ඩස්ටින් හොෆ්මන්

විකිපීඩියා වෙතින්
ඩස්ටින් හොෆ්මන්
උපත
ඩස්ටින් ලී හොෆ්මන්

අගෝස්තු 8, 1937 (1937-08-08) (වයස 86)
වෙනත් නම්සෑම් එටික්
රැකියාවනළුවා
සක්‍රීය වසර1960–වර්තමානය
කලත්‍රයා(යන්)ඈන් බයිමි (1969–80)
ලිසා ගොට්සෙගෙන්
(1980–වර්තමානය)

ඩස්ටින් හොෆ්මන්(උපත අගෝස්තු 8, 1937 )චිත්‍රපට නළුවෙක්, රූපවාහිනි නිවේදකයෙක්,වේදිකා නාට්‍ය නළුවෙක් ලෙස 1960 සිට කටයුතු කරයි. ඔහුව ප්‍රථම වතාවට ඇගයීමට ලක්වුයේ 1960 Off-Broadway නාට්‍යයේදීය. ඒ වෙනුවෙන් ඔහු Theatre World Award සහ Drama Desk Award යන සම්මාන වලින් පිදුම් ලැබීය. ඒ වාගේම ඔහු විශිෂ්ඨ රංඟනයක නිරතවු The Graduate චිත්‍රපටය 1967 දී ප්‍රදර්ශනය ඇරඹීය. හොෆ්මන් වැඩි දයකත්වයක් ලබා දී ඇත්තේ සිනමාවට නිසා වේදිකාවේ හා රූපවාහිනියේ ඔහුව දැකගනීමට අපහසුය. ඔහු රඟපෑ ජනප්‍රියම චිත්‍රපටි අතර Midnight Cowboy, Lenny, All the President's Men, Kramer vs. Kramer, Tootsie, Rain Man, Wag the Dog, Meet The Fockers, and Last Chance Harvey වේ. හොෆ්මන් ද වරක් ඇකඩමි සම්මානයද, පස්වරක් ගෝල්ඩ්න් ග්ලෝබ් සම්මානයද, තුන්වරක් බැෆ්ටා සහ වේදිකා නාට්‍ය වෙනුවෙන්, තුන් වරක් ඩ්‍රාමා ඩෙස්ක් සම්මාන වලින්ද පිදුම් ලබා ඇත. හොෆ්මන් උපත ලැබුවේ ලොස් ඇන්ජලීස් කැලිෆෝනියා හිදී ලිලියන් හා හැරී හොෆ්මන් යුවලගේ දෙවැනි පුත් ලෙසය . ඔහුගේ පියා රුසියාවේ ඉපදී පසුව ඇමෙරිකාවට සංක්‍රමණය වුවෙකි. හොෆ්මන්ගේ සහෝදරයා නීතීඥවරයෙකි. 1955 දී ඔහු ලොස් ඇන්ජලීස් උසස් පාසලින් උපාධිය ලැබුවේ ය. පසුව සැන්ටා මොනිකා පාසලට බැඳුනේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට වුවත් වසරකට පසු රංඟන කලාව හැදෑරීමට Pasadena Playhouse ට ඇතුලත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=ඩස්ටින්_හොෆ්මන්&oldid=250300" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි