Jump to content

ජෙෆ්‍රී රශ්

විකිපීඩියා වෙතින්
ජෙෆ්‍රී රශ්

ගොෆ්රි රශ්, 2008 දි අන්තර්ජාතික "ෆිල්ම් ෆෙස්ටිවල්" හිදි ය.
උපත
ජෙෆ්‍රී රෝයි රශ්

6 ජූලි 1951 (1951-07-06) (වයස 74)
ටූවුමබා, ක්වීන්ස්ලන්ඩ්, ඕස්ට්‍රේලියාව
උගත් ශාස්ත්‍රාලයක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලය (BA)
රැකියාව
  • රංගනය
  • චිත්‍රපට නිෂ්පාදක
  • රචකයෙක්
සක්‍රීය වසර1971–වර්තමානය
කලත්‍රයා(යන්)ජේන් මෙනෙලස් (වි. 1988)
දරුවන්2
සම්මානසම්පූර්ණ ලැයිස්තුව

ගොෆ්රි රෝයි රශ්, (1951 ජූලි 6 උපත ලද) ඕස්ට්රේලියානු නළුවෙකි. 2009 නොවැම්බර් වන විට ඔහු විසින් "ට්රිපල් ක්රවුන් ඔෆ් ඇක්ටින්","ශාස්ත්‍රීය සම්මානයක් ද","ටෝනී සම්මානය" හා "එමී සම්මානය" දිනා ගත් 17ත් දෙනා අතුරෙන් අයෙකි. තවද ඔහු විසින් " ගෝල්ඩන් ග්ලෝබ්" ,"ද බැෆ්ටා", "ස්ක්රීන් ඇක්ටර්ස් ගිල්ඩ්", "නැෂනල් ෆිල්ම් ඉන්ස්ටිටියුට්" මගින් ද සම්මාන ලබන ලදි.

පෙර ජීවිතය

රශ් උපත ලැබුවේ ටූවූම්බා, කුවීන්ස්ලන්ඩ් හිදි ය. ඔහුගේ දෙමාපියන් වන මර්ලි වෙළදසැල් අළෙවි නියෝජිතයෙක් වන අතර, ගණකාධි තනතුරක් දරන රෝයි බේඩන් රශ් රෝයල් ඕස්ට්‍රේලියන් ගුවන් හමුදවේ සේවය කරයි. ඔහුගේ දෙමාපියන් ඔහුට වයස අවුරුදු පහේදී දික්කසාද වූ අතර, ඔහුගේ මව ඔහුව රැගෙන තමාගේ දෙමාපියන් සමඟ "බ්‍රිස්බේන්" හි පදිංචියට ගියාය. තම සිනමා ජීවිතය ආරම්භ කිරීමට ප්රථම ඔහු "පාර්ක් ස්ටේට්" පාසැලේ ඉගෙනුම ලැබුවේය. ඔහු කුවීන්ස්ලන්ඩ් විශ්ව විද්යාලයෙන් කලා අංශයෙන් උපාධියක් ද ලැබුවේ ය. විශ්ව විද්‍යාලයේ සිටින අතරතුර ඔහුගේ හැකියාවන් "කුවීන්ස්ලන්ඩ් තියටර් කොම්පැනිය" විසින් හඳුනාගත් අතර, ඔහු ඔවුන් හා සම්බන්ධ වී 1971 දි තම සිනමා ජීවිතය ආරම්භ කලේ නිෂ්පාදන 17 කට සම්බන්ධ වෙමිනි. 1975 දි ඔහු පැරිසියට ගියේය. ඔහු එහිදි "එකෝලේ ඉන්ටනැශනල් තියටර් ජේකස් ලිකොක්" හි අභිරූපණ රංඟනය හැදෑරුවේ ය. 1979 දි ඔහු විසින් නළු "මෙල් ගිබ්සන් " සමඟ මාස 4ක් වාසය කල අතර ,ඔහු සමඟ එක්ව "වේටින් ෆො ගොඩොට්" වේදිකා නාට්යයේ රඟපෑවේ ය.

උපුටා දැක්වීම

[සංස්කරණය]
  1. ^ "Geoffrey Rush". Front Row.
"https://si.wikipedia.org/w/index.php?title=ජෙෆ්‍රී_රශ්&oldid=747564" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි