ජෛව ස්කන්ධ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
දැව එදිනෙදා භාවිතයට ගන්නා ජෛව ස්කන්ධ ප්‍රභවයකි.

ජෛව ස්කන්ධ යනු නූතනයේ ජීවත් වු ජීවින්ගෙන් ව්‍යුත්පන්න වු ද්‍රව්‍යයකි. මෙයට ශාක, සතුන් හා ඔවුන්ගේ අතුරුඵල ඇතුළත් වෙයි. උදාහරණ ලෙස පොහොර, ගෙවතු අපද්‍රව්‍ය හා බෝග අවශේෂ යන සියල්ල ජෛව ස්කන්ධ ප්‍රභව වෙයි. එය පෙට්‍රෝලියම්, ගල් අඟුරු හා න්‍යෂ්ටික ඉන්ධන වැනි අනෙකුත් ස්වාභාවික සම්පත් ‍මෙන් නොව පුනර්ජනනය කළ හැකි ශක්ති ප්‍රභවයක් වන අතර කාබන් චක්‍රය මත පදනම් වෙයි.

සත්ත්ව අපද්‍රව්‍ය විනාශ කළ නොහැකි හා වැළැක්විය නොහැකි දූෂකයක් වන අතර එය කර්මාන්ත ප්‍රමාණයේ ගොවිතැන් වල සිටිනා සතුන් මගින් මූලිකව නිෂ්පාදනය වෙයි. වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් පොහොර ජෛව ස්කන්ධ බවට හැරවීමට ක්‍රමයක් සොයා ගෙන ඇත. 2008 අප්‍රේල් මාසයේ දී රූපණ තාක්ෂණයේ සහය ද සමග අතිශය දරුණු ලෙස මිශ්‍ර කිරීම තුළින් ක්ෂුද්‍ර ජීවින්ට අතිරේක ශක්තිය බවට හැරවීමට සහය දිය හැකි බව නිරීක්ෂණය විය. එමගින් ගොවීන්ට ඔවුන්ගේ අපද්‍රව්‍ය ලෙහෙසියෙන්ම කළමණාකරණයට හා ඒවා ශක්තිය බවට හැරවීමට ක්‍රමයක් ඇති විය. විශේෂයෙන්ම ජෛව ඉන්ධන නිෂ්පාදන සදහා වැවුණු කෘෂිකාර්මික නිෂ්පාදන ද ඇත. ඒවාට මූලිකවම එක්සත් ජනපදයේ ඉරිඟු, ස්විච්ග්‍රාස් හා සෝයා බෝංචි ; යුරෝපයේ රේප්සීඩ්, තිරිඟු හා බීට් ; බ්‍රසීලයේ ; ගිනිකොණ දිග ආසියාවේ පාම් තෙල් හා මිස්කැන්තස් ; චීනයේ බඩ ඉරිඟු හා මඤ්ඤෝක්කා හා ඉන්දියාවේ ජැත්‍රෝපා ඇතුළත් වෙයි. කංසා ද ජෛව ඉන්ධනයක් ලෙස කටයුතු කරන බවට තහවුරු වී ඇත. කර්මාන්ත, කෘෂිකර්මය, වනාන්තර හා ගෘහස්ථ කටයුතු වල ජෛව ජීර්ණය විය හැකි අපද්‍රව්‍ය ජෛව ඉන්ධන නිෂ්පාදනය සදහා යොදා ගත හැකිවෙයි. එය ජීව වායු නිපදවීම සදහා නිර්වායු ජීර්ණය භාවිතයෙන් හෝ දියුණු පරම්පරාවේ ජෛව ඉන්ධන භාවිතයෙන් සිදු කළ හැක. උදාහරණ වලට පිදුරු, ලී, පොහොර, සහල් පොතු, මළ ද්‍රව්‍ය හා ආහාර අපද්‍රව්‍ය ඇතුළත් වෙයි. එමනිසා ජෛව ස්කන්ධ ඉන්ධන භාවිතය අපද්‍රව්‍ය කළමනාකරණ භාවිතයට මෙන්ම ඉන්ධන සුරක්ෂිත බවට හා දේශ ගුණික වෙනස්වීම් වැළැක්වීමට සහය ලබාදෙයි. එනමුත් වෙන්වෙන් ගත් කළ‍මෙම ප්‍රශ්න සදහා ඒවා විස්තර සහිත විසදුමක් නොවේ.

"https://si.wikipedia.org/w/index.php?title=ජෛව_ස්කන්ධ&oldid=433470" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි