Jump to content

ජේසුස් වහන්සේගේ දුක් ප්රාප්තිය

විකිපීඩියා වෙතින්
ජේසුස් වහන්සේගේ දුක් ප්රාප්තිය 

ක්රිස්තියානි ආගම් වල ශාස්තෘ වරයාණන් වන නාසරෙතයේ ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ ජිවිතයෙහි ප්රධාන අවස්ථාවන් තුනක් ගැන කිතුනුවෝ අවධානය යොමු කරති එනමි උන්වහන්සේගේ උපත දුක්විදිම මරණය හා උත්ථානයයි දෙවියන් වහන්සේ ලෝකය මැවු බවත් එම මැවිමේදී උන්වහන්සේ දුක නොමැවු බවත් ලෝකයට දුක පැමිණියේ මිනිසාගේ අකීකරු කම නිසා බවත් ක්රිස්තියානි ආගම උගන්වයි එම ඉගැන්වීමට අනුවත් ක්රිස්තියානි ආගම උගන්ව මිනිසාගෙන් දුක ඉවත් කිරීමට යම්කිසි ක්රමයක් අවශ්‍ය වූ නිසා දෙවියන්වහන්සේම ස්වකීය පුත්රයාණන් වහන්සේ මගින් ලෝකයට පැමිණ මිනිසාගෙන් දුක ඉවත් කිරීමෙහි පියවර තබන ලදී දුක් ප්රාප්තිය යන්නෙහි තේරුම දුකට පත් වීමයි දුක ළගා කරගත්තේ මිනිසා වුවද දුකින් ඉවත් වීමට මිනිසාට තනිව නොහැකි බව කිතුනු ආගමික විශ්වාසයයි ඒ සදහා දෙවියන් වහන්සේගේ වරප්රසාදය හා උපකාරය අවශ්‍ය බව කිතුනුවෝ අදහති