ජෛව රසායනික විද්‍යාව-වෙනත් අණුක මට්ටමේ ජෛව විද්‍යාවන් සදහා ඇති සම්බන්ධතාවය

විකිපීඩියා වෙතින්

ජෛව රසායනික විද්‍යාව පිළිබදව පර්යේෂකවරුන් ඒ සදහා ආවේණික වූ විශේෂ ක්‍රමෝපායන් භාවිතා කරති. නමුත් මෙම ක්‍රමෝපායන් ජාන විද්‍යාව, අණුක ජීව විද්‍යාව සහ ජෛව භෞතික විද්‍යාව යන අංග සමග සංකලනය කරනු ලබයි. නුතනයේදී මෙම ක්ෂේත්‍රයන්හි කැපීපෙනෙන ලෙස සීමා මායිම් නොතිබුණ ද අතීතයේදී එය එසේ වුණි. නූතනයේදී අනුක ජීව විද්‍යාව සහ ජෛව රසායනික විද්‍යාව යන හැදින්වීම් ආසන්න වශයෙන් එකිනෙක අතර වෙනස්කම් දක්වති. පහතින් දැක්වෙනුයේ මෙම ක්ෂේත්‍රයන් අතර ඇති අන්තර් සම්බන්ධතාවයන් පිළිබදව විය හැකි යැයි අනුමාන කරන සංකල්පයන්ය. ‍

  • ජෛව රසායනික විද්‍යාව යනු ජීවින්ගේ රසායනික ද්‍රව්‍යයන් සහ ක්‍රියාකාරීත්වයන් පිළිබදව කෙරෙන අධ්‍යයනයකි. මෙහිදී ජෛව අණුවල කෘත්‍ය සහ ව්‍යුහය පිළිබදව අවධානය යොමු කරනු ලබයි. ජෛව රසායනික විද්‍යාවට උදාහරණ වනුයේ ජීවී ක්‍රියාවලි පිටුපස ඇති රසායනය සහ ජීව විද්‍යාත්මකව සක්‍රීය අණුවල නිෂ්පාදනය පිළිබදව අධ්‍යයනය කිරීමයි.
  • ප්‍රවේනි විද්‍යාව යනු ජීවින් තුළ ජානවල ඇති වෙනස් කම් මගින් ඇති වන බලපෑම පිළිබදව සිදු වන අධ්‍යයනයයි. බොහෝ අවස්ථාවලදී මෙය සාමාන්‍ය අණු (ඒක ජානයක්) නොමැතිව වුවද අනුමාන කළ හැකිය. සාමාන්‍ය රූපානුදර්ශයට වඩා එකක් හෝ වැඩි ගණනකින් කෘත්‍යමය කොටස් වෙනස්වන විකෘති ඇතිවීම පිළිබදව ද මෙහිදී අධ්‍යයනය කරනු ලබයි. ඇතැම් අධ්‍යයනයන් හිදී ජානවල අන්තර් ක්‍රියා පිළිබදවද අධ්‍යයනය කරනු ලබයි.
  • අණුක ජීව විද්‍යාවේදී ප්‍රවේනික ද්‍රව්‍යවල ගුණනය, පිටපත් කිරීම සහ පරිවර්ථනය පිළිබදව අධ්‍යයනය කරනු ලබයි. අණුක ජීව විද්‍යාවෙහි මූලික සංකල්පය වනුයේ ජාන ගත ද්‍රව්‍ය ආර්.එන්.ඒ. බවට පරිවරථනය වී ඉන්පසු එමගින් ප්‍රෝටීන සංස්ලේශනය කරන බවයි. මෙම සංකල්පය මගින් ආර්.එන්.ඒ මගින් ඉටුකරන වැදගත් කෘත්‍ය පිළිබදව විග්‍රහ කරයි.
  • රසායනික ජෛව විද්‍යාව මගින් කුඩා අණු මගින් නව අණු නිෂ්පාදනය කිරීම පිළිබදව අධ්‍යයනය කරයි. මෙමගින් ජෛව විද්‍යාත්මක පද්ධතියන්හි අවම කැළඹීම සිදුවන අතර ඒවායෙහි කෘත්‍ය පිළිබදව සවිස්තරාත්මක හැදින්වීමක් සපයයි. තවද රසායනික ජෛව විද්‍යාව මගින් ජෛව පද්ධතිවලින් ජෛව අණු සහ කෘතිම උපකරණ භාවිතා කරමින් ස්වාභාවික නොවන දෙමුහුන් නිෂ්පාදනය කරනු ලබයි. (උදාහරණයක් ලෙස හිස් කරන ලද වෛරස කැප්සිඩයක් භාවිතා කරමින් ජාන චිකිත්සාව හෝ ඖෂධ අණු පරිවහණය සිදු කළ හැකිය.)


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Biochemistry#Relationship_to_other_.22molecular-scale.22_biological_sciences