තරංග–අංශු ද්විත්වය

විකිපීඩියා වෙතින්
(තරංගාංශු වෙතින් යළි-යොමු කරන ලදි)

තරංග–අංශු ද්විත්වය යනු, සෑම මූලික අංශුවක් හෝ ක්වොන්ටමීය ස්ථිතියක් හෝ විසින් අංශූන්හී ගුණාංග පමණක් නොව, තරංග වල ගුණාංගද ප්‍රදර්ශනය කරන බව කියැවෙන පරිසිද්ධිය වෙයි. ක්වොන්ටම්-පරිමාණයෙහි වස්තූන්ගේ චර්යාව සම්පූර්ණයෙන්ම විස්තර කිරීමට, "අංශුව" හෝ “තරංගය" යන සම්භාව්‍ය සංකල්ප වෙතින් නොහැකි බව එය විසින් සංවාදයට ලක් කෙරෙයි. අයින්ස්ටයින් ලිවූ පරිදී: "සමහරවිටෙක එක් සිද්ධාන්තයක් සහ අන් සමහරවිටෙක අනෙක් සිද්ධාන්තයක් හෝ භාවිතා කල යුතු බවට අපට සිතෙතත්, විටෙක ඒ දෙකෙන් කුමන එකක් හෝ භාවිතා කිරීමට සිදු වෙයි. නවතම දුෂ්කරතාවයකට මුහුණ දීමට අපට සිදු වී ඇත. යථාරථය පිළිබිඹු කරන පරස්පර මනස් රූප දෙකක් අප වෙත ඇත; ඒවා වෙන වෙනම ගත් කල ආලෝකය යන සංසිද්ධිය එයින් කිසිවක් විසින් හෝ විස්තර නොකෙරෙන නමුදු, එක්ව භාවිතා කල විට එය විසින් සිදු කෙරෙයි". [1]

මෙය පිළිබඳව විවිධ මතවාද ඉදිරිපත් වී ඇත.

ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව සොයාගැනීමට පෙර, ලුවී ඩි බ්‍රොයිය විසින් ප්‍රථමාරම්භ කරනු ලදුව සහ, පසුව ඩි බ්‍රොයිය–බර්ම් සිද්ධාන්තය යනුවෙන් ප්‍රවර්ධනය කෙරුණු, නියමු තරංග/ විවරණය විසින්, ද්විත්වය විරෝධවාසී ලෙසින් නොසැලකෙන අතර, අංශුව සහ තරංගය සැම විටම සමකාලයෙහි පවතින බව සැලකෙයි. ශ්‍රෝඩිංගර් ප්‍රකාර, ඩි බ්‍රොයිය තරංගයෙහි වසම වන්නේ සාමාන්‍ය භෞතික අවකාශ-කාලය වෙයි.[2] මෙම විධිමත් ගුණාංගය විසින් දක්වනු ලබන්නේ, නියමු තරංග සිද්ධාන්තය ස්ථානීය-නොවන බව වන අතර, බොහෝ භෞතික විද්‍යාඥයින් විසින් මෙය සලකන්නේ කිසියම් සිද්ධාන්තයක අතිමහත් දෝෂයක් ලෙසිනි. [3]

  1. හැරිසන්, ඩේවිඩ් (2002). "කම්ප්ලිමෙන්ටෑරිටි ඇන්ඩ් ද කෝපන්හේගන් ඉන්ටර්ප්‍රිටේෂන් ඔෆ් ක්වොන්ටම් මිකැනික්ස්". අප්ස්කේල්. ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය, භෞතික විද්‍යා අධ්‍යයනාංශය. සම්ප්‍රවේශය 2008-06-21.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Schr 185 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. බ්‍රැන්ස්ඩන්, බී.එච්., ජෝවචේන්, සී.ජේ. (1989/2000). ක්වන්ටම් මිකැනික්ස්, දෙවන සංස්කරණය, පියර්සන්, ප්‍රෙන්ටිස් හෝල්, හාලෝ එරා, ISBN 978-0-582-35691-7, පි. 760.
"https://si.wikipedia.org/w/index.php?title=තරංග–අංශු_ද්විත්වය&oldid=340278" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි