 දශකයේ සිට අනුගමනය කළ තරඟකාරී ප්‍රතිපත්තියේ මූලික හරය වුයේ ප්‍රති මිල තීරක කාටල ගිවිසුම් ත්‍යාග පත්‍රයයි. කාටල ගිවිසුම් ගැන Adom smith විසින් Wealth of natorus නමැති ග්‍රන්ථයේ දක්වා ඇතත් ඒවා වැළැක්වීමට ගතයුතු නෛතික ක්‍රියාමාර්ගයන් ගැන සඳහන් කොට නැත. කෙසේ නමුත් මේ දිනවල කාටල ගිවිසුම් වලට එරෙහිව යන දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. යුරෝපා සංගම් ව්‍යවස්ථාවේ 81 වැනි වගන්තියෙන් කාටල ගිවිසුම් තහනම් කර ඇති අතර, එක්සත් ජනපදය තුළ Sherman පනත මඟින් (1890) තහනම් කර ඇත. Sherman Act යටතේ තරඟකාරී නීතිය සියලුම ආකාරයේ භාරයක් හා එක්ව පවතින ගිවිසුම් නැතහොත් කුමන්ත්‍රණයක් යනුවෙන් සඳහන් කර ඇත. යුරෝපා ව්‍යවස්ථාවේ 81 වන වගන්තියේ සඳහන් වන්නේ තරඟකාරී නීතියේ ඉලක්කය කවුරුන්ද යන්න අදියර දෙකකින් පැහැදිලි කර ඇත. මෙහි සඳහන් වන්නේ ආර්ථිකයට සම්බන්ධ කටයුතු කරන කවුරුන් හෝ යන්නයි. මෙයට සේවකයන් අන්තර්ගත වන්නේද නැත. මන්දයත් ඔවුන් ස්වාභාවයෙන් ම ස්වාධීනව ආර්ථික හෝ වාණිජමය කටයුතු වල නිරත නොවන නිසා රාජ්‍ය සේවකයන් සියල්ලෝ සමාජමය අරමුණක් සඳහා එකමුතුව කටයුතු කරයි. එම නිසා (ප්‍රාතිඥාව) ගිවිසුමක් බවට පත්වන අතර එය සම්මුති ප්‍රයෝගයන් ලෙස වර්ධනය වීමක් හෝ සම්මේලනයක් තුළ තීරණ ගැනීමක් විය හැකිය. ඇමෙරිකානූ ප්‍රතිභාරකාර නීතිය පවසන්නේ ද මීට සමානම අදහසකි. එහි ඕනැම ආකාර‍යේ ගනුදෙනුවක් හෝ හමුවීමක් යන්නෙන් දක්වා ඇත.

එම නිසා මේ මඟින් සිල්ලර වෙළනේදාට දෙනු ලබන සියලුම ලිඛිත ‍හෝ වාචික ගිවිසුම් මෙමඟින් ආවරණය කෙරේ.

සිරස් ගිවිසුම් වලදී එකමතිකත්වය අවම මට්ටමක පවති. මෙම ගිවිසුම් ඇතිවන්නේ එකම මට්ටමක නොවන සැපයුම් ජාලයේ ඇති නිෂ්පාදන ආයතන අතර ය. උදා: සුපිරි වෙළඳසැල් හා පාන් නිෂ්පාදකයන් අතර ගිවිසුම්.

මෑතකදී ඇමරිකානු ශේෂ්ඨාධිකරණය, ප්‍රතිභාරකාර නඩුවලදී රෙදිපිළි නිෂ්පාදකයින් හා රෙදිපිළි වෙළෙන්දන් වැනි සෘජුව තරඟයේ නොයෙදෙන්නන් අතර ඇති ගිවිසුම් ගැනත්, සැපයුම් ජාලයේ සමාන තත්වයේ පවතින සමාගම් අතර තරඟකාරිත්වය සීමා කරන ගිවිසුම් තහනම් කිරීමත් (සිල්ලර වෙළනේදන් හා බෙදා හරින්නන් අතර ගිවිසුම් වැනි) මගින් සැකසුම් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. මේ ආකාරයට පිරිස් ගිවිසුම් (Verical Agreements) තවමත් නීති විරෝධි වන අතර ඒවා නීති විරෝධි යැයි ඔප්පු කිරීමේ ගිවිසුම එකපයින්ම නීති විරෝධී වීමකට වඩා නීතිමය හේතුන් මත පදනම්ව නීති විරෝධි යැයි ප්‍රකාශ කිරීම සුදුසු බව අධිකරණය විසින් මෑත කාලයකදී පෙන්වා දෙන ලදී.

ප්‍රතිභාර නීතිය - ජාත්‍යන්තරව බලාත්මක කිරීම[සංස්කරණය]

WTO හී සාමාජික රටවල්

ලොක වෙළෙඳ සංගමයේ සමාජික රටවල් අතර ඇතිවන ගිවිසුම්වලට සමස්තයක් වශයෙන් තරඟකාරී නීතිය අදාළ කරගැනීම අවශ්‍යද? නැද්ද? යන කාරණය සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමට තවම නොහැකිව ඇත.

තරඟකාරී නීතිය මූලික වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය වැනි ‍ෆෙඩරල් රාජ්‍යන්ගේ මට්ටමින් ජාත්‍යන්තරකරණය වී ඇති අතර ඊට ඇති ජාත්‍යන්තර සංවිධාන වල සහභාගීත්වයද වර්ධනය වෙමින් පවතී. එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සමුළුව (Cunctad) ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන සංවිධානය (OECD)වැනි ජාත්‍යන්තර ක්‍රියාකාරී සමළු වලදී රාජ්‍ය හා පුද්ගලික අංශවලට තරඟකාරී නීතිය මුළුමනින්ම අදාළ කර ගැනීම සම්බන්ධයෙන් නව ලිබරල් වාදී නිර්දේශ ඉදිරිපත් කිරීමේ නැඹුරුතාවක් පවතී. නව්‍යතා ප්‍රඥප්තියේ (Havama charter)අඩංගු පරිච්ඡේදයන්හි ප්‍රතිභාරකාර නීති සංග්‍රහයන් අඩංගු වන අතර ලෝහ වෙළෙඳ සංගමයේ පෙර ගමන්කරුවූ Gatt සම්මුතියට එම නීති අන්තර්ගත කොට නොමැත. සාධාරණ වෙළඳාමක් සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂක මහාචාර්ය Richard whish පවසන්නේ දැනට තිබෙන වර්ධන අවධිය අනුව ලෝක වෙළෙඳ සංවිධානය ගෝලීය තරඟකාරී අධිකාරියක මට්ටමකට වෙනස් වීමට භාජනය විම සැක සහිත බවයි. එසේවුවත් දැනට කෙරීගෙන යන දෝහා සාකච්ඡා වට තුළ (Doha round of talks) තරඟකාරී නීතිය බල පැවැත්ම ගෝලිය මට්ටම දක්වා වලංගු තත්ත්වයට පත්කිරීමට සාකච්ඡා පවත්වමින් සිටී. එම තත්ත්වය ඇති කිරීමට ලෝක වෙළඳ සංවිධානයට පමණක් නොහැකි අතර ඒ සඳහා අභිනවයෙන් පිහිටවනු ලැබූ ජාත්‍යන්තර තරගකාරී ජාලය (ICN) හා ජාතික ආයතන මනාලෙස සම්බන්ධිකරණය විය යුතුය.

ප්‍රතිභාර නීතිය එකාබද්ධ වීම හා අත්පත් කර ගැනීම[සංස්කරණය]

තරඟකාරී නීතියට අනුව සංයුක්ත වීම හා අත්පත් කර ගැනීම දෙස බලන කළ ඉන් නිරූපිත අදහස වන්නේ පෙරනොවූ විරූ ආකාරයට ආර්ථික ශක්තිය කිහිප දෙනෙකු අතට පත්වීමයි. මෙහිදී මූලික වශයෙන් අදහස් වන්නේ එක් සමාගමක කොටස් තවත් සමාගමක් විසින් මිලදී ගැනීමයි. රජය විසින් ආර්ථික සංකේන්ද්‍රණය පාලනය කිරීමට බලපාන හේතුන්ද ප්‍රමුඛත්වයේ සිටිනා වෙළඳ සමාගම් විසින් එම ප්‍රමුඛත්වය අනිසි භාවිතය වැළැක්වීමට යොදා ගන්නා හේතූන්ද අතර කිසිදු වෙනසක් නොමැත. සංයුක්ත වීම හා අත්පත් කර ගැනීම පාලනයේ දී යම් ගැටළුවක් පැන නැගීමට පෙර රජය විසින් ඊට නිසි පිළියම් යොදයි. එනම් ප්‍රමුඛත්ව වෙළෙඳ සමාගම් ඇති වීමට පෙර ඒවා ඇතිවීම වළක්වයි. ඇමරිකා එක්සත් ජනපදයේ සංයුක්ත වීම පාලනය වන්නේ ක්ලේටන් පනත (Clayton Act) යටතේයි. යුරෝපා සංගමයේ මෙම සංයුක්තවීම පාලනය වන්නේ සංයුක්ත රෙගුලාසි 134/2004 යටතේ ය. (ECMR) තරඟකාරී නීතියට අනුකූලව සංයුක්ත වීමට අදහස්කරන වෙළෙඳ සමාගම් ඊට ප්‍රථම අදාළ රාජ්‍ය පරිපාලන ආයතනවලින් අනුමැතිය ලබාගත යුතු වේ.

වෙළඳ සමාගම් සංයුක්ත වීම පසුපස ඇති මූලික සිද්ධාන්ත නම් සාපේක්ෂව ද්විපාර්ශ්විය ගිවිසුමකට එළඹෙනවාට වඩා විවෘත වෙළෙඳ පොළේ ගනුදෙනු පහසුකර ගැනීමයි.

කෙසේ වෙතත් වෙළෙඳ සමාගම් විසින් වෙළෙඳ පොළ තුළ තම බලය වැඩිකර ගැනීමට වෙර දරන අතරම එය තම වාසියටද හරවාගනී. ඒ අතර තම වෙළෙඳ භාගය ඉහළ දමා ගැනීමට ද වෙර දරයි. එලෙසම තමන් හා තරඟකරන්නන්ගේ සංඛ්‍යාවද අඩුකර ගැනීම වැනි තම ගනුදෙනු කෙරෙහි සෘජු බල පෑමක් ඇතිකරන පාරිභෝගිකයා ලබන්නේ කුමක් ද යන්න පිළිබඳවද වඩාත් සැලකිලිමත් වේ.

යුරෝපා සංගම් නීතියේ ප්‍රධාන ප්‍රතිපාදන වලින් බලාපොරොත්තු වන්නේ සංකේන්ද්‍රණය තුළින් වඩා ක්‍රියාශිලි තරඟකාරිත්වයක් ඇතිකිරීමට ඉන් කවර මට්ටමේ බාධාවක් ඇති කරයි ද යන්නත් එහි ප්‍රතිඵලයක් එලෙස ඇතිවන ප්‍රමුඛතාව හෝ තවදුරටත් එය ශක්තිමත් වන්නේ ද යන්නත්ය. ඊට අදාළ එක්සත් ජනපද නීතියේ අන්තර්ගත වන්නේ ඒ හා සමාන ම ප්‍රතිපාදන වේ.

තරඟකාරීත්වයේ සැලකියයුතු මට්ටමේ අඩුවීමක් හෝ බාධාවක් වන්නේ කුමක් ද යන්න විධිමත් අධ්‍යාපනයකින් හඳුනා ගත හැකිය. මෙලෙස අධ්‍යයනයන් මඟින් උපකල්පන මිස අවසාන නිගමනයන් ඉදිරිපත් කළ නොහැකිය. Herfindhal – Hirschman දර්ශකය භාවිතයෙන් වෙළෙඳ පොළ තත්ත්වය ගණනය කිරීමට හා සංකේන්ද්‍රණය වන්නේද යන්න හඳුනාගත හැකිය. මෙවැනි ගණනයන්ගෙන් මිදී වෙළෙඳ පොළ තුළ තාක්ෂණික මෙලම් භාවිතය පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැද

ආර්ථික සබඳතාවන් හරහා ඇතිවිය හැකි සාමූහික ප්‍රමුඛතාවයද තවත් වැදගත් ප්‍රශ්නයකි. එමඟින් ඇතිවන නව වෙළෙඳ පොළවල් කූට ක්‍රියාකාරකම් සඳහා තෝතැන්නක් වේ. වෙළෙඳ පොළ කොතරම් ‍විනිවිද භාවයකින් යුක්ත වන්නේ ද යන්න දැන ගැනීම තුළින් වඩාත් සංකේන්ද්‍රීය ව්‍යුහයක් ගොඩනැගේ. එමඟින් වෙළඳ සමාගම්වලට වඩා හොඳින් එකිනෙකා හා සම්බන්ධ වී අනෙක් තරඟකරුවන් බිය වැද්දීමට ද, තරඟකරුවන්ගේ හා පාරිභෝගික ප්‍රතිචාර වලින් කොතරම් දුරට ආරක්ෂා විය හැකිද, වෙළෙඳ පොළට අලුතින් එක්වන සමාගම් හා ඒවාට මුහුණ දීමේදී ඇතිවන ගැටළු මොනවාද යන්න පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි වේ.

අසාර්ථක වීම හෝ බංකොළොත් වීම හේතු කොටගෙන සමාගමක් පවරා ගැනීම සාධාරණීකරණය කළ හැකි හේතුවක් වන අතර එම නිසා තරඟකාරී තත්ත්වයද අඩුවේ. සිරස් ඒකාබද්ධ වීම පිළිබඳව වෙළෙඳ පොළේ අවධානය යොමු වන්නේ අල්ප වශයෙනි. යුරෝපා කොමිසම විසින් AOL/ Time Warner සමාගම එහි තරඟකරුවෙකු වූ Bertelsmann සමාගම හා බද්ධවීමටත් නිෂ්පාදන ගණනාවක් සමඟ මේ සමාගම් සංයුක්ත වීම පිළිබඳව හා එයින් ඇතිව තිබෙන බලපෑම පිළිබඳවත් අවධානය යොමු කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=තරගකාර_නීතිය&oldid=359027" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි