Jump to content

ට්‍රෝජන් අශ්වයා

විකිපීඩියා වෙතින්
මිකොනොස් බඳුන (ක්‍රි.පූ. 750 සහ 650 අතර), ට්‍රෝජන් අශ්වයාගේ පැරණිතම නිරූපණයන්ගෙන් එකකි (අශ්වයාගේ පැති පෙදෙසේ සැඟවුණු සෙබලුන්ගේ හිස් දැකගත හැක)


ට්‍රෝජන් අශ්වයා යනු ග්‍රීකයන් විසින් ට්‍රෝජන් යුද්ධයේ දී ට්‍රෝයි නගරයට ඇතුලු වීම සඳහා භාවිතා කළා යැයි පැවසෙන ලී වලින් සෑදූ අශ්වයෙකි. හෝමර් ගේ ඉලියඩ් කාව්‍යයේ ට්‍රෝජන් අශ්වයා ගැන සඳහන් නොවන අතර, ඔඩිසි හි ඒ පිළිබඳ ලුහුඬු සඳහනක් පමණක් පවතී. වර්ජිල් ගේ ඇනෙයිඩ් කාව්‍යයට අනුව, වසර 10 ක් ට්‍රෝයි නගරය වට කරගෙන නිෂ්ඵලව යුද්ධ කළ ග්‍රීකයන් අවසානයේ ඔඩිසියස්ගේ අණින් විශාල ලී අශ්වයෙකු නිර්මාණය කර ඇත. ඉන්පසුව, තෝරාගත් සෙබළුන් කිහිප දෙනෙක් සමග ඔඩිසියස් අශ්වයාගේ සිරුර තුල සැඟවුනු අතර, ග්‍රීක හමුදාව පසුබැස යන ලෙසක් පෙන්වමින් නෞකා ඈතට යාත්‍රා කර ඇත. තමා යුද්ධය ජයග්‍රහණය කළා යැයි සිතූ ට්‍රෝජන්වරු, කුසළාණයක් ලෙස ලී අශ්වයා නගරය තුලට රැගෙන ගියහ. එම රාත්‍රියේ අශ්වයාගෙන් පිටතට පැමිණි ග්‍රීක සෙබළුන් නගරයේ දොරටු විවර කළ අතර, රහසේ නැවත යාත්‍රා කර පැමිණ සිටි ග්‍රීක හමුදාව නගරයට කඩා වැදී, එය විනාශ කොට යුද්ධය අවසන් කළහ.

"https://si.wikipedia.org/w/index.php?title=ට්‍රෝජන්_අශ්වයා&oldid=792134" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි