තත්ත්‍ව කව

විකිපීඩියා වෙතින්

uffgcgcgct

ඉතිහාසය[සංස්කරණය]

දෙවන ලෝක යුද්ධ සමයේදී ජපානයේ නිෂ්පාදිත භාණ්ඩ වල මිල අඩුවුවත් ඒවායෙහි ගුණාත්මක භාවය පහල මට්ටමක පැවති නිසා ලෝක වෙළඳපල තුල තරගකාරී වීමට නොහැකි විය. එමනිසා 1946 දී ජපාන වියතුන් අන්තරජාතික වශයෙන් ක්‍රියාත්මක තත්ත්ව පාලන ක්‍රියාකාරකම් අධ්‍යනය කර යුද්ධයෙන් විනාශ වී නැවත ඉදිකරන කර්මාන්ත ශාලා සඳහා නවතම තත්ත්ව සංකල්ප හඳුන්වාදෙන ලදී. ඩබ්. ඊ. ඩෙමින් විසින් 1950 දී පවත්වනු ලැබූ තත්ත්ව පාලනය පිලිබඳ දේශනයකින් පසු ජපානයේ කර්මාන්ත ක්ෂේත්‍රයේ නවතම පෙරලියක් ඇතිවිය. ඒ හරහා ඇතිවූ පිබිදීම මගින් නිෂ්පාදන දෝෂ හඳුනාගන, ඒවා අවම කරගනිමින් උපරිම එලදයීතාවයක් ලබාගැනීම සඳහා ලොව සිටි සියලුම නිෂ්පාදන කර්මාන්තශාලා ක්‍රියාත්මක විය. කාලයත් සමග විවිධ ක්‍රමවේද මගින් තත්ත්ව කව (Quality Circles) සංකල්ප වර්ධනය වූ අතර මුලික හඳුන්වාදීම් පදනම් කරගනිමින් පැවතීම විශේෂයකි.

හැඳින්වීම[සංස්කරණය]

තත්ත්ව කවයක මුලිකවම සිදුවන්නේ ගැටලුව හඳුනාගන , එය විග්‍රහ කර විසඳුම් සෙවීමයි. තරඟකාරී වෙළඳපොළක් තුල පරිභෝගකයා භාණ්ඩයක් තොරා ගැනීමේදී තත්ත්වය, මිල යන සැසඳීම කරමින් යමක් මිලදී ගනියි. එමනිසා භාණ්ඩ සහ සේවා සපයන ආයතන දිනපතා ම උපායමාර්ගිකව තම ආයතනය, භාණ්ඩ සහ සේවා කළමනාකරණය කල යුතුයි. ජපාන ඉංජිනේරුවන් සහ විද්වතුන්ගේ සංගමය නිර්වචනය කරන ආකාරයට, තත්ත්ව කවයක් යනු "භාණ්ඩයක හෝ සේවාවක ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා එම ක්‍රියාවලිය මෙහෙයවීම සහ පාලනය කරගන යනු ලබන ඉදිරිපෙළ ක්‍රියාකාරීන්ගේ කුඩා කණ්ඩායමකි". ආයතනයක් තුල තත්ත්ව කව කිහිපයක් පැවතිය හැකි අතර ඒවා බෝගොවිට කුඩා කණ්ඩායම් ලෙස පවතියි. ආයතනයේ ඉහල සිට පහල දක්වා සියලුම නිලධාරීන් මෙම කවතුල ක්‍රියාකාරී සාමාජිකයන් විය හැකියි.

මුලික ලක්ෂණ[සංස්කරණය]

කුඩා සාමාජික සංඛ්‍යාව[සංස්කරණය]

සාමාන්‍යයෙන් තත්ත්ව කවයක සාමාජිකයන් ගණන 3 ත් 10 ත් අතර විය යුතුයි. 3 ට වැඩ අඩු නම් ක්‍රියාකාරීත්වය අඩු හෝ 10 ට වැඩ වැඩි නම් අමතර සාකච්ජා, පොදු එකඟ තත්වයකට එළඹීමේ දුෂ්කරතා, කාලය කළමනාකරණය කරගැනීමේ ගැටළු ආදිය ඇති විය හැකිය.

නිතර මුණගැසී සාකච්ජා කිරීම/බුද්ධි කලම්බනය[සංස්කරණය]

අදාල කාර්යය අනුව, සතිපතා හෝ දෙසතියකට වරක් පමණ අවම වශයෙන් පැයක පමණ කාලයක් එකිනෙක මුණගැසී සාකච්ජා කල යුතුයි. මෙය පැය දෙක තුනක කාලයක් ගතකිරීම එලදායී නොවේ. ගැටළුවක් හඳුනගන ඒවාට ක්ෂණික හෝ දීර්ඝ කාලීන විසඳුම් ලබාදීම සඳහා සාමාජිකයන් මුණගැසී විසඳුම් වල ප්‍රගතිය සමාලෝචනය කල යුතුය. එමෙන්ම නව ගැටළු සඳහා ද පිළිතුරු සාකච්ජා කල යුතුයි

ස්වේච්ජාවෙන් ක්‍රියාත්මක වීම[සංස්කරණය]

අන් අයගේ බලපෑම් වලින් තොරව ස්වෙච්ජාවෙන් ම ක්‍රියාත්මක කරන පිරිසක් කවය තුල සිටිය යුතුයි.සැමවිටම තමන් මුලික ම පුද්ගලයා ලෙස සකල දත්තයන් එක්රැස් කිරීම විශ්ලේෂණය කිරීම ආදියට කණ්ඩායමේ සියලු දෙන තුල අභිප්‍රේරණයක් තිබිය යුතුයි.

නොනවත්වා වැඩිදියුණු කිරීම[සංස්කරණය]

ඩේමින් චක්‍රය

කයිසන් යෝජනා, ඩේමින් චක්‍රය වැනි විවිධ ක්‍රමවේද යොදාගනිමින් ගැටළු සඳහා නොනවත්වා වැඩි දියුණු කරමින් පිළිතුරු සොයාගත යුතුය. එමගින් අනාගතයේ ඇතිවන ගැටළු සඳහා ද කලින් ම සුදානම් වී පිළිතුරු ලබාදිය හැකියි. පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා ව්‍යාපාරයක මුලිකම චරිත වන අතර ඔවුන්ගේ අවශ්‍යතා සලක බල කටයුතු කල යුතුය.

පහත සඳහන් ලක්ෂණ ද තත්ත්ව කවයක ලක්ෂණ ලෙස සැලකිය හැකිය

  • තත්ත්ව කව මෙවලම් භාවිතය
  • සාමාන්‍ය වැඩ කරන කාලය තුල දී මුණගැසීම
  • ආයතන අරමුණු ඔස්සේ තත්ත්ව කව නිර්මාණය වීම

තත්ත්ව කවයක අරමුණු[සංස්කරණය]

පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. නාස්තිය අවම කිරීම. තත්වය හා ඵලදායිතාවය වර්ධනය කිරීම. අනතුරු අවම කිරීම.

ආයතනයේ ප්‍රධාන ඉලක්ක සපුරා ගැනීමේ[සංස්කරණය]

  1. සුරක්ෂිත සහ ප්‍රසන්න වැඩ පරිසරයක් නිර්මාණය කිරීම
  2. නිසි පාලන තත්වයක් ආයතනය තුල ස්ථාපිත කිරීම
  3. සේවකයන් තුල අන්තර් සම්බන්ධතා ඉහල දැමීම
  4. ඉහල මහජන ප්‍රසාදයක් ලබාගැනීම
  5. භාණ්ඩ සහ සේවාවල තත්වය ඉහල දැමීම
  6. අදායම ඉහල නැංවීම

තත්ත්ව කව ක්‍රියාවට නැංවීම[සංස්කරණය]

තත්ත්ව කව ක්‍රියාවට නැංවීම ද ඉහල කළමනාකාරීත්වයේ උපරිම දායකත්වය මත සිදු වියයුතුයි.ප්‍රධාන වශයෙන් මෙය පියවර 4 කින් විග්‍රහ කල හැකිය.

  1. සුදානම් වීම :- කව පිලිබඳ මනා දැනුමක් තිබිය යුතුය, නැතහොත් සුදුසු පුහුණුවීම් ලබාගත යුතුය.
  2. තත්ත්ව කවය / කව ස්ථාපිත කිරීම
    1. කළමනාකාරීත්වය මගින් අදහස් සේවකයන් තුලට පැතිරවීම සහ තම අදහස් ලබාදීම
    2. තත්ත්ව කව සංවිධාන ගොඩනැගීම
    3. සැලසුම් කිරීම
    4. පුහුණු කිරීම
    5. පුද්ගලයන් / කමිටු සාමාජිකයන් ස්වෙච්ජාවෙන් ම පත් කිරීම
    6. සටහන් සකස් කිරීම
  3. ක්‍රියාත්මක කිරීම :-එක වරම ආයතනය තුලම ක්‍රියාත්මක නොකර , මුලිකව එක් අංශයක් තුල පමණක් ක්‍රියාත්මක කරවිය යුතුයි. මෙහිදී
    1. ක්‍රියාත්මක කීරීමේ සැලසුම් සකස් කිරීම
    2. කවය ලියාපදිංචි කිරීම
    3. කණ්ඩායමේ නායකයා විසින් තත්ත්ව කව මෙවලම් හා ක්‍රමශිල්ප හඳුන්වා දීම
    4. ගැටළු හඳුනාගන, ඒවා විග්‍රහ කර, විසඳුම් සොයා කළමනාකරණයට ඉදිරිපත් කිරීම ආදිය සිදුකල යුතුයි
  4. කල් පවත්නා ලෙස පවත්වාගන යාම

තත්ත්ව පාලන මෙවලම්[සංස්කරණය]

1.හේතු ඵල සටහන 2.ප්‍රගමන වගුව 3.පැටරෝ න්‍යාය 4.ප්‍රස්තාර 5.පාලන සටහන 6.විසිරි තිත් සටහන 7.වර්ගීකරණය

"https://si.wikipedia.org/w/index.php?title=තත්ත්‍ව_කව&oldid=502357" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි