ජෝර්ජ් බර්නාඩ් ෂෝ
ජෝර්ජ් බර්නාඩ් ෂෝ | |
---|---|
වෘත්තිය | නාටක රචක, විචාරකයා, දේශපාලන,නිදහස් චින්තක |
ජාතිකත්වය | අයර්ලන්තතයේ භාෂාව |
ප්‍රභේදය | උපහාස රචනාව, ශ්‍යාම ප්‍රහසනය |
සාහිත්‍යමය සංවිධානය | ප්‍රතිසංස්කරණවාදියා, සමාජවාදියා |
සංගණ්‍ය ප්‍රණාමය(න්) | Nobel Prize in Literature 1925 Academy Award for Writing Adapted Screenplay 1938 Pygmalion |
ආභාෂයට නතු කලේ
|
ජෝර්- කාර්ෂෝ සහ ලුයින්ඩා එලිසබත් ගර්ලි නම් යුවලට දාව උපන් බර්නාඩ් ෂෝ නම් වූ දරුවා සාහිත්‍ය, සංගීත, කලා නිර්මාණකරණයට දැවැන්තයකු වූ බවත්, විශ්ව සාහිත්‍යයේ සුප්‍රකට අයකු බවට පත්වූ වගත්, පැවසුවහොත් එය සත්‍යයකි. මොහු උපන්නේ අයර්ලන්තයේ ඩර්ලින් නමැති නගරයේය. ඒ 1856 ජුලි 26 දාය. ජෝර්- කාර්ෂෝ යනුවෙන් හැඳින්වූ පියාගේ නමේ මුල් වචනය එකතුකර මොහු ජෝර්- බර්නාඩ් ෂෝ යනුවෙන් මුලදී ව්‍යවහාර කෙරුන පසුව බර්නාඩ් ෂෝ යනුවෙන් ප්‍රසිද්ධියට පත්වූයේය.
ගර්ලි මව සංගීත ශිල්පිනියක් වූ බැවින් නාට්‍ය චිත්‍ර කලාවන් කෙරෙහි යොමුවීමට සහ ඒ ක්ෂේත්රයේ රැඳීමට ඔහුට වරම් හිමිවිය. හුදෙක් ඒ මවගෙන් ලැබුණු ආභාෂය නිසා විය හැකිය. මීට අමතරව මවගේ සහෝදරයා නොහොත් බර්නාඩ් ෂෝ ගේ මාමා ගෙන්ද උසස් ඝනයේ සාහිත්‍ය කෘති කියවීමට ඔහුට ඉඩ ප්‍රස්ථාව සැලසුනි.
තරුණවිය
[සංස්කරණය]ළමාවියේ දී මවගේ රැකවරණය යටතේ අධ්‍යාපන කටයුතු කරමින් තරුණවියට පා තබන ඔහු දහසය වැනි වියේදී (16) එනම් 1872 දී පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක කාර්යාලීය ලිපිකරුවෙකු හා මුදල් අයකැමියෙකු වශයෙන් සේවයේ නිරත විය. වසර 04 ක් ගතවන විට ඔහුට රැකියාවට ආයුබෝවන් කීමට සිදුවිය. රැකියාව අත්හැරීමට සිදුවූයේ තම මෑණියන්ට ලන්ඩන් නගරයේ පදිංචියට යැමට සිදුවීම නිසාය. මෙම ගමනට බර්නාඩ් ෂෝ මෙන්ම ඔහුගේ සහෝදරියද එක්විය. බර්නාඩ් ෂෝ ලන්ඩන් නගරයේ රැකියාවක් සොයා ගැනීමට කොතෙකුත් උත්සහා දැරුවද එය නිෂ්ඵල වූයේය. අනතුරුව ඔහු පුස්තකාල සේවා මධ්‍යස්ථානයට බැඳී එහි පොත්පත් කියවීමට කාලය මිඩංගු කළේය. දක්ෂ ලේඛකයන් විසින් රචිත උසස් කෘති කියවීමට ඔහු වඩාත් කැමති වූයේය. පොත්පත් කියවන ගමන් මුලින් නවකතා කීපයක් නිර්මාණය කළද ඒවාට එතරම් ප්‍රතිචාරයක් නොලැබුණ අතර ප්‍රකාශකයන් පවා ඒවා මුද්‍රණය කිරීමට මැලිවීම බර්නාඩ් ෂෝ ගේ කණස්සල්ල වැඩිවීමට හේතුවක් විය. එහෙත් උත්සහය නතර නොකළ ඔහු තව තවත් ලීවේය. පුවත්පත්වලට ලියූ ලිපි බොහොමයක් ප්‍රතික්ෂේප වූ අතර ඇතැම් ලිපි සඳහා ඉඩකඩ ලැබිණි. උත්සහය නතර නොකළ ඔහු තව තවත් පුවත්පත් සඳහා ලිපි ලීවේය. මේ සඳහා සොච්චම් මුදලක් ඔහුට ලැබිණි. පුවත්පත් කෙරෙහි වැඩි කැමැත්තක් දැක්වීම නිසා යහළුවකුගේ මාර්ගෝපදේශකත්වයෙන් "ද ස්ටාර්" (the star) නමින් වූ පුවත්පත් ආයතනයේ රැකියාවක් ඔහුට ලැබිණි. මේ කාලය තුළ බර්නාඩ් ෂෝ ගේ ජීවිතය පුදුමසහගත විය. අන්දමන්දව, අතන මෙතන ඇවිද ඉබාගාතේ අවිචාරවත් අයුරින් කටයුතු කිරීම නිසා ඔහුට ඔහුවම රස්තියාදුකාරයකු මෙන් පෙනිණි. ප්‍රමාණවත් පරිදි අතට මුදලක් නොලැබීම ඊට හේතුවක් වූවා වියහැකිය. කෙසේ නමුත් ඔහු තිර අදිටනින් යුතුව තම අපේක්ෂා ඉටුකරගනු වස් උත්සහය අත් නොහැරියේය.
නාට්‍ය විචාරක
[සංස්කරණය]මොහු ද ස්ටාර් (The Star) නැමති පුවත්පත් ආයතනයේ සේවය කරමින් සිටියදී " ද වර්ල්ඩ්" (The world) නමින් වූ පුවත්පතකට ලිපි සැපයීමෙන් තම නම ජනප්‍රිය තත්ත්වයට පමුණුවා ගත්තේය. ද සැටඩේ රීවීව් (The Saturday Review) නම්වූ පුවත්පතක නාට්‍ය විචාරකයකු ලෙසද කටයුතු කරමින් සිටියදී නාට්‍ය කෙරෙහිද, ඒවායේ නිර්මාණ කාර්යයන්වලද ක්‍රියාත්මක විය. ප්‍රකට නාට්‍ය කරුවකු මෙන්ම, ලේඛකයකු හා නිදහස් චින්තකයකු ලෙස බර්නාඩ් ෂෝ කැපී පෙනීමට " ද සැටඩේ රීවීව් " පුවත්පත හේතුවිය.
කථා ශෛලීය
[සංස්කරණය]මෙවන් පරිසරයක් තුළ මොහු "ෆේබියන්" යනුවෙන් වූ සංගමයකට බැඳී එහි සාමාජිකත්වය ලබා ගත්තේය. ඒ 1884 වර්ෂයේදීය. උගත් ප්‍රභූන් අතර සමාජවාදය පිළිබඳ දේශන පැවැත්වීමට තරම් මොහු දක්ෂ කථිකයකු වූයේය. මොහුගේ කථා ශෛලීය ප්‍රේක්ෂක සිත්ගත් බව පැවසේ. හාස්‍ය දක්වන කථා කීමට දක්ෂ වූ මොහු අසා සිටින්නන්ගේ සිත් ඇද බැඳ තබා ගත්තේය. සමාජයේ උස්මිටි තැන් විවේචනය කරමින් සමාජ සුධාරකයකු ලෙස පෙනී සිටියේය.
සැටඩේ රිවීව් පුවත්පතේ නාට්‍ය විචාරයකු ලෙස කටයුතු කරද්දී ඔහු නාට්‍ය රචනා කිරීම කෙරෙහිද දැඩි ඇල්මක් දැක්වීය. "වොරන් මහත්මියගේ රැකියාව" මැයෙන් පළමුවරට ඔහු විසින් 1893 දී නාට්‍යයක් ගොතන ලදුව පසුව තවත් නාට්‍ය කිහිපයක් කරලියට ගෙන ආයේය. "ද විලැන්ඩර්" "ඩිවෝස් හවුසස්" "ආම්ස් ඇන්ඩ් ද මෑන්" "පිග් මැලියන්" "ඩෙවල්ස් ඩිසයිජල්ස්" "ජෝන් බුල්ස් අදර් අයිලන්ඩ්" "ද ඩොක්ටර් ඩිලෙම්මා" යූ නෙව කැන්ටේල්, කැන්ඩීඩා වැනි නාට්‍ය ඒ අතරවෙයි.
සීසර් සහ ක්ලියෝ පැට්රා, ඇපල් කාට්, පිග් මැලියන් (CAESAR AND CLEOPATRA,APPLE CART,PYGMALLION) වැනි නාට්‍ය කෘතිවලට ඉමහත් ප්‍රසාදයක් ලැබුණි. පිග් මැලියන් නම් වූ නාට්‍ය සංගීතමය චිත්‍රපටයක් බවට "මයි ෆයාර් ලේඩි (MY FAIR LADY)" නමින් තිරගත කරන ලදී. මෙම චිත්‍රපටයට ඔස්කාර් සම්මාන හිමි වූ වගක්ද කියැවේ.
සහකාරිය
[සංස්කරණය]1856 වසරේදී උපත ලබා වර්ෂ 94 ක් ජීවත්ව සිටි මෙම වියතා විවාහ වූයේ වයස අවුරුදු 42 දීය. මොහුගේ සහකාරිය වූයේද අයර්ලන්ත ජාතික කතකි. ඇය නම් චාලට් ටවුන් ෂෙන්ඩිය. මැය ඉතා ධනවත් පවුලකට අයත් වූවාය. බර්නාඩ් ෂෝ මස් මාංශ අනුභවයෙන් හා මත්පැන් පානයෙන්ද වැළකී සිටියේය. යහපත් දිවිපෙවෙතක් ගත කිරීම නිසා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටියේය. සාහිත්‍ය කලාව, නාට්‍ය නිර්මාණකරණයන් වෙනුවෙන් කරන දල සේවයට පැසසුම් කරනු වස් "මයි පෙයාර් ලේඩි" චිත්‍රපටය සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානය ලබාදුන් නමුත් ඔහු එකී සම්මානය ප්‍රතික්ෂේප කළේය. එපමණක් නොව බ්‍රිතාන්‍ය රජය විසින් ප්රදානය කරන ලද ඉහළම සම්මානය වූ "ඕඩර් මෙරිට් (ORDER OF MERIT)" නම් වූ ඉහළ නිලයද ලබා නොගත්තේය.
රුසියාව, ඉන්දියාව, ලංකාව ඇමරිකාව වැනි රටවල් ගණනාවක ඔහු සංචාරය කරමින් සාහිත්‍ය කලා කටයුතුවලද නිරතවූයේය. මොහුගේ ඇතැම් කෘති වෙනත් භාෂාවලටද පරිවර්තනය කර තිබේ. සමහරක් කෘති සිංහල බසටද නගා ඇත.
වසර 94 ක් පමණ ගත කරද්දී වුව ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවිය. අහම්බෙන් මෙන් ක්ෂණිකව බිම ඇද වැටීම නිසා 1950 නොවැම්බර් 02 දා මොහු ලොවින් සමුගත්තද ඔහුගේ සාහිත්‍ය කලා කෘති තවමත් පවතී. එම කෘත අගය කරන්නන්ද එමටය. සමාජ සාරධර්ම ඒ තුළ ගැබ්වීම ඊට හේතුවයි.