ටු ඕටම්

විකිපීඩියා වෙතින්
Drawing of trees with orange and red leaves with a lake at the bottom and hills in the distance.
"ටු ඕටම්" සඳහා සන්නිදර්ශනය විලියම් ජේම්ස් නීට්බි මගින්, අ ඩේ විත් කීට්ස් වෙතින්, 1899

ටු ඕටම් (සිංහල: සරත් ඍතුව වෙත) යනු ඉංග්‍රීසි ජාතික ප්‍රේමාන්විත කාව්‍යය රචකයෙකු වූ ජෝන් කීට්ස් (1795 ඔක්තෝම්බර් 31 සිට 1821 පෙබරවාරි 23) විසින් රචිත පද්‍යය කාව්‍යයකි. මෙය රචනා කරන ලද්දේ 1819 සැප්තැම්බර් 19 වන දින වන අතර ප්‍රකාශයට පත් කරන ලද්දේ 1820 වසරේදී කීට්ස්ගේම ලමියා සහ ශාන්ත ඇග්නස් හි ඊවා නම් පද්‍යය න් අඩංගු වන කාව්‍යය කලාපය තුලිනි. සරත් ඍතුව වෙත යනු කීට්ස්ගේ 1819 ගීත කාව්‍යයන් ලෙස හැදින්වුන කාව්‍යය රචනා කාණ්ඩයේ අවසන් කර්තව්‍යයයි. පුද්ගලික ගැටළු නිසා 1819 වසර තුලදී කාව්‍යය රචනයන් සඳහා සම්පූර්ණයෙන්ම කැප කිරීමට තරම් ඔහුට ලැබුනේ ඉතා සුළු කාලයක් වූ නමුත් සරත් සමයේ සැන්දෑවක වින්චෙස්ටර් ප්‍රදේශය අසලින් ඇවිද යාමෙන් අනතුරුව සරත් ඍතුව වෙත නම් කාව්‍යය රචනා කිරීමට ඔහුට හැකියාව ලැබුණි. මෙම කර්තව්‍යය ඔහුගේ කවිත්වයේ අවසානය වශයෙන් සනිටුහන් වනුයේ මුදල් ඉපයීමට සිදු වීම නිසා තවදුරටත් කවියෙකු ලෙස තම ජීවිතය කැප කිරීමට ඔහුට නොහැකි වූ නිසාය. සරත් ඍතුව වෙත ප්‍රකාශයට පත් වීමෙන් වසරකුත් ටික කලක් ගත වීමෙන් පසු කීට්ස් රෝමයේදී අවසන් හුස්ම හෙලීය.

ඍතූන්ගේ ක්‍රමික වර්ධනය පිලිබඳ කියවෙන පේලි එකොලොසක් බැගින් වූ කවි තුනකින් මෙම කවි පන්තිය සමන්විතය.අස්වනු මෙරීමේ අවසන් භාගයේ සිට සරත් ඍතුවේ අවසන් භාගය වන ශීත ඍතුවේ ආරම්භය දක්වා මෙම පද පේලි වලින් විස්තර කර තිබේ.සරත් සමයේ විවිධ කර්තව්‍යයන්හි නියුතු පිරිස විස්තර කිරීම, එහි සෞභාග්‍යවත්බව, දර්ශනයන් සහ විවිධ ශබ්දයන් මගින් මෙම පද්‍ය පන්තිය මනඃකල්පිතයන්ගෙන් සාරවත් කර ඇත. එයටම සමාන්තරව කීට්ස් විසින් දුටු ගොයම් ඉපනැලි චිත්‍රයක් මගින් පසුව විස්තර කර තිබේ.

කීට්ස්ගේ මෙම කර්තව්‍යය මරණානුස්සති භාවනාවක් ලෙසත්, කලාත්මක නිර්මාණයන් සඳහා උපමාවක් ලෙසත්,එම වසරේදීම සිදුවන ලද පෙටර්ලු මසාක්රි නමින් හැඳින්වුන ජනතා විරෝධය සඳහා වන කීට්ස්ගේ ප්‍රතිචාරය ලෙසත්, ජාතික මතය ප්‍රකාශ කිරීමක් ලෙසත් අර්ථ දක්වන ලදී. ඉංග්‍රීසි භාෂාවෙන් රචිත, කාව්‍යය රසය බහුලවම අඩංගු පද්‍යයන්ගෙන් එකක් ලෙස මෙය සලකනු ලබන අතර විචාරකයන් මෙය සලකනු ලබන්නේ ඉංග්‍රීසි භාෂාවේ ඇති ඉතා සර්ව සම්පූර්ණ කෙටි පද්‍යයන්ගෙන් එකක් ලෙසය.

පසුබිම[සංස්කරණය]

Portrait in pencil of a man in his mid-twenties with medium-length curly hair. He is leaning on his right arm and faces right. He is wearing a white jacket.
ටු ඕටම් රචනා කිරීමට මසකට පෙර 1819 අගෝස්තු මාසයේදී චාල්ස් බ්‍රවුන් විසින් අඳින ලද කීට්ස්ගේ සංක්ෂිප්ත පෙනුම.

1819 වසරේ වසන්ත කාලය තුලදී, කීට්ස් විසින් බොහෝ ගීත කාව්‍යයන් රචනා කරන ලදී. ග්‍රීකයන්ගේ අළු බඳුන නම් ගීත කාව්‍යය, උදාසීන නම් ගීත කාව්‍යය, රෑ කොවුලා ගීත කාව්‍යය, ආත්මය නම් ගීත කාව්‍යය, ඒවා අතර වේ. මැයි මාසයෙන් පසු ඔහු කාව්‍යකරණයේ අනෙකුත් මානයන් හඹා යන්නට පටන් ගත්තේය. ශෝකාන්තයක් වූ විශිෂ්ට ඕතෝ නම් නිසදසට හවුල්කරුවකු වූ ඔහු කාමර සහකරු චාලෙස් බ්‍රවුන්, ලමියා හි දෙවන කොටස, රචිත අතර ඔහුගේ නොනිමවූ මහා කාව්‍යය හයිපේරියන් වෙත නැවත පිවිසුමක්ද එක කළේය. වසන්ත සමයේ සිට සරත් සමය දක්වා ඔහුගේ සම්පූර්ණ ශ්‍රමයම වෙන් වී තිබුනේ කාව්‍යකරණය උදෙසාත්, දීර්ඝ කාව්‍යයන් හා කෙටි කාව්‍යයන් ප්‍රතයාවර්තීව රචනා කිරීම උදෙසාත්, දිනකට පේලි පහක් බැගින් වූ නිසදැස් නිර්මාණය කිරීම සඳහා තමාටම අරමුණක් ඇතිකරගැනීම උදෙසාත්ය. එසේම ඔහුගේ විවේක කාලයන්හිදී රොබර්ට් බර්ටන්ගේ වේදනා විච්චේදනය, තෝමස් චැටර්න් ගේ කාව්‍යයන් සහ ලී හන්ට් ගේ ගද්‍යයන් ආදී හැකි පමණ වෙනස් වූ දේ කියවීය.
1819 වසරේදී කාව්‍යයන් විශාල සංඛ්‍යාවක් රචනා කිරීමට කීට්ස්ට හැකියාව ලැබුනත් මුළු වසර මුළුල්ලේම විවිධාකාරයේ මූල්‍යමය ගැටළු විශාල සංඛ්‍යාවකින් පීඩා විඳීමට ඔහුට සිදු විය. අධික මුදල් අවශ්‍යතාවයන් තිබූ ඔහුගේ සොහොයුරු ජෝජ් ඇමෙරිකාවට සංක්‍රමණය වීමෙන් අනතුරුව ඔහු ගැන සොයා බලන්නට සිදු වීම ඉන් එකක් විය. මේ ව්‍යකූලත්වයන් නොසලකා හරිමින් 1819 සැප්තැම්බර් 19 වන දින ටු ඕටම් කාව්‍යය රචනා කිරීමට ඔහුට අවස්තාව සැලසිනි. මෙම කාව්‍යය ඔහුගේ කාව්‍යකරණ වෘත්තියේ අවසානය සනිටුහන් කරයි. තවදුරටත් කවිත්වය සඳහා කාලය කැප කිරීමට ඔහුට හැකියාවක් නොතිබුණු අතර ලාභ උපයන ව්‍යාපෘතීන් සඳහා ඔහු වෙහෙස වන්නට විය. කීට්ස්ගේ පිරිහුණු සෞඛ්‍යය තත්වය මෙන්ම ඔහු වෙත පැවරී තිබුණු වගකීමද ඔහුගේ කාව්‍යකරණ ව්‍යායාමයන් දිගින් දිගටම පවත්වා ගැනීම සඳහා බාධා ඇති කළේය.
1819 වසරේ සැප්තැම්බර් 19 වන දින කීට්ස් වින්චෙස්ටර් අසල ඉචන් ගං ඉවුර දිගේ ඇවිදින්නට ගියේය. සැප්තැම්බර් 21 වන දින කීට්ස් විසින් ඔහුගේ මිතුරු ජෝන් හැමිල්ටන් රෙනොල්ඩ් වෙත ලියන ලද ලියුමක් මගින් එහිදී දුටු සුන්දර දසුන ඔහුගේ සිතුවිලි පුබුදුවාලූ ආකාරයත් එමගින් ටු ඕටම් රචනය සඳහා ඔහු තුල පෙළඹවීමක් ඇති කල ආකාරයත් විස්තර කර ඇත්තේ මෙසේය. “මේ ඍතුව කොතරම් අලංකාරද? සුළඟ කොතරම් සුවදායකද? උණුසුම එය තවත් වැඩි කරයි.මම ඉපනැලි වලට කිසි දිනක මෙතරම් ඇලුම් නොකලෙමි. කෙසේ නමුත් ඉපනැලි සමූහය උණුසුම් පෙනුමක් ගනී. හරියටම සමහර පින්තූර එසේ උණුසුම් පෙනුමක් ගන්න සේය. මගේ රචනයන්ට හේතු පාදක වන්න වූ ඉරිදා සංචාරය තුල මා සිර කර තැබීමට මෙය සමත් විය”. කීට්ස්ගේ මනසේ ඒ මොහොතේ තිබු සියල්ලක්ම ඉතා පැහැදිලි නොවීය.එම සැප්තැම්බරයේදී අවසානයේ හයිපෙරියන් අත් හැර දැමීමට සිදුවන බව ඔහු දැන සිටියේය. එබැවින් ඔහු රෙනොල්ඩ්ස් වෙත් ලියූ ලියුමේ ඔහු තම මහා කාව්‍යය ඇත හැර දැමීම පිළිබඳව වූ සටහනක්ද ඇතුලත් කළේය. කීට්ස් රෙනොල්ඩ්ස් වෙත ටු ඕටම් නොයැවීය.නමුත් ඔහුගේ ප්‍රකාශකයා මෙන්ම මිතුරාද වූ රිචඩ් වුඩ්හවුස් වෙත යැවූ ලිපියක් සමග එදිනම දිනය යොදා ටු ඕටම් කවියද යවන ලදී.
මෙම කවි පන්තිය සංශෝධනය කොට ලමියා, ඉසබෙලා,ශාන්ත අග්නස්හි ඊවා, සහ තවත් කවි ආදී කවි පන්ති කිහිපයකම එකතුවක් වූ කීට්ස්ගේ 1820 එකතුව නම් නිර්මාණ ගොන්නට එක කරන ලදී.අසුභවාදී ගුණදොස් විචාරයන්ගෙන් නිතර පීඩාවට පත් කීට්ස්ගේ 1818 එන්ඩිමියන් සංස්කරණය පිලිබඳ ටේලර් සහ හැරිස් ප්‍රකාශකයන් බියපත්ව සිටියත් දේශපාලනමය අසම්භාවනීය විචාරයන් සඳහා තුඩු දිය හැකි ශක්තිමත් වාදයට හේතු වන කවි පන්ති කීපයක් ඉවත් කිරීමෙන් අනතුරුව එම නිර්මාණ ගොන්න ප්‍රකාශයට පත් කිරීමට ඔවුහු කැමති වූහ.

පබැඳුම[සංස්කරණය]

A white sheet of paper that is completely filled with a poem in cursive hand writing. Many of the lines mid-way down the page are scratched out.
ටු ඕටම් හි අත් පිටපත් පිටුව 1
A white sheet of paper that is completely filled with a poem in cursive hand writing. A few of the words are scratched out with other words written above as corrections. Words can be partly seen from the other side of the page but they are illegible. A note midway down the page describes that it is an "Original manuscript of John Keats's Poem to Autumn."
ටු ඕටම් හි අත් පිටපත් පිටුව 2

වියපත් සූර්යයාගේ ලඟම අඹ යහළුවා වන
මීදුම සහ ඉදුණු පලතුරු පිරුණු ඍතුව
ආශිංෂණයන් දෙන ආකාරය පිලිබඳ ඔහුත් සමග කුමන්ත්‍රණයක යෙදෙයි
මිදිවැල් අනෙක් පලතුරු සමඟ එක් වී කුකුළු කොටුවේ පියස්සේ පහල කෙලවර සෙවිලි කරයි
ඇපල් සමඟ නැමීමට පාසි බැඳුනු කුඩා ගස්
අන්තයටම ඉදුණු පලතුරින් පිරී තිබේ.
වට්ටක්ක වැනි ගෙඩි තර වීමත්
ඇතුලත ඉතා රසවත් මද ඇති හේසල් ගෙඩි විශාල වීමත්
දළු ලැමත් වැඩි වැඩියෙන් සිදු වේ
තවමත් එය එසේම වර්ධනය වන අතර ,පසුව මී මැස්සන් සඳහා මල් හටගනී
නමුත් එය පවතින්නේ මෙම ඍතුව කෙසේවත් අවසන් නොවන බව ඔවුන් සිතන තුරු පමණි
ඉන්පසු ගිම්හානය සඳහා ඔවුන් ඔවුන්ගේ කෝෂ තෙතබත් කරගනිති


කවුද තවමත් නුඹේ ගබඩාව නිතර නොදකින්නේ?
සමහර විට පිට රටවල අයත් සොයා ගනීවි
නුඹ නොසැලකිලිමත්ව අටුව මත හිඳ සිටියි
නුඹේ හිසකෙස් සුලන්ගේ ලේලවෙද්දී
බාගෙට පැසුණු පසු පුරන් කෙටීම නිදිබර ගතියක් දනවයි
පොපි මල් වල සුගන්ධය දසත පැතිරෙද්දී
නුඹේ කුරුමානම නම්
තණකොළ කැපූ තීරය සහ එහි පිපුණු මල් අතර ආරවුලක් ඇති කිරීමටයි
ඇතැම් විට නුඹ හිගන්නෙක් වගේ හැමදේම තියාගන්නවා
ස්ථාවරව බරින් පිරුණු හිස කෙලින් තබාගෙන ඉවසනවා
නුඹ අවසන් විගලන පය කිහිපය දෙස බලන් ඉන්නවා


කොහෙද මේ වසන්ත ගීතයන්?ඔවුන් කොහෙද දැන්?
ඔවුන් ගැන නොසොයා ඔබේ රිද්මය ගැන සොයන්න
සෞම්‍ය මිය යන දිනය වලාකුළු වලින් අවහිර වන අතර
ඉපනැලි ගොන්නට රෝස පැහැයක් මුසු වේ
ඉන්පසු කීරි ගැහෙන මදුරු නාදය ඇසෙන අතර
ගඟ ඉහලින් ලිහිණියන් පියාසර කරති
සැහැල්ලු සුලන්ගේ ඔවුන් කිමිදෙන්නේ ජීවිතය හෝ මරණයටයි
කඳුකර දිය පාරවල් අසල කුඩා බැටළු පැටවුන්ගේ කෑගැසීම ඇසෙන අතර
හෙජ් ක්‍රිකට් කුරුල්ලා දැන් ගී ගයන්නේ තීව්ර මෘදු හඬකිනි
වතු පෙදෙසින් රතු පැහැති කුරුල්ලන්ගේ ගී හඬ ඇසෙන අතර
පියාසැලු ලිහිණියන් අහසේදී එකතු වෙති

තේමාවන්[සංස්කරණය]

ටු ඔටම් එහි පදය කාණ්ඩ ත්‍රිත්වය මගින් ඍතුවේ විවිධ කෝණයන් තුනක් විස්තර කරයි. එහි සෞභාග්‍යවත්බව, එහි මහන්සි වී කල යුතු කර්තව්‍යයන් සහ එහි අවසාන භාගයයි. මෙම පදය ඛාණ්ඩ හරහා සරත් ඍතුවේ ආරම්භයේ සිට මධ්‍යය දක්වාත් එතැන් සිට ශීත ඍතුවේ මූලාරම්භය දක්වාත් වර්ධනය විදහා දක්වයි. එයටම සමාන්තරගතව මෙම කාව්‍යය දවසේ අලුයම සිට මධ්‍යහ්නය දක්වාත් එතැන් සිට අඳුරු වැටීම දක්වාත් කාලය පදාරුත් ගන්වා ඇත. මෙම වර්ධනයන් පළමුව දර්ශනයත් දෙවනුව ශබ්ධයත් ප්‍රත්යාවර්තීව ස්පර්ශකරමින් එකට ඇඳෙන්නේ කීට්ස්ගේ අනෙකුත් ගීත රචනයන්හි නොතිබෙන තුන් ඇඳුන සමමිතිකත්වයක් නිර්මාණය කරමිනි.

කාව්‍යයේ වර්ධනයත් සමඟම කුමන්ත්‍රණ කරුවෙක්, පලතුරු ඉදවන මායාකරුවෙක්,අස්වැන්න ලබාදෙන්නෙක් මෙන්ම සංගීතය පතුරුවන්නෙක් ආදී ලෙස ව්‍යංගව හඳුන්වමින් සරත් ඍතුව විස්තර කර තිබේ.ප්‍රථම කවි පන්තිය ඉදිරිපත් කරන්නේ සරත් ඍතුව ස්වභාවික ක්‍රියාවලීන් සඳහා දායක වන ආකාරය, එහි වර්ධනය සහ උපරිම පරිනතියට පත් වීම, ස්වභාව ධර්මයේ ප්‍රතිවිරුද්ධ බලයන් ද්විත්වය ආදිය වන නමුත් සමස්තයක් ලෙස ඍතුව අවසානයට පත් නොවන බව ඇඟවීමක් කරයි. මෙම කවි පන්තියේදී පලතුරු තවමත් ඉදෙමින් පවතින අතර මල් පොහොට්ටු තවමත් උණුසුම් කාලගුණය තුල දිගහැරෙමින් පවතී. ස්ටුවර්ට් ස්පෙරි අවධාරණය කරන පරිදි වර්ධනයේ සහ සුමුදු චලිතයන් වන ඉල්පීමේ, ඉදිමීමේ, සහ දොලනයන්ගේ මනඃකල්පිත විස්තරකිරීම මඟින් සුවදායක ස්පර්ශයක හැගීමක් ඇති කරවයි.

හැම්ප්ෂයර් හි අස්වනු නෙලූ කෙතක්

දෙවන කවි පන්තියේදී සරත් ඍතුවට අස්වැන්න නෙලන්නෙකු ලෙස පන පොවා තිබේ.ඉදිරි වසර සඳහා ආහාර සැපයීමට අත්‍යාවශ්‍ය බැවින් මහන්සි වී වැඩ කරන විට ඇති වන විවිධ අසාමාන්‍ය හැසිරීම් පාඨකයාට හොඳින් පෙනෙන පරිදි එය විස්තර කර තිබේ. සෑම චලනයක්ම සෞම්‍යව විස්තර වන පරිදි අසංක්ෂිප්ත සාරාංෂයක අඩු වීමක් මෙහි ඇත. සැබෑ අස්වනු නෙලීමක් ලෙස නොව එදෙස බලා සිටීමක්, විවේක ගැනීමක්, විඩා නිවා ගැනීමට හිඳ සිටීමක් ලෙස සරත් ඍතුව පිළිඹිබු කර තිබේ. පේලි අංක 14-15 දී ඉතා වෙහෙස වී වැඩ කරන කම්කරුවෙකුට සරත් ඍතුව උපමා කර තිබේ. කවි පන්තිය අවසානය අසලදී පේලි අංක 19-20 දී නැවතත් කවියාගේ ස්ථාවරත්වයක්, අසංවෙදිබවක් අවධාරණයට ලක් වේ. දිවා කාලය පුරා සිදුවන නිදිබර ගතිය ආදිය විස්තර කරමින් කවි පන්තියේ ඉදිරි ගලායාම සිදුවන අතර අස්වැන්නෙන් ධාන්‍ය වෙන් කිරීම,අස්වැන්න නිවසට ගැනීම, ඇපල් ස්ප්‍රීතු පෙරීම ආදිය එම ක්‍රියාකාරකම් වලට ඇතුලත් වේ.
අවසන් කවි පන්තිය සරත් ඍතුවේ ශබ්දයත් වසන්ත සමයත් සමඟ සංසන්දනයක යෙදෙයි.මෙහිදී ඉදිරිපත් කර ඇති නාදයන් සරත් ඍතුවට පමණක් ආවේනික වූ ඒවා නොව සන්ධ්‍යා කාලය තුල අනිවාර්යෙන්ම අන්තර්ගත වන සෞම්‍ය නාද රටාවන්ය. හිරු බැස යන විට ඇසෙන මදුරුවන්ගේ තීව්‍ර නාදයත්, කුඩා බැටළු පැටවුන්ගේ කෑගැසීමත් එයට ඇතුලත්ය. වර්ෂය අවසානයේ මරණය පිලිබඳ හැගීම ක්‍රමයෙන් ඇති වන්නා සේම ගීතය අවසානයේදී රාත්‍රිය ක්‍රමයෙන් ලඟා වේ. හොඳින් වැඩුණු බැටළුවන්, මෙන්ම ග්‍රවුඩ් ගෙඩි, හේසල් ගෙඩි, මිදී ශීත ඍතුව සඳහා නෙලා ගනු ලැබේ.
රතු පැහැ සිරුරැති කුඩා කුරුල්ලාගේ සිවුරුහන් කිරීම, ක්‍රිකට් කුරුල්ලාගේ ගීත නාදය ශීත ඍතුවේ සාමාන්‍ය ශබ්දයන්ය. වසන්ත ඍතුව ගැන සොයා බැලීමේදී වැඩෙන බැටළුවන්, සංක්‍රමණික ලිහිණියන් පාඨකයාට සිහිපත් කර දෙන්නේ, ඍතුන් නිතරම අනුවර්තීය ව වෙනස් වන බවයි. එමගින් මෙම කවි පන්තියේ දර්ශනය එක් ඍතුවක සිට මුළු ජීවිත කාලය දක්වාම පුළුල් වේ. කීට්ස්ගේ සියලුම පද්‍ය අතුරින් ටූ ඕටම් එහි ගලායාම, ස්ථාවර රූප රාමුන්, සමීපව විස්තර කර ඇති අතර, ඍතූන්ගේ සර්ව සම්පූර්ණ සංකේතයන් එකට ඇදීම මගින් මිහිමත මැවෙන පාරාදීසයක් විස්තර කර තිබේ. මෙම කවි පන්තිය තුල දී සරත් ඍතුව ඉදිරිපත් කරන්නේ වර්ධනය, මේරීම සහ අවසානයේ මරණයට පත් වීමයි.මෙහිදී සැබෑ ජීවිතය සහ කල්පිතය අතර එකගතාවක් ඇති කර තිබේ.
ක්ෂේත්‍රයේ රැඳී සිටින්නන් පවසන පරිදි ඔ ඕටම් සඳහා කීට්ස් වෙත සාහිත්‍යමය පුබුදුවාලීම් රැසක් ඇති වී තිබෙන්නේ ඔහු විසින් ඒ වකවානුව තුලදී කියවීමට යෙදුනු වර්ජිල්ගේ ජෝර්ජික්ස්, එඩ්මන්ඩ් ස්පෙන්සර්ගේ මුටාබිලිටි කැන්ටොස්, තෝමස් චටර්න්ගේ භාෂාව සහ සැමුවෙල් ටේලර් කොලිරිජ්ගේ ෆ්රෝස්ට් ඇට් මිඩ්නයිට් සහ ලී හන්ට්ගේ සරත් ඍතුව පිලිබඳ ගද්‍යයන් මගින් සිදු වී ඇති බවයි.
ටු ඕටම් තෙමාන්විතව කීට්ස් විසින් 1819 දී රචිත අනෙකුත් ගීත රචනා සමඟ සම්බන්ධ වේ. උදාහරණයක් ලෙස ඔහුගේ මිලන්කොලීට ලියු ගීතය නම් කාව්‍යයේ ප්‍රධාන තේමාව වන්නේ ජීවිත ක්‍රියාවලියේ පිළිගැනීමයි.මෙම තේමාව පසු කාලීනව ටු ඕටම්හි දිස් වූ අතර ඉතා සුළු වෙනස්කම් කීපයක් පමණක් තිබිණි. මෙම අවස්තාව වන විට කවියාගේ භූමිකාව අතුරුදහන් වී තිබූ අතර මනඃකල්පිත පාඨකයෙක් වීමටද ඔහුට වුවමනාවක් නොවීය. මෙහි විවෘත මත වාදයක් නොතිබු අතර නාට්‍යානුසාර විවාදයක්, විරෝධයක් ද නොතිබුණි. මෙම ක්‍රියාවලියේදී අවසානය හෙවත් මරණය සහ ජීවිතයේ නැවත අලුත් වීම පිලිබඳ ඉඟි අතර සමාදානයක් පවතින සේම ඍතූන්ගේ පුනරාවර්තනය සහ දවසේ නැවත උදා වීම අතර සමානත්වයක් පෙන්නුම් කරයි. මෙම ක්‍රියාවලියේ විවිද පැතිකඩයන් අවධාරණය කිරීමට විවේචකයන්ට පෙළඹවීමක් ඇත.සමහර අවස්ථා වලදී වොල්ටෙර් ජැක්සන් බෙට්ගේ කරුණු වලට ප්‍රති විරුද්ධ දෙසකට ඔහුගේ පුනරුත්පත්තියේ විග්‍රහය යොමු වී ඇත. මෙහිදී මරණය අන්තර්ගත වූවත් එය වක්‍රනුකුල සහ පුනරුත්පත්තියක් අඩංගුද වේ. බෙට් සහ ජෙනිෆෙර් වග්නර් යන දෙදෙනාම සඳහන් කරන පරිදි මෙම නිසදසේ ආකෘතිය යමක් පැමිණීම පිලිබඳ බලාපොරොත්තු සහගත හැගීම් තීව්‍ර කරයි.සෑම පද්‍ය පන්තියකම ආරම්භයේ සහ අවසානයේ අනුගාමි පද පේලි දෙකක් යෙදීමෙන් යමක් වෙනුවෙන් ප්‍රමාද කිරීමක් හෝ මතුසම්බන්ධයක් උලුපුවා දැක්වීමක් පෙන්නුම් කරයි.
හැරල්ඩ් බ්ලූම් ඇතුළු අනෙකුත් නිර්මාණකරුවන් අවධාරණය කරන පරිදි සම්පූර්ණ වීම,අවසානයේ මරණය, පහල වැටීම ආදිය නිරූපණය කරන්නේ ශීත ඍතුව මගිනි. මරණය යනු එහිම අවසානය වූ නමුත් මෙහිදී එය පැමිණෙන්නේ ආලෝකයක්, මෘදු බවක්,සමගම ජීවිත ක්‍රියාවලියට ඛේදාන්තයක් පිළිගැනීමට කරුනක්ද සපයමිනි. වර්ධනය වීමේ වැඩි වීම තවදුරටත් අවශ්‍යය නොවේ. මේරීම අවසන් වී ඇත. එසේම ජීවිතය සහ මරණය අතර අන්තර් සහයෝගීතාවක් ඇත. අනුවර්තී ඍතු විපර්යාසය පිළිබඳව හොඳින් කර ඇති විග්‍රහය මගින් පාඨකයාට ආත්මාර්ථයට වඩා යමක් ඇති බව සිහිපත් කරවයි.ජේම්ස් ඔඔරුක් පවසන පරිදි මෙම ආවර්තය අවසානයේ වසර අවසානයට පැමිණියත් එය ශබ්දාර්ථය දනවන්නේ එක ජීවිතයක් අවසානය ලෙසය.ඔඔරුක් යෝජනා කරන පරිදි මෙම කවි පන්තිය අවසානයේ ජීවිතයේ අවසානය පිළිබඳව වන සියුම් භීතිකාවක් ද අන්තර්ගත වී ඇත.අනෙක් විශිෂ්ඨ ගීත රචනයන් මෙන් නොව මෙම කාව්‍යයේදී කවියා එහි අතුලාංතයටම කිඳා බැසීමක් සිදු කර තිබේ. එබැවින් කීට්ස් තුල ඔහු පිළිබඳවම වූ භීත්කාවක ඉඟියක් පෙන්නුම් කරයි.

ආකෘතිය[සංස්කරණය]

ටු ඔටම් යනු පේලි එකොලොස බැගින් වන කවි පන්ති තුනකින් සමන්විත පද්‍ය පන්තියකි. කීට්ස් විසින් 1819 දී රචිත අනෙකුත් ගීත රචනා මෙන්ම ගීතිකාවක ආකෘතිය වන පැහැදිලිව අර්ථ දක්වූ ආරම්භය, මාධ්‍යය සහ අවසානය ලෙස කොටස් තුනකින් මෙම පද්‍ය පන්තිය සමන්විත වේ. අනෙකුත් ගීත රචනා වලින් මෙය වෙනස් වන්නේ පේලි දහයක් වෙනුවට එක පද්‍ය පන්තියක පේලි එකොලොසක් අඩංගු වීම නිසාය. එසේම එක පද්‍ය පන්තියක ආරම්භය සහ අවසානයේ අන්තර් සම්භාන්දිත පද පේලි දෙකකින් මෙම කාව්‍යය සමන්විතය.
එම වසරේම වසන්ත ඍතුවේදී කීට්ස් විසින් ලියන ලද පද්‍ය රචනා පහකදීම ඔහු විසින් භාවිතා කරන ලද කාව්‍යමය තාක්ෂනයන් ටු ඔටම්හි ද භාවිත කර තිබේ. නමුත් එයින්ද බැහැරව තවත් පැතිකඩයන් කිහිපයකින්ම සහ කතාවක් කියන්නෙකු ගේ ආකාරයෙන් ප්‍රසිද්ධ කිරීම මගින් මෙම පද්‍යය අනෙකුත් පද්‍යයන්ගෙන් වෙනස් වේ. ඔහුගේ පෙර පද්‍ය පන්ති වල තිබු පරිදි ටු ඔටම්හි නාට්‍යනුසාරයන් අඩංගු නොවේ. පද්‍ය පන්තිය ඉදිරියට ගලා යන්නේ එයට සම්බන්ධ වූ අයිතමයන්ගේ සුළු සුළු වෙනස්වීම්ද සමග ය. වෝල්ටර් ජැක්සන් බෙට්ස්ගේ වචන වලින් කිවතොත් ක්‍රම වේදයේ නොවෙනස් බව සහ ඒකමතික බව නැවත සංස්කරණයේදී ඇති වූ ජවය ආදියෙන් හැදින්වුණු කීට්ස් විසින් තමාම හදුන්වා ගන්න පරිදි රන්දී සිටීම මෙහි ඇතුලත්ව ඇත. තුන් වන පද්‍ය පන්තිය ආරම්භයේදී කවියට නාට්‍යානුසාරයන් ආදේශ කර ඇති අතරම ඒ සමඟම වසන්තයේ මියුරු ගීතයන් කොහෙද? අපිට කලින් එය විදගත්තෝ කවරහුද?ආදිය පාදක කරගනිමින් නාට්‍යානුසාරය ඉදිරිපත් කර ඇත.

අනෙකුත් ගීත රචනයන්හි මෙන්ම ටු ඔටම් රචනා කර ඇත්තේද අසම්බික් පෙන්ටමිටර් නම් ක්‍රමයෙනි.(නමුත් ආරම්භයේ සිටම සියුම්ව නව්‍යකරණය කර ඇත.) එසේම සාම පද පේලියකම අවධාරනාත්මක ක්‍රියාවන් පහක් බැගින් සහ අනවධාරත්මක ක්‍රියා එකක් බැගින් යොදා සකසා ඇත. කීට්ස් මෙය වෙනස් කර ඇත්තේ ඔගස්ටන් ඉන්වර්ශන් ඇතුලත් කිරීමෙනි. උදාහරණ ලෙස Season of mists and mellow fruitfulness යන පේලිය මගින් පද්‍ය පන්ති දෙකකම ආරම්භයේ අවධාරනාත්මක ක්‍රියාවන් දෙකක් යොදා තිබේ. එසේම Who hath not seen thee...සහ Where are the songs...? යන පේලි දෙකෙන් ප්‍රශ්නාර්ථයක් අවධාරණය කර තිබේ.
ටු ඔටම්හි පද්‍ය පන්ති තුනම ආරභයේදී ABAB ආකාරයේ එළිවැටක් ආරක්ෂා කරන අතර පළමු පද්‍ය පන්තිය පසුව CDEDCCE ආකාරයත් දෙවන සහ තෙවන පද්‍ය පන්ති පසුව CDECDDE එලි වැට ආකාරය ගනී. සෑම අවස්ථාවකදීම අවසාන පද පේලියට කලින් සංයෝජිත පද පේලි දෙකක් අඩංගු වේ. 'එන්ඩිමියන්', 'නින්ද සහ කවිත්වය' සහ 'කැලිඩෝ' ආදී පද්‍ය පන්ති වල අඩංගු සමහර පද්‍ය කොටස් ද ඇතැම් අවස්ථා වලදී ටු ඔටම්හි අන්තර්ගතව ඇත. how to load and bless with fruit the vines that round the thatch-eaves run හි අඩංගු පරිදි කීට්ස් ලාක්ෂණික ලෙස තනි අවධාරනාත්මක වචන භාවිතයේ දී ඇත. එසේම for Summer has o'er-brimm'd their clammy cells ආදියෙහි අඩංගු පරිදි බිලාබියල් ගාත්‍රාක්ෂර සහිතව අවධාරනාත්මකව වචන බර තබා ඇත. එසේම දීර්ඝ ගාත්‍රාක්ෂර මගින් මෙම පද්‍යයේ ගලා යාම වෙනස් කර තිබේ. උදාහරණ ලෙස while barred clouds bloom the soft dying day හි අඩංගු පරිදි මන්දගාමී ගලායාමක් සපයා තිබේ.

උපුටා ගැනීම්[සංස්කරණය]

  • Abrams, M. H. "Keats's Poems: The Material Dimensions". In The Persistence of Poetry. Ed. Robert Ryan and Ronald Sharp. Amherst: University of Mass. Press, 1998. ISBN 1-55849-175-9
  • Arnold, Matthew. Lectures and Essays in Criticism. Ed. R.H. Super. Ann Arbor: The University of Michigan Press, 1962. OCLC 3012869
  • Bate, Walter Jackson. John Keats. Cambridge, Mass.: Belknap Press of Harvard University Press, 1963. OCLC 291522
  • Bate, Walter Jackson. The Stylistic Development of Keats. New York: Humanities Press, 1962. (Originally published 1945.) OCLC 276912
  • Baynes, Thomas (Ed.). Encyclopædia Britannica Vol XIV. Cambridge: Cambridge University Press, 1888. OCLC 1387837
  • Bennett, Andrew. Keats, Narrative and Audience. Cambridge, New York, and Melbourne: Cambridge University Press, 1994. ISBN 0-521-44565-5
  • Bewell, Alan. Romanticism and Colonial Disease. Baltimore: Johns Hopkins University Press, 1999. ISBN 0-8018-6225-6
  • Blades, John. John Keats: the poems. Macmillan, 2002. ISBN 978-0-333-94895-8
  • Bloom, Harold. The Visionary Company. Ithaca: Cornell University Press, 1993. (Originally published 1961; revised and enlarged edition 1971.) ISBN 0-8014-0622-6
  • Bloom, Harold. "The Ode To Autumn". In Keats's Odes. Ed. Jack Stillinger. Englewood, NJ: Prentice-Hall, 1968, pp. 44–47. OCLC 176883021
  • Chandler, James. England in 1819. Chicago: University of Chicago Press, 1998. ISBN 0-226-10108-8
  • Colvin, Sidney. John Keats: His Life and Poetry. London: Macmillan, 1917. OCLC 257603790
  • Corrigan, Timothy. "Keats, Hazlitt and Public Character". In Challenge of Keats. Ed. Allan Christensen, Lilla Jones, Giuseppe Galigani, and Anthony Johnson. Atlanta: Rodopi, 2000. ISBN 90-420-0509-2
  • Dennis, John. Heroes of Literature, English Poets. New York: E. & J. B. Young, 1883. OCLC 4798560.
  • Evert, Walter. Aesthetics and Myth in the Poetry of Keats. Princeton: Princeton University Press, 1965. {{OCLC[291999}}
  • Flesch, William. Companion to British Poetry, 19th Century. Facts on File, 2009. ISBN 978-0816058969
  • Fry, Paul. A Defense of Poetry. Stanford: Stanford University Press, 1995. ISBN 0-8047-2452-0
  • Gittings, Robert. John Keats. London: Heinemann, 1968. OCLC 295596
  • Gwynn, Stephen. The Masters of English Literature. London: Macmillan, 1904. OCLC 3175019
  • Hartman, Geoffrey. "Poem and Ideology: A Study of 'To Autumn'" (1975), in John Keats: Modern Critical Views. Ed. Harold Bloom. New York: Chelsea House, 1985, pp. 87–104. ISBN 0-87754-608-8
  • Keats, John. The Life and Letters of John Keats. Ed. Richard Houghton (reprint). Read Books, 2008.
  • Matthews, G. M. (ed.). Keats: The Critical Heritage. London: Routledge, 1971. ISBN 0-7100-7147-7
  • McFarland, Thomas. The Masks of Keats: The Endeavour of a Poet. Oxford: Oxford University Press, 2000. ISBN 0-19-818645-2
  • McGann, Jerome. "Keats and the Historical Method in Literary Criticism". MLN 94 (1979): 988–1032.
  • Motion, Andrew. Keats. Chicago: University of Chicago Press, 1999. ISBN 0-226-54240-8
  • O'Rourke, James. Keats's Odes and Contemporary Criticism. Gainesville: University Press of Florida, 1998. ISBN 0-8130-1590-1
  • Plumly, Stanley. Posthumous Keats. New York: W. W. Norton, 2008. ISBN 978-0-393-06573-2
  • Ridley, Maurice. Keats' Craftsmanship. Oxford: Clarendon Press, 1933. OCLC 1842818
  • Sherwood, Margaret. Undercurrents of Influence in English Romantic Poetry. Cambridge, Mass.: Harvard University Press, 1934. OCLC 2032945
  • Sperry, Stuart. Keats the Poet. Princeton: Princeton University Press, 1973. ISBN 0-691-06220-X
  • Strachan, John. A Routledge Literary Sourcebook on the Poems of John Keats. London: Routledge, 2003. ISBN 0-415-23477-8
  • Vendler, Helen. The Music of What Happens. Cambridge, Mass: Harvard University Press, 1988. ISBN 0-674-59152-6
  • Wagner, Jennifer. A Moment's Monument. Madison: Fairleigh Dickinson University Press, 1996. ISBN 0-8386-3630-6
  • Walsh, William. Introduction to Keats. London: Methuen, 1981. ISBN 0-416-30490-7

බාහිර ඈඳුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ටු_ඕටම්&oldid=314484" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි