ජෛව විද්‍යාත්මක අයුරින් පලිබෝධ පාලනය
ජීව විද්‍යාත්මක පළිබෝධක පාලනය වර්ධනය
[සංස්කරණය]මෙම ක්‍රමයේදී ස්වභාවික පළිබෝධක මාර්ගයෙන් සතුරන් මුදාහැරීම සිදුකරයි. සාපේක්ෂ ලෙස පළමුව ස්වභාවික සතුරන් කීපයක් පමණක් කන්නයේ සුදුසුම කාලයේදී මුදාහැරීම සිදුකරයි. ඊට අමතරව ස්වභාවික සතුරන් වර්ධනය සඳහා බෝග පද්ධතියේ වෙනස් කිරීමක් සිදුකරනු ලබයි.
කාලාවර්තව සිදුකරන පරපෝෂී එන්කාසියා ෆෝමෝසා නම් ස්වභාවික සතුරා හරිතාගාර වයිට්ෆිලයි පාලනයට යොදා ගනී. එමෙන්ම කීඩෑවකු වන ෆයිටෝසීලස් පර්සිමිලිස් නම් ස්වභාවික සතුරා දිවි-ශබල මකුළු කීඩෑවා පාලනයටත් යොදාගනී.
ලේඩි බීටල්ස්, ලේස්වින්ග්ස් හා ට්‍රිකෝගැමා නිරන්තරයෙන්ම විශාල ගණන් වලින් මුදාහැරීම සිදුකරයි. මෙසේ මුදාහරින ප්‍රමාණය වගාවේ පළිබෝධක මට්ටම මත රඳා පවතියි.
තව උපක්‍රමයක් වන්නේ බෝග පද්ධතිය වෙනස්කිරීම තුළින් ස්වභාවික සතුරන්ගේ සඵලතාවය වෙනස් කිරීම හෝ වර්ධනය කිරීමයි. බොහෝ වැඩිහිටි පරපෝෂිතයන් හා විලෝපිතයන් මධු සහිත ප්‍රභව තුළින් හා බඩවැටි, ආරක්ෂණ වගා හා වල්පැලෑටි සීමාවන්ගේ යැපීම සිදුවේ. මේ සඳහා මල් බඳුන්, දැව පෙට්ටි, හෙරඩු වැනි ස්වභාවික ආවරණ සැපයීමද සිදුකරයි.
මිශ්‍ර බෝග වගාව හා මල් වගාවන්ගෙන් සීමා ඇතිකිරීම මඟින් ජෛව විවිධත්වය වර්ධනය කිරීම හා අතිරේක ආහාර ප්‍රභව නිර්මාණ කල හැක. මේවා පහසුවෙන් ගෘහස්ථ වතු වලට හා සුළු පරිමාණ වාණිජ වගාවන්ට ඈදා ගත හැකි අතර මහා පරිමාණ වගා නිෂ්පාදනයට යොදාගැනීමට දුෂ්කර වේ.
තවත් ක්‍රමවේදයක් වන්නේ මල් පැල වගාවන් බෝග ආසන්නයේ යෙදීම තුළින් ස්වභාවික සතුරන් බෝග කරා ආකර්ෂණය කර තබා ගැනීමයි.
ජෛව පාලක සංරක්ෂණය(පලිබෝධ මර්ධනය)
[සංස්කරණය]ජෛව උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීම සඳහා නිවැසියන් හා වතු හිමියන් විසින් යොදාගනු ලබනජෛව පාලන ක්‍රම ජෛව පාලකයින් නම්වේ. ගෙවත්තේ සිට වාණිජ වගාව දක්වා සෑම අංශයකටම ස්වාභාවික උපද්‍රව සිදුවේ.මෙම ජෛව පාලන ක්‍රම අදාළ පරිසරයන්ට මෙන්ම ඉලක්ක කරගත් කෘමීන් මර්ධනයටද යොදාගනී. සාමාන්‍යයෙන් එම සංරක්ෂණ ක්‍රම යෙදීම පහසුවන අතරම පිරිවැයද ඵලදායිතාවයෙන් යුක්තවේ. රේන්ද මැස්සා, ගැහැනු කුරුමිණියා, කීටයා හා පරපෝෂිත කුඩිත්තා දැනට හමුවන එවැනි පරපෝෂිත විශේෂ වේ. දිලීර ආසාදන පතුරවන වැඩිහිටි මැස්සන් සාමාන්‍යයෙන් වැඩි තෙතමනයක් ඇති පෙදෙස්වල දක්නට ලැබේ. මෙලෙස ස්වාභාවිකව ඇතිවන ජෛව පාලන ක්‍රම, ඉලක්ක කරගත් බෝග සඳහා පලිබෝධ නාශකයක් ලෙස යොදාගත හැකිය.සංරක්ෂණය යනු 'ස්වාභාවික සතුරන්ගෙන් සිදුවන උපද්‍රවයන් සහමුලින්ම වැළැක්වීමයි'.එය කෘමිනාශක දිලීර නාශක ආදිය යොදා පලිබෝධ මර්ධනයට වඩා පරිසර හිතකාමීය
ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ජෛව පාලනය
[සංස්කරණය]ක්ෂුද්‍ර ජීවීන්ගෙන් විවිධ රෝග ඇතිවුනද, ඒවා ජෛව-කෘමිනාශ ද්‍රව්‍යය ලෙසද භාවිත කල හැක. ස්වභාවිකව ඇතිවන කල මෙම පැතිරීම් ජෛව ඝනත්වය මත බලපාන අතර, සාමාන්‍යයෙන් ජෛව ඝනත්වය වැඩිවන විට ඇතිවේ.
බැක්ටීරියා හා ජෛව පාලනය
ජෛව පාලනයට යොදාගන්නා බැක්ටීරියා ඔවුන්ගේ දිරවීමේ කාර්යය (tracts) ඔස්සේ කෘමීන්ට රෝග පැතිරවීම සිදුකරයි. එනිසා සිවි කෘමීයන් (scale insects) හා කූඩිත්තන් මෙම ක්‍රමයෙන් පාලනය කල නොහැක. බැසිලස් තුරින්ජියෙන්සිස්" යනු වැඩිපුරම ව්‍යවහාරයේ පවතින ජෛව ජාලන බැක්ටීරියා කුලයයි. එහි උප කුල 4 ක් පමණ ලෙයිඩොප්ටෙරාන්, කොලියොප් ටෙරාන් හා ඩයැප්ටෙරාන් නම් කෘමි වසංගත පාලනයට භාවිතා කරයි.
දිලීර හා ජෛව පාලනය
කෘමීන්ගේ ලෙඩ රෝග දිලීර එන්ටොමො පැතොගනික් දිලීර ලෙස හඳුන්වන අතර අඩුමතරමින් එම දිලීරයේ වර්ග 4 ක් පමණ කූඩිත්තන්ට පහර දේ. ට්‍රිකොඩර්මා හා බැසිලස් සබ්ටිලිස් වර්ග රෝගකාරක බීජ පාලනයට භාවිතා කරයි.
ශාස්ත්‍රිය ජීව විද්‍යාත්මක පළිබෝධක පාලනය
[සංස්කරණය]මෙම ක්‍රමය තුළින් ස්වභාවික පළිබෝධක සතුරන් ඔවුන් ස්වභාවිකව හටගත් ස්ථාන වලින් බැහැරවූ ස්ථාන වලට හඳුන්වාදීම සිදුකරයි. මෙය සාමාන්‍යයෙන් සිදුකරන්නේ රාජ්‍යය අධිකාරි මඟිනි. බොහෝ අවස්ථාවන්හිදී කෘමි පළිබෝධක සමඟ සම්බන්ධ වූ ස්වභාවික සතුරන් ප්‍රමාණවත් නොවේ. මෙවන් හඳුන්වාදෙන කෘමීන් විදේශික කෘමීන් ලෙස හඳුන්වනු ලබයි. විදේශික කෘමියකුට උදාහරණයන් වන්නේ උතුරු ඇමරිකාවට හඳුන්වාදුන් යුරෝපානු ඉරිඟු ගුල්ලාය. ශාස්ත්‍රීය ජීව විද්‍යාත්මක පළිබෝධක පාලනයේදී, හඳුන්වා දුන් විදේශීය පළිබෝධක පාලනයට ස්වභාවික සතුරන් ආනයනය කිරීම, මුදාහැරීම හා පවත්වාගැනීම සිදුකරයි.
මෙම ක්‍රියාදාමයේ පළමු පියවර වන්නේ හඳුන්වාදුන් පළිබෝධකයේ මුල් ප්‍රභවය තීරණය කිරීමයි. අනතුරුව එම කෘමියා හා බැඳුනු හා ළගින් සම්බන්ධ වූ සුදුසු ස්වභාවික සතුරන් එක්රැස් කිරීම සිදුකරයි. නුවුමනා ජීවීන් එකතු වීම වැලැක්වීමට මෙම ස්වභාවික සතුරන් නිරෝධන ක්‍රියාදාමයකට භාජනය කරයි. ස්වභාවික සතුරන් මුදාහරින භූමි භාගයේ සාර්ථකව ස්ථාපිත වී ඇත්ද යන්න තීරණය කිරීමෙන් පසු අධ්‍යයනයන් සිදුකරනු ලබයි.
මෙම ක්‍රමය දිගුකල් පවතින හා ලාභදායි ක්‍රමයකි. ස්වභාවික සතුරන් එකතු කිරීම, ආනයනය කිරීම හා බෝකිරීමේ මූලික වියදම් වලට අමතරව ඉතාමත් සුළු මුදලක් පමණක් මෙම ක්‍රමයට අවශ්‍ය වේ. සාර්ථකව ස්ථාපනය කිරීමෙන් අනතුරුව ඉතාමත් විරල වශයෙන් අතිරේක යෙදුම් මෙම ක්‍රමයට අවශ්‍ය වන අතර එය දිගින් දිගටම මිනිස් උදව් හා වියදම් රහිතව පළිබෝධක මර්ධනය සිදුකරයි. අවාසනාවන්ත ලෙස මෙම ක්‍රමය හැම අවස්ථාවකදීම ක්‍රියාකරන්නේ නැත. බොහෝවිට මෙම ක්‍රමය විදේශික පලිබෝධක පාලනයට වඩා ඵලදායී වන අතර, ස්වදේශීය කෘමි පලිබෝධකයන් මර්ධනයට එතරම් ඵලදායී නොවේ.
ජෛව පාලක සංරක්ෂණය(පලිබෝධ මර්ධනය)
[සංස්කරණය]ජෛව උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීම සඳහා නිවැසියන් හා වතු හිමියන් විසින් යොදාගනු ලබනජෛව පාලන ක්‍රම ජෛව පාලකයින් නම්වේ. ගෙවත්තේ සිට වාණිජ වගාව දක්වා සෑම අංශයකටම ස්වාභාවික උපද්‍රව සිදුවේ.මෙම ජෛව පාලන ක්‍රම අදාළ පරිසරයන්ට මෙන්ම ඉලක්ක කරගත් කෘමීන් මර්ධනයටද යොදාගනී. සාමාන්‍යයෙන් එම සංරක්ෂණ ක්‍රම යෙදීම පහසුවන අතරම පිරිවැයද ඵලදායිතාවයෙන් යුක්තවේ. රේන්ද මැස්සා, ගැහැනු කුරුමිණියා, කීටයා හා පරපෝෂිත කුඩිත්තා දැනට හමුවන එවැනි පරපෝෂිත විශේෂ වේ. දිලීර ආසාදන පතුරවන වැඩිහිටි මැස්සන් සාමාන්‍යයෙන් වැඩි තෙතමනයක් ඇති පෙදෙස්වල දක්නට ලැබේ. මෙලෙස ස්වාභාවිකව ඇතිවන ජෛව පාලන ක්‍රම, ඉලක්ක කරගත් බෝග සඳහා පලිබෝධ නාශකයක් ලෙස යොදාගත හැකිය.සංරක්ෂණය යනු 'ස්වාභාවික සතුරන්ගෙන් සිදුවන උපද්‍රවයන් සහමුලින්ම වැළැක්වීමයි'.එය කෘමිනාශක දිලීර නාශක ආදිය යොදා පලිබෝධ මර්ධනයට වඩා පරිසර හිතකාමීය