ඩි. එන්. ඒ. සාක්ෂි

විකිපීඩියා වෙතින්

අපරාධ විමර්ශනය සදහා ඩී.එන්.ඒ. සාක්ෂි උපයෝගී කර ගැනීම[සංස්කරණය]

අපරාධ විමර්ශනයට ඩි.එන්.ඒ. සාක්ෂි යොදාගැනීම සහ එහි වැදගත්කම[සංස්කරණය]

අපරාධයක් හඳුනාගැනීම සදහා ඩී .එන්.ඒ. සාක්ෂි යොදා ගැනීමට පෙර මුල් කාල වලදී ක්‍රම කිහිපයන්ම භාවිතා කල අතර එම ක්‍රම සාම්ප්‍රදායික ක්‍රම වෙ.ඒවා නම් 1. දත්ත වාර්තා මගින් හඳුනා ගැනීම මෙහිදි මියගිය පුද්ගලයකුගේ දත්ත වාර්තා මගින් හඳුනා ගැනීම හැපුම් තුවාල මගින් අපරාධකරුවකු හඳුනාගැනීම සිදුවිය. 2. පටක හා වෙනත් තරල වර්ගීකරණය

3. ඇගිලි සලකුනු ලබා ගැනීම පටක හා තරල වර්ගීකරණය සදහා 1920 වර්ශයේ සිට සාම්ප්‍රදායික ක්‍රම කිහිපයක්ම යොදා ගනී.ඒවා නම්

1. රුධිර වර්ගීකරනය

2. ප්‍රෝටීන විශ්ලේෂණය

3. රුධිර සෛල එන්සයිම

4. සුදු රුධිරානුවල ප්‍රතිදේහ ජනක හදුනා ගැනීම වෙ.

මෙකී සාම්ප්‍රදායික ක්‍රමවල දුර්වලතා බෝ හෝමයක් දක්නට ලැබුණී.ඒවානම්

1. දත්ත වාර්තා මගින් 'මියගිය පුද්ගලයකුගේ විකුර්ති වු මල සිරුරක් හදුනාගැනීම අපහසු වීම .

2. රුධිරප්‍රෝටින වර්ගීකරනයේදී සෛලවල හා ජෛව තරල වල අඩංගු ප්‍රෝටීන ක්ෂුද්‍ර ජිවි ක්‍රියාකාරීත්වය හා වෙනත් පාරි සරික සාධක නිසා පහසුවෙන් විනාශයට පත්විය හැක.‍ප්‍රෝටීන විශ්ලේෂණයෙන් පුද්ගලයෙකු නිසැකවම හදුනාගත නොහැකිවනවා සේම සමහරවිට ජෛව සාම්පලයක් එක් පුද්ගලයෙකුට අයත් නොවෙ යැයි පැවසීමටද නුපුලුවන.

3. ඇගිලි සලකුණු මගින් පවුල් සබදතා සොයා ගත නොහැක. එසේම ඇගිලි සලකුණු මකා දැමිම හා අත් ආවරණ පැලදිමෙන් ඇගිලි සලකුනු ලබා ගැනිම වැලැක්විමද සිදු කල හැක. මෙනි හේතුන් හා නුතන සමාජයේ මිනි මැරුම් ' කොල්ල කෑම් ලිංගික අපරාධ සුලබ වශයෙන්දැකිය හැකි හෙයින් ඩි. එන්.ඒ .වලට වැද ගත් තැනක් හිමි වෙ. ඩි.එන් .එ. මගින්

1. අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් නිතියේ රැහැනට හසුකර ගැනිමට

2. අහිංසක සැකකරුවන්ගේ නිර්දෝෂි භාවය ඔප්පු කිරිමට

3. යුක්තිය සහ සාධාරනත්වය ඉටු කිරිමට

ලෝවප්‍රතම ඩි.එන් .ඒ. සාක්ෂිය 1985දි මහා බ්‍රිතාන්‍යයේදි ඉදිරිපත් කරන ලදි.ඩි.එන්. ඒ. පරින්ෂනයක් මගින් ලොව ප්‍රතම වරට වරදනරු වුයේ කොලින්පිච්ෆෝර්ක් ය.

ඩි එන් ඒ යනු කුමක්ද?[සංස්කරණය]

ජිවියෙකුගේ භෞතික ලක්ෂණ සහ හැසිරිමේ රටා වලට සම්බන්ධ සියලුම තොරතුරු එම ජිවියාගේ ප්‍රවේණි ද්‍රව්‍යය වන ඩි එන් ඒ නම් රසායනික ද්‍රව්‍යයෙහි ගබඩා කර ඇත. ඩි එන් ඒ යනුවෙන් කෙටියෙන් හැදින්වෙන මෙය විද්‍යාත්මකව ඩිඔක්සිරයිබෝ නියුන්ලෙයික් අම්ලය ලෙස හැදින් වෙ.

"https://si.wikipedia.org/w/index.php?title=ඩි._එන්._ඒ._සාක්ෂි&oldid=568521" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි