ටියුනීසියානු විප්ලවය

විකිපීඩියා වෙතින්

උතුරු අප්‍රිකාවේ ටියුනීසියා රාජ්‍යයයේ 2010 දෙසැම්බර් මාසයේ සිට මේ දක්වාම ක්‍රියාත්මක සිවිල් ජනතා ව්‍යාපාරයකි. මාසයකට අඩු කාලයකදී, ටියුනීසියාව වසර 23ක් පාලනය කල ජනාධිපති සිzනේ එල් අබිදින් බෙන් අලි පලවා හැරීමට මෙම විරෝධතා සමත් වූ අතර, දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා අදටද එය ක්‍රියාත්මක වෙමින් පවතී.

විරැකියාව, උද්ධමනය, දුෂණය, දේශපාලනික නිදහස සීමා කිරීම සහ පොදුවේ ගත් කල නරක ජීවන තත්වය උද්ඝෝෂණවලට හේතු විය. උද්ඝෝෂණ හේතුවෙන් 200 කට වැඩි පිරිසක් මිය ගිය අතර, වැඩිම මරණ ගණනකට හේතු වූයේ, ආරක්ෂක අංශවලින් විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාර හේතුවෙනි.

ආරම්භය[සංස්කරණය]

ටියුනීසියානු විප්ලවයට මුල පිරූ ආසන්නතම හේතුව වූයේ පලතුරු වෙළෙන්දෙකු වූ මොහමඩ් බෞඅසීzසිz තම සිරුරට ගිනි තබා ගැනීමයි. 2010 දෙසැම්බර් 17 වන දා, සිඩි බෞසිඩ් නම් නගරයේදී මෙය සිදු විය. බෞඅසීzසිz මෙවැනි ක්‍රියාවකට පෙළඹුනේ ඔහුගේ පලතුරු කරත්තය පොලිසිය විසින් රාජසන්තක කිරීමෙන් ඔහුට ජීවිකාව කර ගැනීමට නොහැකි වීම හේතුවෙනි. මෙම සිද්දිය හේතුවෙන් සිඩි බෞසිඩ් නගරයේ විරෝධතා හට ගත්තේය. රජය ඒවා යටපත් කිරීමට උත්සාහ කලද, අනෙක් පළාත්වලටද විරෝධතා පැතිර ගියේය. විරෝධතාකරුවන්, අන්තර්ජාලය තම ක්‍රියාවනට බෙහෙවින් යොදා ගත් හ.

බෙන් අලි පලවා හැරීම[සංස්කරණය]

හැකි සාම ප්‍රයත්නයක්ම දරුව ද, බෙන් අලිගේ ආණ්ඩුවට විරෝධතා පාලනය කිරීමට නොහැකි විය. 2011 ජනවාරි 4 වනදා රෝහල්ගත ව සිටි මොහමඩ් බෞඅසීzසිz මිය යාමෙන් පසුව, විරෝධතා තවත් උත්සන්න විය. ටියුනිස් අගනුවර පවා විරෝධතා උත්සන්න වන විට, බෙන් අලි රටින් පලා ගියේ ය. ජනවාරි 14 වනදා, බෙන් අලි තම ධුරයෙන් ඉල්ලා අස් විය.

බෙන් අලිගෙන් පසුව[සංස්කරණය]

බෙන් අලිගේ වැටීමෙන් පසු, අගමැති මොහොමඩ් ගනෞචි යටතේ භාරකාර රජයක් පිහිටවන ලදී. මීට බෙන් අලිගේ පක්ෂය මෙන්ම විරුද්ධ පාක්ෂිකයන් ද ඇතුලත් විය. බෙන් අලිගේ RCD පක්ෂය එම භාරකාර ආණ්ඩුවට ඇතුලත් වීමට එරෙහිව තව දුරටත් විරෝධතා පැවතින. 2011 පෙබරවාරි 27 වන දා, අගමැති ගනෞචි ඉල්ලා අස් වූ අතර සියාඩ් එල් සෙබ්සි එම ධුරයට පත් විය.

ප්‍රතිඵල[සංස්කරණය]

රට තුල සිදු වූ මූලිකම වෙනස නම් ජනපති බෙන් අලිගේ පලා යාමයි. නමුත් අද වන විට ද, අවසන් විසඳුමක් නැති දේශපාලන ගැටලුවක් එරට තුල පවතී.

රටින් පිටත ඇති වූ ප්‍රතිඵල බෙහෙවින් බැරෑරුම් විය. බෙන් අලි පලා යාමෙන් ධෛර්යමත් වූ තරුණ පිරිස්, කලාපය පුරාම පැරණි පාලකයනට විරුද්ධව වීධි බසින්නට පටන් ගත්හ. එහි උච්චතම අවස්තාව එළඹියේ ඊජිප්තු පාලක මුබාරක් බලයෙන් පහ කරනු ලැබීමයි. අදට ද, යේමනය, බහරේන්, ජෝර්දානය, ඇල්ජීරියාව යනාදී රටවල දැඩි විරෝධතා ව්‍යාපාර පැවැත්වෙන අතර, වසර 41 ක් බලයේ රැඳී සිටි ලිබියානු නායක ගඩාෆිට පක්ෂසහ විපක්ෂ පිරිස් අතර සිවිල් යුධ තත්වයක් පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=ටියුනීසියානු_විප්ලවය&oldid=469315" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි