Jump to content

ටී. බී. කෙහෙල්ගමුව

විකිපීඩියා වෙතින්
ටී.බී. කෙහෙල්ගමුව
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමදිසානායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා කෙහෙල්ගමුව
උපත9 දෙසැම්බර් 1942 (1942-12-09) (වයස 82)
ගම්පොල, ශ්‍රී ලංකාව
අපනාමයකෙහෙල්
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි පළමු පෙල
තරග 16
රැස් කල ලකුණු 266
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 12.66
100ඒවා/50ඒවා –/–
වැඩිම ලකුණු 31*
යැවුනු පන්දු
කඩුළු 55
පන්දු යැවීමේ සාමාන්‍යය 18.96
ඉනිමකදී කඩුළු පහක් 2
තරගයකදී කඩුළු 10 ක් 0
හොඳම පන්දු යැවීම 5/18
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 4/–
මූලාශ්‍රය: ක්‍රික්ඉන්ෆෝ, 2009 29 මාර්තු

දිසානායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා කෙහෙල්ගමුව (උපත 10 දෙසැම්බර් 1942, ගම්පොල) යනු, හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර, 1995 වසරෙහිදී ඔහු යටතේදී පළමු විදේශ ටෙස්ට් ජයග්‍රහණය හිමි කර ගැනුමට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට අවකාශ සැලසූ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙහි කළමනාකරු විය. 1967 සිට 1974 දක්වා ඔහු ක්‍රීඩකයෙක් වූ අතර, ශ්‍රී ලංකාව සතුවූ හොඳම වේග පන්දු යවන්නන් අතරින් එක් අයෙකු බවට සැලකෙයි.[1]

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙහි (අයිසීසී) පූර්ණ සාමාජිකත්වය ලැබීමට පෙර ඔවුන් සිදුකල සේවාව වෙනුවෙන් ඔවුන්ට ගරු කරනු වස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්, 2018 සැප්තැම්බර් මාසයෙහිදී, හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් 49 දෙනෙකු වෙනුවෙන් අභිනන්දන උත්සවයක් පැවැත්වූ අතර කෙහෙල්ගමුව එසේ අභිනන්දනය ලද ක්‍රීඩකයන් අතරින් එක් අයෙකු විය. [2] [3]

මුල් දිවිය

[සංස්කරණය]

ටිකිරි බණ්ඩා කෙහෙල්ගමුව, 1942 දෙසැම්බර් 10 දිනදී ගම්පොල ප්‍රදේශයෙහි උපත ලදි. ඔහු පාසැල් අධ්‍යාපනය ලැබීම ඇරඹුවේ ඔහුගේ පියා විදුහල්පතිවරයා ලෙසින් සේවය කල ගම්පොල වාහල්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය වෙතිනි.[4] 1955 වසරෙහිදී, ඔහු ධර්මරාජ විද්‍යාලය වෙත ඇතුලත්වූ අතර, එහිදී ඔහු 1960 ගණන් වලදී කැපී පෙනෙන පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙසින් විශිෂ්ටත්වය විදහා පෑවේය.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ෆියරි කෙහෙල්: වන් ඔෆ් ද බෙස්ට්" ඩේලි නිවුස්
  2. ^ "ශ්‍රී ලංකා ක්‍රිකට් ටු ෆෙලිසිටේට් 49 පාස්ට් ක්‍රිකටර්ස්". ශ්‍රී ලංකා ක්‍රිකට්. 6 සැප්තැම්බර් 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 සැප්තැම්බර් 2018.
  3. ^ "එස්එල්සී ලෝන්ච්ඩ් ද ප්‍රෝග්‍රෑම් ටු ෆෙලිසිටේට් එක්ස්-ක්‍රිකටර්ස්". ශ්‍රී ලංකා ක්‍රිකට්. 6 සැප්තැම්බර් 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 සැප්තැම්බර් 2018.
  4. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; fiery නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=ටී._බී._කෙහෙල්ගමුව&oldid=751718" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි