Jump to content

ජෝන් ඩෝල්ටන්

විකිපීඩියා වෙතින්
ජෝන් ඩෝල්ටන්
උපත 1766 සැප්තැම්බර් 6, එංගලන්තය, කුම්බ්‍රියාහි කොකමවුන්ට් අසල ඊගල්ෆිල්ඩ්හිදී
විපත 1844 ජුලි 27 (වයස 77දී) එංගලන්තයේ මැන්චැස්ටර්හිදී
ආචාර්ය උපදේශකවරයා ජෝන් ගෝග් (Doctoral advisor)
ශිෂ්‍ය රේමස් ප්‍රෙස්කොට් ජූල්
විශේෂිත දැනුම පරමාණු සිද්ධාන්ත, ගුණානුපාත නියමය,ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය හා (Daltonism) වර්ණ අන්ධතාවය පිළිබද පරීක්ෂණ.

ජෝන් ඩෝල්ටන් - 1766 සැප්තැම්බර් 6 සිට 1844 ජුලි 27 මිය යනතුරුම (FRS) රාජකීය සමිතියේ සම්මාන සාමාජිකයෙකු වන අතර, ඔහු ඉංග්‍රීසි රසායනඥයකු හා කාලගුණ විද්‍යාඥයෙකු හා භෞතික විද්‍යාඥයෙකු ද වේ. ඔහුව වඩාත් ප්‍රකට වුයේ නූතන පරමාණුක විද්‍යාවේ සිද්ධාන්ත ගොඩ නැගුමෙහි පුරෝගාමියෙකු වශයෙන් හා වර්ණ අන්ධතාවය පිළිබඳ පර්යේෂකයෙකු වශයෙනි. (වර්ණ අන්ධතාවය පිළිබඳව පර්යේෂණ මගින් කිරීම “Doltouism” ලෙස ඔහුට ගරු කිරීම හදුන්වයි)


ජිවිතයේ මුල්යුගය

[සංස්කරණය]

ජෝන් ඩෝල්ටන් උපත ලැබුවේ ක්වේකර් නම් සුළුතර ක්‍රිස්තියානි නිකායක පවුලකට දාව එංගලන්තයේ කුම්බියා පලාතේ කොකර්මවුත්වල ආසන්නයේය. ඔහුගේ පියා මෙහෙකරුවෙකු විය. ඔහු වයස 15 වන විට තම සහෝදරයා වූ ජොනතන් හා එක්වී කෙන්ඩාල් නම් යාබද ගම්මානයේ ක්වේකර් පාසලක් ඉගැන්වීම් කරන ලදී. 1790 කාලයේදී ඩෝල්ටන් අවධානය නීතිය හා වෛද්‍ය විද්‍යාව කරා යොමු කරන ලදී. නමුත් ඔහුගේ මෙම ගමනට කිසිදු ඥාතියෙකුගේ සහයක් නොලැබීය. නමුත් මෙකල විරුද්ධ මතධාරීන් විසින් ඔහුව විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලැබීමට හෝ ඉගැන්වීමට ඇතුළත් කර නොගන්නා ලදී. එමනිසා ඔහු 1793 වසන්තය තෙක් කෙන්කලායේ සිට මැන්චෙස්ටර් වෙත යන ලදී. එහිදී ඔහු ජෝන් ගෝ නම් වූ අන්ධ දාර්ශනිකයෙකු ගෙන් ගුරුහරුකම් ලබාගත්තේය. මේ අතරතුර ඩෝල්ටන් මැන්චෙස්ටර්හි නිව් කොලේජ් නම් පාසලේ ගණිතය හා ස්වාභාවික දර්ශනවාදී ගුරුවරයා බවට පත් විය. ඔහු 1800 දක්වා මෙම පාසලේ ඉගැන්වුවේය. නමුත් පාසලේ පිරිහෙමින් තිබූ ආර්ථික තත්ත්වය නිසා 1800 දී පාසල වසා දමන ලදී. ඉන් පසු ඔහු මැන්චෙස්ටර්හි ගණිතය හා ස්වාභාවික දර්ශනවාදය පෞද්ගලිකව උගන්වන්නෙක් බවට පත් විය.


ඩෝල්ටන්ගේ ජීවිතය මුල් කාලයට ඊගල්ෆීල්ඩ්හි එලිහු රොබින්සන් නමු වූ ක්වෙකර් ජාතික පුද්ගලයෙකුගෙන් බලපෑම් එල්ල වුණි. ඔහු ප්‍රසිද්ධ කාලගුණ විද්‍යාඥයෙක් හා විවිධ ආයිත්තම් සාදන්නෙකි. ඔහු ඩෝල්ටන්ව ගණිතය හා කාලගුණ විද්‍යාව වැනි විද්‍යාවන් කෙරෙහි උද්‍යෝගය ඇති කිරීමට සමත් විය. ඔහු කෙන්ඩාලයේ සිටි කාලයේදී Gentlemen’s and Ladie’s Diaries වෙත විවිධ මාතෘකා ඔස්සේ ගැටළු හා පිළිතුරු ලියා යැවුවේය. ඉන් පසු ඔහු කාලගුණ විද්‍යා සටහන් තැබීම පටන් ගත්තේය. එය ඔහු අඛණ්ඩව වසර 07 ක් කර ගෙන ගියේය. ඔහු වාර්තා 20000 කට ආසන්න ප්‍රමාණයක් තැබුවේය. ඒ අතර තුර 1793 දී Meteorological Observations and Essays නම් ඔහුගේ කාලගුණ විද්‍යා සොයා ගැන්ම ඇතුළත් කෘතිය එළිදැක්වීය. එහි ඔහු පසුකාලීනව ඉදිරිපත් කළ සොයා ගැනීම්වල බීජයන් අඩංගු විය. මේ කාලයේදී ඔහු කෙරේ අනෙකුත් ශිෂ්‍යයන්ගේ අවධානය යොමු විය. දෙවනුව ඩෝල්ටන් විසින් “Element of English Grammar” නම් වූ කෘතිය 1801 දී එළි දැක්වීය.


1794 දී ඩෝල්ටන් මැන්චෙස්ටරයට පැමිණ ටික කලකින් මැන්චෙස්ටර්හි සාහිත්‍ය හා දර්ශනවාදී සංගමය එනම් “hit & pill” හි සාමාජිකයෙකු බවට පත්කරගන්නා ලදී. ඉන් සති කිහිපයකට පසුව ඔහු තම ප්‍රථම ලිපිය වන “Extraodiuari facts relating to the vision of colours” නමින් ප්‍රසිද්ධ කරන ලදී. මෙහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ වර්ණ අන්ධතාවයට හේතුකාරක වනුයේ ඇස තුළ ඇති ද්‍රව්‍යමය මාධ්‍යයක් දුර්වර්ණ වීම බවයි.ඩෝල්ටන් තම මතය මෙම ලිපිය හරහා ප්‍රසිද්ධ කරන තුරු මිනිසුන්ට වර්ණ නොපෙනී යාමේ තත්ත්වය සම්මත පරිදි කිසිවකු විසින් පැහැදිලි කර නොතිබුණු අතර එය මුලින්ම විස්තර සහිතව ඉදිරිපත් කළේද ඩෝල්ටන් විසින්මයි. කෙසේ වෙතත් ඩෝල්ටන්ගේ මෙම සිද්ධාන්තයට ඇති පිළිගැනීම ඔහුගේ ජීවිත කාලය තුළ නැතිවී ගියත් ඔහු තමාගේම තිබූ පෙනීමේ දුර්වලතාවය පිළිබඳව සිදු කළ පර්යේෂණය වෙනුවෙන් වර්ණ අන්ධතාවය යන පදය “Doltouism” වශයෙන් ද හදුන්වන්නට විය. 1995 දී ඔහුගේ සංරක්ෂණය කළ අක්ෂිගෝලය පරීක්ෂා කිරීමෙන් පෙනී ගියේ ඔහු අසාමාන්‍ය වර්ණ අන්ධතාවයකින් පෙළුණු බවයි. එය ඩියුටිරෝන්පියා (deuteroanopia) ලෙස හඳුන්වයි. එනම් එහිදී කේතු සෛල තුනී වීම නිසා මධ්‍යම තරංගයක් සහිත ආලෝකය හදුනාගැනීමට ඔහුට නොහැකිවිය. වඩාත් සුලභ deuteroanomaly නම් වර්ණ අන්ධතාවයේදී සිදුවන්නාක් මෙන් ජාන විකෘති වූ වර්ණකවල ක්‍රියාකාරීත්වයේ වෙනසක් මෙහිදී සිදු නොවේ. වර්ණාවලියේ ඇති නිල්, දම්, හැර ඔහුට දර්ශනය වූ එකම වර්ණය වූයේ කහ පැහැය පමණි. ඔහු ඒ බව අතීතයේ සදහන් කර තිබුණි. ඔහු ඔහුගේ ලිපියක පහත අයුරින් සටහනක් තබා තිබුණි.

මෙම පෙනෙන්නා වූ දර්ශනයේ අනෙක් අය රතු පාට යැයි පවසන්නා වූ දෙය මට පෙනෙනුයේ ආලෝකය අදුරු වූ හෝ දුර්වර්ණ වූ කොටසක් ලෙසයි. තවද තැඹිලි, කහ සහ කොළ පැහැය එකම වර්ණයක් ලෙස දිස් වූ අතර එය දුර්ලභ කහ පැහැයකි. මට පෙනෙනා අයුරින් එය කහ පැහැති ඡායාවකි.

ඔහුගේ මෙම ලිපිය බොහෝ දෙනෙකු විසින් පරිශීලනය කරන ලද අතර ඒ වැස්ස සහ පිණිබෑම, වසන්තයක් ආරම්භය හා තද රස්නයේ ආරම්භය අහස් හා වළාකුළුවල වර්ණය හා ඉංග්‍රීසා භාෂාවේ ආධාරක ක්‍රියාවන් හා කෘදන්තයන් මෙන්ම ආලෝකය පරාවර්තන හා වර්තන ක්‍රියාවලීන් සදහා ය.


පරමාණුක සිද්ධාන්ත

[සංස්කරණය]

1800 දී ඔහු මැන්චෙස්ටරහි සාහිත්‍ය හා දර්ශනවාදීන්ගේ සංගමයේ ලේකම් තනතුරට පත්වෙන අතර එම වසරේදීම ඔහු සංගමයට “පරීක්ෂණාත්මක රචනා” නමින් තම පරීක්ෂණවල වාර්තා පෙලක්ම ඉදිරිපත් කරන ලදී. එහිදී ඔහු ඒවා මගින් මිශ්‍ර වායු ස්ථාපනය, හුමාල පීඩනය හා වෙනත් වාෂ්ප වර්ග විවිධ උෂ්ණත්වවලදී, රික්තයේදී හා සාමාන්‍ය වාතයේ හැසිරෙන ආකාරයත්, වායුවල උෂ්ණත්වය සමග සිදු වන ප්‍රසාරණය යන දෑ විස්තර කරන ලද අතර ඒවා hit & phill හි “Memoirs” පළවිය.

මෙම රචනා පෙළෙහි දෙවන කොටස සැමගේ අවධානය දිනාගන්නා සුළු එකක් විය.

එහිදී එය පිළිබඳව සැකයක් ඇති කරගැනීම විවාදාත්මක වූ අතර එහිදී වූ ප්‍රත්‍යන්ත වූත් වෙනත් ඕනෑම ආකාරයක් ගන්නා ද්‍රව වර්ගයන් පිළිබදව පහළ උෂ්ණත්වවලදී හා අධික පීඩනවලදී පරීක්ෂා කරන ලද අතරම මිශ්‍ර නොවූ වායුවර්ගද ඒපරිද්දෙන්ම පරීක්ෂා කරන ලදී. විවිධ වාෂ්ප වර්ගවල පීඩනයේ 00 හා 1000 C (32Fm 212F) අතර හැසිරීම විස්තර කිරීමෙන් අනතුරුව ඔහු එකිනෙකට වෙනස් ද්‍රවණ වර්ග හයක වාෂ්ප පීඩනය විශ්ලේෂණය කරන ලදී. එහි දී ඔහුට දැක ගත හැකි වූයේ ඒ සෑම ද්‍රව්‍යයකම වාෂ්ප පීඩනය වෙනස වෙනස් වීමට සමානතාවයක් පෙන්වන බවයි. එනම් දෙන ලද ඕනෑම වාෂ්පයක් භාවිතයට ගැනීම තුළිනි.

හතර වන රචනාවේදී ඔහු මෙසේ අදහස් දක්වයි.

සියළුම ප්‍රත්‍යස්ථ ද්‍රව්‍යයන් එකම පීඩනයේ දී එකම තාප ප්‍රමාණයක් ලබාදෙන විට ඒ සෑම ද්‍රව්‍යයකම ප්‍රසාරණයක් සමානයි. නමුත් මට එය එසේ වීමට ප්‍රමාණවත් හේතුවක් හදුනාගැනීමට අපහසුයි. එනම් දැනට භාවිතයේ පවතින සාමාන්‍ය නීතීත් මගින් මෙම කරුණ බොහෝමයක් පැහැදිලි කිරීමට අපහසුයි.

ඔහු මේ සම්බන්ධව ගේලුසැක් නියමය නැතිනම් J.A.C. චාර්ලස් නියමය 1802 දි රෝෂප් ලුවිස් ගේ-ලුසැක් විසින් පළ කරන ලද ලිපි අධ්‍යයනයෙන් පසු ඩොල්ටන් විසින් එම මාතෘකාව පිළිබදව පත්‍රිකා කිහිපයක් පල කරන ලදී. ඒවාහිදී ඔහු විසින් වායූන් ජලය හා වෙනත් ද්‍රව මගින් වායුවක අවශෝෂණය සම්බන්ධව (1803) හා ඔහුගේ නියමයක් වන අංශුමය විධාන නියමය එනම් දැනට භාවිතයේ පවතින ඩෝල්ටන් නියමය ද එළි දැක්වීය.

ඩෝල්ටන්ගේ බොහෝ සොයා ගැනීම් රසායන විද්‍යාවේ පරමාණුක සිද්ධාන්ත සම්බන්ධ ඒවා විය. එනම් ඔහුගේ නම වෙන්කල නොහැකි තරමටම රසායන විද්‍යාව හා බැදී පවතී. මෙම සිද්ධාන්ත පිළිබඳව ඔහුට විවිධ ඉඟි පහළ වූයේ ඔහු විසින් එතිලින් (Olefiant gas) හා මීතෙන් (කාබන්කෘත හයිඩ්‍රජන්) හා නයිට්‍රජන් ඩයොක්සයිඩ්වල සංස්ලේෂණයක් (rotoxide of azole) මෙන්ම නයිට්‍රජන් ඩයොක්සයිඩ්වල සංස්ලේෂණ යන් මගිනි. එම පැතිකඩ දෙකෙහිම විශේෂඥයා වූයේ තෝමස් තොම්සන්ය. කෙසේ හෝ “hit & phil” හි කාමරවල තිබී රසායනයන් ඩෝල්ටන්ගේ විද්‍යාගාර සටහන් වලින් පරීක්ෂා කර බැලූ විට ඉන්පසුව එළඹි ගැටළුව වූයේ පරමාණුවේ සත්‍ය ප්‍රමාණය සොයා ගැනීමයි. එහිදී ඩෝල්ටන් විසින් ඔහු ඉතා සක්‍රීය විය. ඔහු රසායන විශ්ලේෂණය භාවිතයෙන් වායූන් සෑදුවේය. මෙහිදී ඔහු උදවු කළත් උපකල්පනය වූයේ යමිකිසි සම්බන්ධ වීමක් අධ්‍යයනය කිරීම පහසුම හා කළහැකි හොදම දෙය වශයෙන්ය. එම නිසා ඔහු විසින් වෙනස් ස්කන්ධයක් සහිත අංශුවල සම්බන්ද කිරීම් කරන ලදී. එය ග්‍රීකයන්ටත් ඓතිහාසික අනුමානවලින් ඔහුගේ සිද්ධාන්ත වෙන්කොට හදුනා ගැනීමට හැකි වූයේ එමගිනි.

ඔහුගේ ඉහත සදහන් කළ අදහස විසින් ඔහුව ගුණානුපාත නියමය කරා රැගෙන යන ලදී. එයින් ඔහු කරන ලද කැපකිරීම්වලට නියම පිළිතුර ලබාදෙන ලදී. වායූන් පිළිබඳ සංකලනයන්ගේ වට පිටාව පිළිබඳවත් සැළකීමෙන් පසුව 1802 නොවැම්බර් මාසයේදී ගුණානුපාත වෙනත් වචන වලින් ඔහු මෙසේ පවසයි. “ඔක්සිජන් මූල ද්‍රව්‍ය එම ප්‍රමාණයේම නයිට්‍රජන් වායුව සමග හා එහි දෙගුණයක ප්‍රමාණය හා සම්බන්ධ වේ. නමුත් ඒ අතර වූ ප්‍රමාණයන් හා එසේ නොවේ.” මෙම වාක්‍ය පිළිබඳව ඔහුට සැක සිතී එය ඔහුගේ රචනාවලට ඇතුලත් නොකරන ලදී. එම හේතුව නිසා එය 1805 වනතුරු ප්‍රසිද්ධියට පත් නොවිණි.

මූලද්‍රව්‍ය නාම ගත කරණ ලද්දේ ද්විතීක, තෘතීක හා චතුර්ථක ආදී වශයෙනි. (පරමාණු සාදා තිබුණේ පරමාණු දෙක , තුන, හතර යනාදී වශයෙනි) මෙම රසායන විද්‍යාවේ නව දර්ශනය මූල ද්‍රව්‍යවල සරලම තත්ත්වය හා පරමාණුවක ක්‍රමාංකය මත රදා පැවතුණි. මෙහිදී ඔහු විසින් සංයෝගයක ව්‍යුහය එක් එක් පරමාණු මූල ප්‍රමාණයකින් ඇති බව ප්‍රකාශ කරයි. එහිදි X නම් පරමාණුවක් Y පරමාණුවක් හා එක් වූ විට එය ද්විතීක සංයෝගයකි. තවදුරටත් එක් X පරමාණුවක් Y පරමාණුව බැගින් දෙවරක් සම්බන්ධ කරගත් විට එය තෘතීක සංයෝගයක් වේ. කෙසේ හෝ රසායන විද්‍යාවේ නව දර්ශනයේ (New system of chemical philosophy) එය ප්‍රථම ලයිස්තුවේ ඇති මූලද්‍රව්‍ය බොහෝමයක් නවීන දැක්මට සමාන වන අතර නමුත් සමහර ඒවා එසේ නොවේ.

ඩෝල්ටන් විසින් තමාගේම සංකේතයන් භාවිතා කරමින් පරමාණුක ව්‍යුහය පැහැදිලි කරන ලද අතර ඒවා රසායන විද්‍යාවේ නව දර්ශනවාදය (New system of chemical philosophy) හි ඇතුලත් වන අතර පොදු සංයෝගයන් හා ඔහු විසින් පිළියෙල කරගත් මූලද්‍රව්‍ය නාමාවලියක් ද එයට ඇතුලත්ය.


ඩෝල්ටන්ගේ පරමාණුක වාදයේ මූලික සිද්ධාන්ත පහ

  1. මූලද්‍රව්‍ය සෑදී ඇත්තේ පරමාණු නම් කුඩා අංශු මගිනි.
  2. දී ඇති මූලද්‍රව්‍යයක පරමාණුක හඳුනාගත හැකිය.
  3. දි ඇති මූලද්‍රව්‍යයක පරමාණු තවත් මූලද්‍රව්‍යයක පරමාණුවලින් වෙනස් වන අතර ඒවායේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අසමාන වේ.
  4. එක මූලද්‍රව්‍යයක පරමාණු තවත් මූලද්‍රව්‍යයක පරමාණු හා සම්බන්ධ වීමෙන් සංයෝගය සෑදිය හැකිය. දී ඇති සංයෝගයක සෑම අණුවකම එකම පරමාණු සංඛ්‍යාවක් එකම වර්ගයෙන් ඇත.
  5. පරමාණු සෑදීමට හා පරමාණු ඉතා කුඩා කොටස්වලට වෙන්කිරීම සිදු කළ නොහැකි අතර තවද ඒවා රසායනික ක්‍රියාවලියකදී විනාශ වීමද සිදු නොවේ. රසායනික ප්‍රතික්‍රියාවක් මගින් සිදුවන්නේ පරමාණු කාණ්ඩ වී ඇති ආකාරය වෙනස් කිරීමට පමණි. ඩෝල්ටන් විසින් ඉදිරිපත් කළ තවත් අතිරේඛ කරුණක් විය. එය තනිවම තහවුරු කිරීමට නොහැකි කරුණක් විය.
  6. පරමාණු එක් අනුපාතයකින් සම්බන්ධ වූ විට ..... “එය ද්විතීක සංයෝගයක් ලෙස සැළකිය යුතුවේ. නැතිනම් සිද්ධාන්තයන්ට විරුද්ධව ගැටළු ඇති වේ.”


කිසිදු විද්‍යාඥයකුට මූලද්‍රව්‍යක න්‍යෂ්ටියට වඩා කුඩා පරමාණු සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳව කිසිදු සාක්ෂියක් නොලැබුණි. තවද පරමාණුක ස්කන්ධයක් මැනීමේදී වුවද ඔවුන් විසින් යොදා ගනු ලැබුවේ සාපේක්ෂමය මිනුම් විය. කෙසේ හෝ ඩෝල්ටන්ගේ මූලද්‍රව්‍ය තම සරලම ආකාරයෙන්ම පවතී. යන නියමය අනුව (rule of greatest simplicity) සංයෝග වශයෙන් ඇති ජලය OH ලෙසත් ඇමෝනියා NH ලෙසත් නවීන විද්‍යාවට ඉතා වෙනස් අයුරින් නම් කර තිබිණි.

ඩෝල්ටන්ගේ පරමාණුවාදය ඉතා වැදගත් වේ. ඩෝල්ටන්ගේ පරමාණුකවාදයේ සමහර මූලධර්මයන් අදටත් ඉතිරිව පවතී. එහි ඉදිරිපත් කළ ප්‍රධාන සිද්ධාන්තයක් වන පරමාණු කුඩා කොටස්වලට කැඩීම විනාශ කිරීම හා සෑදීම යන දෑ පරමාණු සම්බන්ධ වීමේදී පැතිරීමේදී හා නැවත සකස්වීමේදී සිදු නොවන බව ප්‍රකාශ කළද න්‍යෂ්ටික විලයනයේදී හා විඛණ්ඩනය (fission) යන ක්‍රියාවලීන් තුළින් ඒවා සිදුවන බව පැහැදිලි වේ. නමුත් ඒවා න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වන අතර රසායනික ප්‍රතික්‍රියා නොවේ......තව දුරටත් කථා කළහොත් දී ඇති මූලද්‍රව්‍යවල පරමාණු භෞතික හා රසායනික වශයෙන් හදුනාගත හැකිය. එය අදටත් සත්‍යක්ව පවතී. තවද සමස්ථානිකවල න්‍යෂ්ටීන් පවා ස්කන්ධයෙන් අසමාන වේ. කෙසේ හෝ ඩෝල්ටන්ගේ සොයා ගැනීම අනාගතයේ සොයා ගැනීම්වලට ඉතා වැදගත් විය. එය ඇන්ටනි ලූරක් ලැවෝසියර්ගේ ඔක්සිජන් කෙන්ද්‍රීය රසායන විද්‍යාව වැදගත් වූවා හා සමානවම වැදගත් වේ.


පසු කාලය

[සංස්කරණය]

විවිධ වූ පරමාණු හා න්‍යෂ්ටීන් ජෝන් ඩෝල්ටන්ගේ රසායන විද්‍යාවේ නව දර්ශන වාදය (New system of chemical philosophy) විස්තර කරයි. (1808) ඩෝල්ටන් තම සිද්ධාන්ත තොම්සන්ගේ රසායන විද්‍යා පද්ධතිය (System of chemistry) (1807) හි විස්තර සහිතව ඔහුගේ New System of chemical Philosophy යන්නෙහි පළමු වෙළුම 1808 හිදී එළි දැක්වීය. එහි දෙවන වෙළුම 1827 දක්වා පමා විය. එය එතරම් පමාවීමට කිසිවෙකු හේතු ඉදිරිපත් නොකරන ලදී. දෙවැනි වෙළුම 1810 දී එළිදැක්වීමට නියමිතව පැවතුනත් එහි එළිදැක්වීම 1827 දක්වා පමාවිය. එය එතරම් පමාවීමට කිසිවෙකු හේතු ඉදිරිපත් නොකරන ලද අතර දෙවැනි වෙළුමේ දෙවැනි කො‍ටසේ කිසි දිනක ප්‍රකාශයට පත් නොවීය. 1817 සිට ඩෝල්ටන් මියයනතුරුම L’t& Phil හි සභාපතිවරයා විය. ඒ මතක සටහන් 116 තබමිනි. මේවා ඉතා වැදගත් මතක සටහන් විය. 1840 දී ඔහු විසින් ඉදිරිපත් කළ පොස්පේට හා ආසනේට නම් වූ ලිපිය රාජකීය සංගමය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර එහි ප්‍රතිඵල දුර්වල වූ නිසා එය ප්‍රකාශයට අවසර නොදෙන ලදී.නමුත් පසුව ඔහු විසින්ම එය ප්‍රකාශන හතරකින් යුක්තව ප්‍රකාශයට පත් කරන ලද අතර (එය අම්ල පදනමත්, භෂ්ම පදනමත් හා ලවණ පදනමත් තුළ හා ලවණවල විවිධත්වයන් මතද පහදන ලදී)


ඩෝල්ටන්ගේ පරීක්ෂණ විධි

[සංස්කරණය]

රහස් පරීක්ෂකයෙකු මෙන් ඩෝල්ටන් සැම විටම යොදා ගන්නේ ඉතාමත් සුළු හා රළු පරීක්ෂණාත්මක උපකරණයන්ය. එහිදී ඔහු පරිකල්පනය සඳහා වැඩි කාලයක් යෙදවීය. සර් ඩේවිඩ් පවසන පරිද්දෙන් ඔහු ඉතාමත් “සරල පරීක්ෂණයකි” තමා අපේක්ෂා කළ ප්‍රතිඵල ලබා ගන්නට සමත් විය. එනම් මෙම පැරණි පුද්ගලයා ඉතාමත් දක්ෂ පුද්ගලයෙකු බව ඔහු කළ පරීක්ෂණ වලින් පැහැදිලිවේ. මෙම රසායන විද්‍යාව පිළිබද නව දර්ශනවාදයේ පළමු වෙළුම සඳහන් පරිදි අන්‍යයන් විසින් කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵල ඔහු මුලාවට පත්වී ඇත. එහිදී ඔහු විසින් මෙලෙස පවසයි. “එය ඉතා කුඩා ප්‍රමාණයක් වුවද මට මගේ අත්දැකීම් පදනම් කර ගැනීමට තිබුණා. එහිදී ඔහු විසින් මෙලෙස පවත්වා ගෙන ගිය ස්වාධීන පරීක්ෂණ කටයුතු නිසා ඔහුට නැවුම් අදහස්වල මදිකමක් තිබුණා. (Lack of receptivity) යැයි ද සිතිය හැක. ගේලුසැක්ගේ වායූන් විවිධ ප්‍රමාණ වලින් සම්බන්ධ කිරීමේ නියමය ඩෝල්ටන් කිසි දිනක විශ්වාස නොකරන ලද අතර ඔහු එය කිසි දිනක සම්පුර්ණයෙන්ම පිළීගත්තේද නැත. ඔහුට ක්ලෝරීන් වායුව පිළිබඳව තිබුණේ සම්ප්‍රදායික නොවන දැක්මක් විය. ක්ලෝරීන්වල ප්‍රාථමික හැසිරීම් කටයුතු සර් හම්වීර් ඩේවිට් විසින් සොයා ගත් පසුව ඔහු එහි ඉතිරි කොටස වශයෙන් එහි පරමාණුක ස්කන්ධය ආදිය සෙවීය. ඒ අනෙක් රසායනාඥයින් ඉතා නිරවද්‍ය දත්ත ආදිය තිබියදීය. ඔහු සැමවිටම + රෝන්ස් ජෝකොබ් බර්සලිය්‍ය විසින් භාවිතා කරන ලද - සංකේත ක්‍රමය භාවිතා කරන ලද අතර එය ඉතාමත් සරල හා පහසු වටකුරු සංකේත සහිත ක්‍රමයක් විය.


සමාජීය ජිවිතය

[සංස්කරණය]

තම පරමාණුකවාදය ඉදිරිපත් කිරීමට පෙරම ඔහු සමාජයේ විද්‍යාත්මක කටයුතුවලට සම්බන්ධ වීම නිසා 1804 දී ඔහුව ස්වාභාවික දර්ශනවාදයට අදාළ දේශනවලට සහභාගී වීමට ලන්ඩනයේ රාජකීය සංගමය විසින් තෝරා ගන්නා ලදී. ඉන්පසුව 1809 – 1810 දක්වා තවත් පාඨමාලාවක් හදාරන ලදී. කෙසේ හෝ සමහර පුද්ගලයින්ට අනුව ඔහු සිත් ඇදගන්නා සුළු ඉදිරිපත් කිරීමේ හැකියාවෙන් තොර පුද්ගලයෙකු විය. එයට හේතුව වූයේ ඔහුගේ භාෂාමය දැනුමේ හා ඔහුගේ කටහඩෙහි වූ අඩු පාඩුන්ය.

1810 දී ඩේවි වියන් ඔහුට රාජකීය සමිතියේ සාමාජිකත්වයට ඉල්ලුම් කරන ලෙස පවසන නමුත් ඔහුට සාමාජිකත්වය හිමි නොවීය. එයට මූල්‍යමය හේතුන් හරස් වු නිසා විය හැකිය. නමුත් 1822 දී ඔහු නොදැනුවත්වම ඔහුව රාජකීය සමිතියට බදවා ගන්නා ලද අතර එවර ඔහුට එහි සාමාජිකත්වය හිමි විය. තවත් වසර 6 කට පසුව ඔහු ප්‍රංශ සංගමයක් වන Academie des Science සංගමයට බදවා ගන්නා ලදී. ඉන් පසුව 1830 දි ඔහු අටවැනි විදේශික සංගමයේ විදේශික සහකරුවන්ගේ අයෙකු බවට පත්වුණි.


1833 දී ලෝර්ඩ්ගේ (Lord Grey’s) ආණ්ඩුව විසින් ඔහුට £150 විශ්‍රාම වැටුපක් ප්‍රධානය කරන ලද අතර 1836 දී එය £ 300 බවට පත්විය. ඩෝල්ටන් විවාහ නොවුණු අතර ඔහුට ඉතා සමීප මිතුරන් කිහිප දෙනකු පමණක් සිටියේය. ඔහු තම ජීවිතයේ වසර 25 කට වැඩි කාලයක් තම මිතුරෙකු වු W රෝන්ස් (1771 – 1845) සමඟ මැන්චෙස්ටර්හි ජෝසප් වීදියෙහි ගත කළේය. ඔහුගේ දෛනික ජීවිතය ගෙවීගියේ රසායනාගාරයක වූ අතර ඔහු කළ අමතර ඉගැන්වීම් බිදීගියේ ඔහුට නිතරම ලේක් පළාතට හා ලන්ඩනයට යාමට වූ බැවිනි. 1822 දී ඔහු ටික කලකට පැරීසියට ගිය අතර එහිදී ඔහුට ඉතා විශාල විද්‍යාඥයින් පිරිසක් මුණ ගැසුණේය. එහිදී ඔහු යෝක්, ඔක්ස්ෆර්ඩ්, ඩබ්ලින් හා බ්‍රිස්ට්ල් හිදී බ්‍රිතාන්‍ය සංගමයේ රැස්වීම් කිහිපයකට සහභාගි විය.


මරණය හා උරුමය

[සංස්කරණය]

ඩෝල්ටන්හට සුළු අඝාත තත්ත්වයක් පැවති අතර එය 1837 දී ආරම්භ විය. දෙවන වරට එය 1838 දී ඔහු කතාවක් පවත්වමින් සිටින අතරතුර මතු වූ අතර නැවත එය 1844 මැයි මසදී උත්සන්න විය. 1844 ජූලි මාසයේදී ඔහු තම අවසන් කළගුණ සටහන වෙව්ලන අතින් යුතුව ලියා තැබීය. ඉන් පසුව ජූලි 27 දින ප්‍රාණ රහිත ඔහුගේ දේහය ඇඳ අසල තිබෙනු උපස්ථායකයා විසින් දක්නා ලදී.


ඉන්පසුව මැන්චෙස්ටර්හි ඇඩ්වික් සුසාන භූමියෙහි ඒ නිසල දේහය මිහිදන් කරන ලදී. දැන් එය ක්‍රීඩා පිටියක් වන අතර ඔහුගේ මිහිදන් කළ ස්ථානයේ ඡායාරූපයක් ප්‍රකාශයට පත් කළ ග්‍රන්ථ හා අනෙකුත් ප්‍රකාශනවල අඩංගු වේ.

ඩෝල්ටන්ගේ මෘත ශරීරය රාජකීය මැන්චරස්ට් සංගමයේ ප්‍රධාන ශාලාවේ තැන්පත් කර තිබූ අතර අද එය මැන්චෙස්ටර් නගර ශාලාව වශයෙන් හදුන්වනු ලබයි.

ඩෝල්ටන්ට ගරුකිරීමක් වශයෙන් බොහෝ රසායන විද්‍යාඥයින් හා ජෛවරසායන විද්‍යාඥයින් ඩෝල්ටන් යන ඒකකය භාවිතා කරයි. එය පරමාණුක ස්කන්ධ ඒකකයකි. එනම් කාබන් - 12 න් 1/12 කොටසකි.

මැන්චරස්ට් සරසවිය විසින් ඩෝල්ටන් රසායන විද්‍යා ශිෂ්‍යත්ව දෙකක් ද, ඩෝල්ටන් ගණිතය ශිෂ්‍යත්ව දෙකක් හා ස්වාභාවික ඉතිහාසය පිළිබද ඩෝල්ටන් ත්‍යාගය ද පිරිනමනු ලබයි.

The 100 නම් පොතෙහි කතුවරයා වන මයිකල් H ගුට් විසින් ඩෝල්ටන් 32 වන තැනට පත් කර ඇති අතර එය අනුව ඔහු හොදම බලපෑමක් ඇති කළ පුද්ගලයා වශයෙන් පවසා ඇත.

තවද, සද තරණයට යැවූ යානයක් ද ඩෝල්ටන් නමින් නම් කරන ලදී.

සටහන්

[සංස්කරණය]
John_Dalton
"https://si.wikipedia.org/w/index.php?title=ජෝන්_ඩෝල්ටන්&oldid=506189" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි