ජෝසැෆ් ලුවී ලග්රේන්ජ්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ජෝසැෆ් ලුවී ලග්රේන්ජ්
Lagrange portrait.jpg
ජෝසැෆ් -ලුවී (ජූසෙප්පේ ලොඩොවීකෝ),
කෝම්ට් ඩි ලග්රේන්ජ්
උපත 25 ජනවාරි 1736(1736-01-25)
මරණය පැරිසිය, ප්‍රංශය
ජාතිකත්වය සාර්ඩීනියානු
ප්‍රංශ
ක්ෂේත්‍රයන් ගණිතය
ගණිතමය භෞතික විද්‍යාව
අචාර්ය උපාධි ශිෂ්‍යයන් ජොසෆ් ෆූරියර්
Giovanni Plana
Siméon Poisson
ප්‍රසිද්ධයට හේතුව {{#ifSee list
Analytical mechanics
Celestial mechanics
Mathematical analysis
Number theory|See list
Analytical mechanics
Celestial mechanics
Mathematical analysis
Number theory|}}

ජූසෙප්පේ ලොඩොවීකෝ ලග්රේන්ජියා යන නමින් උපත ලැබූ ජෝසැෆ් ලුවී ලග්රේන්ජ් (1736 ජනවාරි 25 – 1813 අප්‍රේල් 10) ඉතාලි ජාතික ගණිතඥයෙක් හා තාරකා විද්‍යාඥයෙක් විය. ඔහුගේ ජීවිතයෙන් බොහෝ කාලයක් ඔහු ප්‍රංශයේ ජීවත් වූ අතර සියලුම විශේෂණ ක්ෂේත්‍රවලට, සංඛ්‍යාවාදයට, සම්භාව්‍ය හා අභ්‍යාවකාශ යාන්ත්‍ර විද්‍යාවට කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නේය. යුලර්ගේ සහ ඩි ඇලෙම්බර්ට්ගේ නිර්දේශය මත, යුලර් වෙනුවට ,1766 දී , බර්ලින් නුවර පිහිටි විද්‍යාවන් පිළිබඳ ඇකඩමියේ ගණිතය පිළිබඳ අධ්‍යක්ෂකවරයා ලෙස ලැෆ් රේන්ජ් පදවි ප්‍රාප්තිය ලැබුවේය. විශාල වැඩ කොටසක් ඉදිරිපත් කරමින්, විද්‍යා‍වන් පිළිබඳ ප්‍රංශ ඇකඩමියේ ත්‍යාගයන් කිහිපයක් දිනා ගනිමින් ඔහු එහි වසර 20කට වඩා වැඩි කලක් වාසය කළේය. ලැග් රේන්ජ්ගේ විශ්ලේෂණ යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ විධිමත් ශාස්ත්‍රීය නිබන්ධනය (විශ්ලේෂී යාන්ත්‍ර විද්‍යාව - මිකැනික් ඇනලයිටික්, සංස්කරණ 4, වෙළුම් 2 , ප්‍රංශය (Gauthier-Villars et fils, 1888-89) බර්ලිං නුවර දී ලියූ අතර ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් කරන ලද්දේ 1788 දීය. නිවුටන්ගෙන් පසුව සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවට ඉතා සම්පූර්ණ සැලකිල්ලක් මෙහි දී දක්වන ලදී. තවද 19 වැනි ශත වර්ෂයේ දී ගණිතමය භෞතික විද්‍යාවේ දියුණුව සඳහා මූලාරම්භයක් ද ඇති කරන ලදී. තූරීන් නුවර ඉතාලි ජාතික දෙමාපියන්ට දාව ජියෝසෙෆි ලොඩොවිකෝ ලැග් රෙන්ජියා උපත ලැබීය. ඔහුට පිය පාර්ශවයෙන් ප්‍රංශ ජාතික මුතුන් මිත්තෝ සිටියහ. 1787 දී ඔහු ප්‍රංශ ඇකඩමියේ සාමාජිකයෙක් බවට පත් වූ අතර ඔහු , ඔහුගේ ජීවිතයේ අවසානය තෙක් ප්‍රංශයේ ම රැඳුණි. එම නිසා විකල්පයක් ලෙස ලැග් රේන්ජ් ප්‍රංශ හා ඉතාලි ජාතික විද්‍යාඥයෙක් ලෙස සලකනු ලැබේ. ලැග් රේන්ජ් රුසියානු විප්ලවයෙන් දිවි ගලවා ගත් අතර 1794 දී ආරම්භ කෙරිණි. ඉකෝල් බහු තාක්ෂණික ආයතනයේ එතැන් පටන් ගැටලු විසඳීමේ දී ශ්‍රිතවාදය, සීමාව, සාන්ත්‍යය හා කලනය භාවිතය ( විශ්ලේෂණය) පිළිබඳ පළමු මහාචාර්යවරයා බවට පත් විය. නැපෝලියන් විසින් කීර්තිමත් සේනාව අතරට ලැග් රේන්ජ් නම් කරන ලද අතරම 1808 දී අධිරාජ්‍යයේ වංශවතෙක් බවට ද පත් කළේය. ඔහු 1813 දී මිය ගිය පසු පැන්තියොන්හි දී භූමදාන කරන ලදී.

සටහන්[සංස්කරණය කරන්න]

Joseph_Louis_Lagrange
"https://si.wikipedia.org/w/index.php?title=ජෝසැෆ්_ලුවී_ලග්රේන්ජ්&oldid=390342" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි