ජුදාස් ඉස්කාරි‍යොත්

විකිපීඩියා වෙතින්
ජුදාස් ඉස්කොරියොත් (මරණය ක්‍රි.ව 29-33 අප්‍රේල්) නව ගිවිසුමට අනුව, ජෙසුස් වහන්සේගේ ධර්ම දූතවරුන් දොළොස් දෙනාගෙන් එක් අයෙකි


ජුදාස් ඉස්කොරියොත් (මරණය ක්‍රි.ව 29-33 අප්‍රේල්) නව ගිවිසුමට අනුව, ජෙසුස් වහන්සේගේ ධර්ම දූතවරුන් දොළොස් දෙනාගෙන් එක් අයෙකි. ගිණුම් පිළිබඳව වාර්තා තැබීම මොහුට භාර වු වගකීමකි. ජෙසුස්ට ද්‍රෝහි වු වරදට මොහු සම්බන්ධ විය.


ජුදාස් සුවිශේෂය ( 4 වන සියවස මුල් කාලයේ පැවතුණු) සමඟ ජුදාස් සම්බන්ධ වි ඇත. ගුප්ත කණ්ඩායම් අතර ප්‍රසිද්ධ චරිතයක් ලෙස පෙනී සිටිය අතර මොහු දාර්ශනික ලේඛනවල විශේෂ මාතෘකාවක් බවටද පත් වූවේය. බොහෝ ක්‍රිස්තියානිවරු (ගිහියෝ, පුජකවරු හෝ දේව ධාර්මිකයෝ) ජුදාස්ව ද්‍රෝහියෙක් ලෙස තවමත් සළකති. ද්‍රෝහියට සමාන අර්ථයෙන් ‘ජුදාස්’ යන නම භාෂා කිහිපයකින්ම සඳහන් වේ. කෙසේ වුවත් ඇතැම් වියතුන් ජුදාස් පිළිබඳව විකල්පීය අදහස් දක්වයි.ඒ අනුව ජෙසුගේ දැනුම හා කැමැත්ත පරිදි ,යලි බයිබලයේ දිවැස්වැකි නියෝග කිරීමෙන් පසුව ද්‍රෝහියා යන ස්වරූපය ගොඩ නැඟීමට ඉතිහාසික විරූපීකරණය කර ඇති බව ඍවුන්ගේ පිළිගැනීමයි.

ජුදාස් ඉස්කාරියොට් විවේචනය කිරීම[සංස්කරණය]

ජුදාස් ඉස්කාරියොට් විවේචනය කිරීම

ගුප්ත කණ්ඩායම් (ඥෙයවාදී කණ්ඩායම් ආදි) ජුදාස්ගේ චරිතය සම්බන්ධයෙන් මහත් උනන්දුවක් ගනුයේ දෙවියන් වහන්සේට ද්‍රෝහි වීම විද්‍යාමානව පරස්පරයකින් යුත් කරුණක් වුණු නිසාය. මුලික ප්‍රශ්න ලෙස සලකා බැලුවේ මේවාය.

· දිවැස්වැකි මුල පිරීමට ජේසු‍ස්ට ද්‍රෝහි වීම සඳහා ජුදාස් සිටියේ ඔහු ජීවත්ව සිටි කාලයේ පමණක්ද?


· ජේසුස් වහන්සේ තමන්ව ජුදාස්ට පාවා දීම සඳහා හේතු වු කරුණු,


- ජේසුස් වහන්සේ මෙම පාවාදීම වළක්වාලීමට බැරිවුයේ ද?

- ජේසුස් වහන්සේ තම කැමැත්තෙන්ම මෙම පාවා දීමට දායක වුයේද?

- ජේසුස් වහන්සේ තම කැමැත්තෙන්ම මෙම පාවා දිමට ක්‍රියාවන් අනුගමනය කෙරුවේද?


· මාක් සිට ජෝන් දක්වා කියවීමේදී ජුදාස්ගේ දුෂ්ට හැසිරීම වඩාත් ප්‍රබල සහ ප්‍රකාශිතයට පත් වීමට හේතුව කුමක්ද?


ඉරේනියස් එක් ඥෙයවාදී නිකාය කැනිටිස් (Cainites) විශ්වාස සම්බන්ධව වාර්තා තැබුවේය. එනම් ජුදාස් සොටියාගේ ආයුධයක් ‍(දේව ඥානය) වනුයේ ඩෙමියුර්ජ්ගේ තන්හාව පෙර දැරි කොටගෙන යන්නයි. ශුභාරංචියේ කියු පරිදි රිදීමය කාසි ගණනය කරන්නා ජුදාස් බව හෙබ්රව් බයිබ‍ලයේ දෙවියන් වහන්සේගේ ගෝලයෙක් බව කියැවේ. පසු කාලයේදී කැනිටිස් (Cainites) කණ්ඩායම් දෙකකට බෙදුනි. ඊට හේතුව ‍ ජේසුස්ගේ විශ්ව විද්‍යාව සමඟ එකඟතාවයකට පත් නොවීම නිසාය.


ඔරිජින් සම්ප්‍රදායක් දැන සිටියේය. එය ජුදාස්ට පමණක් සම්බන්ධ නොවුන අතර ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෝ සියළුදෙනාම උන් වහන්සේගේ පාවාදීමට හවුල් වු බවට යන්නෙනි. තවද ජුදාස්ව කරදර (කෲර) පුද්ගලයෙකු හැටියට ඔරිජින් විනිශ්චය නොකළේය.


ක්‍රිස්තු විරෝධිතයෙකු වු සෙල්සස්, ප්‍රායෝගික කියවීම විනිශ්චය කිරීමෙන් මෙම දාර්ශනික කතාවන් අසම්මත බව ප්‍රකාශ කළේය. ඊට හේතුව වුයේ ජේසුස් වහන්සේ තමාව පවා ‍දෙනු ලබන පුද්ගලයා කවුරුන්ද කියා යුදෙව් වසන්ත උත්සවයේදි හැඟ වීමයි.


ජේසුස් වහන්සේ කලින් සිටම දැ‍නගෙන සිටිය බවත්, ජුදාස්ගේ ද්‍රෝහි වීමත්, ශුභාරංචිය ඉදිරිපත් කරනු ලැබුවේය. 2006 අප්‍රේල් හිදී ජුදාස් සුවිශේෂ ලේඛනය නව භාෂාවන්ට පරිවර්තනය කරනු ලැබුවේය. එහිදී ජේසුස් වහන්සේ ඔහුව පාවා දීමට ජුදාස්ට කිවු බව සත්‍ය ලෙස පිළිගත හැකි කරුණකි. මෙය ජොහොන් සුවිශේෂය සමඟ එකඟ නොවුවත්, මාක් සුවිශේෂයේ අර්ථ කිහිපයක් ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ජුදාස්_ඉස්කාරි‍යොත්&oldid=471446" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි