ටැබ්ලට් පරිගණක

විකිපීඩියා වෙතින්
(ටැබ්ලට් පීසී වෙතින් යළි-යොමු කරන ලදි)
එච් පී (HP) කම්පැක් (Compaq) සමාගම නිපදවූ කැරකැවිය හැකි / ඉවත්කරගත හැකි යතුරුපුවරුවක් සහිත ටැබ්ලට් පීසී

ටැබ්ලට් පරිගණ යනු නෝට් බුක් හෝ ගල් ලෑල්ලක හැඩැති ජංගම පරිගනකයකි. 90 දශකයට කලින් පෙන් ‍කම්පියුටින් (Pen Computing) සමාගම පළමුව මෙම ආකාරයේ උපකරණයක් වන පෙන්ගෝ නම් ටැබ්ලට් පරිගණකය නිපදවූ අතර එය බෙදාහැරියේ මයික්‍රෝසොෆ්ට් සමාගමෙනි. එම පරිගණකය සතු ස්පර්ශකය සංවේදී තීරය නිසා භාවිතා කරන්නෙකු හට ස්ටයිල්(stylus) හෝ ඩිජිටල් පෙන් 1ක් භාවිතයෙන් මෙන්ම ඇඟිලි තුඩු භාවිතයෙන්ද ක්‍රියාත්මක කලහැකි වනසේ නිපදවා ඇති නිසා යතුරුපුවරුවක් යොදා ගැනීම අවශ්‍ය නොවේ. එකී සාධකය නිසා පරිගණකය ජංගමකරණය කිරීමක් ලබාදෙන අතර එය අනොන්‍ය ලෙස පරිගණකයක් සමඟ ගත කරන කාලය වැඩිවීමට බලපානු ලබයි. සාමාන්‍ය නෝට්බුක් පරිගණක අතිවිශාල හෝ ප්‍රයෝජනයට ගත නොහැකිසේ පැකිලෙන අවස්ථාවන් බහුලවීම නිසා ටැබ්ලට් පීසී භාවිතය වැඩි වී ඇති අතර සමහර විටෙක අවශ්‍ය ක්‍රියාව ඉටුකරදීමට නොහැකි නෝට්බුක් පරිගණක වෙනුවට ටැබ්ලට් පීසී හොඳ ආදේශකයකි.

"https://si.wikipedia.org/w/index.php?title=ටැබ්ලට්_පරිගණක&oldid=465101" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි