ටිබෙට් සානුව
Appearance
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "ටිබෙට් සානුව" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2024 දෙසැම්බර්) |
'ලෝකයේ පියස්ස' හෙවත් ටිබෙට් සානුව (Qinghai-Tibet plateau හෝ Qing-Zang plateau) යනු මධ්‍යම, දකුණු හා නැගෙනහිර ආසියාවේ මංසන්ධියෙහි පිහිටා ඇති විශාල උස් සානුවකි. එය භූගෝලීය වශයෙන් ඉන්දියානු උප මහද්වීපයට සහ හිමාලයානු කඳු පන්තියට උතුරින් ද, තාරිම් ද්‍රෝණියට සහ මොංගෝලියානු සානුවට දකුණින්ද පිහිටා ඇත. මෙම සානුව චීනය, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, නේපාලය, භූතානය, ටජිකිස්තානය, කසකස්තානය ආදී රටවලට මායිම් වේ. මෙය ආසන්න වශයෙන් කිලෝමීටර් 1,000 (සැතපුම් 620)ක් උතුරේ සිට දකුණට සහ කිලෝමීටර් 2,500 (සැතපුම් 1,600)ක් නැගෙනහිර සිට බටහිරට විහිදේ. මෙමගින් වර්ග කිලෝමීටර 2,500,000 (වර්ග සැතපුම් 970,000)ක භූමි භාගයක් ආවරණය කරනු ලබයි. මෙය මුහුදු මට්ටමේ සිට ලොව උසම හා විශාලතම සානුවද වේ. සාමාන්‍ය උන්නතාන්ශය මීටර 4,500 (අඩි 14,800) ඉක්මවාලයි.