ජීවන කථා

විකිපීඩියා වෙතින්

ජීවන කථා

පුරාතණ ආකාර

පුරාතණ ජීවන කථා ලියන ලද්දේ පාලකයන්ගේ අවසරය ලත් ලේඛකයන් විසිනි. මෙම චරිත කථා පුරාණ සිරියාව, බැබිලෝනියාව, ඊජිප්තුව, මෙසපොනේමියාව වැනි ශිෂ්ටාචාර වලින් හමුවේ. මෙහිදී පුද්ගලයන් ගරු කිරිමකට හා ඔවුන්ගේ පුද්ගලික ජීවිත විවරණයකට ලක්ව ඇත.‍


සාම්ප්‍රදායික ආකාර

පුරාතණ ග්‍රික ශිෂ්ටාචාරය ජීවන කථා ලොවට හදුන්වා දුන් අතර එම කථාවලට ජීවිත (Lives) ලෙස නම් කරන ලදී. ග්‍රීකයන් විසින් පුරාතණ පෙරදිග සම්ප්‍රදායන් හා පර්සියන් රජවරුන්ගේ තොරතුරු මේවාට අඩංගු කලේය. පැරණිම ජීවිත කථා ලෙස අයිසොක්‍රැට්" හා "සෙනො‍ෙෆාන්" ගේ ජීවිත කථා හැදින්විය හැක. අයිසොක්‍රැට්" එවාගො‍රාස් වලින්ද සෙනොන්" ඇගිසිලාමස් වලින්ද පැවත එයි.

තසිඩයිඩස් ඉතිහාස ලේඛන සම්ප්‍රදාය සන්ධිස්ථානයක් සටහන් කරයි. එනම් ඔහු තම ලේඛන වලට සමාප්ත" කොටසක් එකතු කිරිමයි. ග්‍රීක ලේඛණවල චරිත කථාවලට ලක්වූ පුද්ගලයන්ගේ සදාචාරාත්මක ඇගයීම් අඩංගුය. සාම්ප්‍රදායික ග්‍රීක චරිතකථාවල පුද්ගලයන් මුලිකාදර්ශ ලෙස ගැනීමද සිදුවිය. මෙනිසා අද කාලයේ මෙම චරිත කථා කියවන්නන්ට මහත් තොරතුරු සම්භාරයක් එක්රැස් කර ගත හැක. තවද, මෙම කථාවලින් පුද්ගල වැදගත්කම සවිස්තරව විස්තර වීමක්ද සිද්ධ වේ. මෙලෙස, පුද්ගලයන්ගේ ක්‍රියා සමාජයට කෙසේ බලපෑවත්, ඔවුනට වටිනාකමක් ලබාදී ඇත. හොදම උදාරහණයක් ලෙස ප්ලුමාච්ගේ ඇලෙක්සන්ඩර් අධිරාජ්‍යයා පිළිබද චරිත කථාව දැක්විය හැක.

එනමුත් රෝමානු අධිරාජ්‍යය කාලය තුල මෙම සම්ප්‍රදායන් අභිසාරී වීමක් හෝ එක්තැන් විමක් සිදුවිය. මෙයට හේතු ලෙස තනි අධිරාජ්‍යයකුගේ පාලනය වන ආණ්ඩුවක් යටතේ තිබිම දැක්විය හැක.


ඇල්ෆ්‍රඩ් නොබෙල්

ඇල්ෆ්‍රඩ් නොබෙල් උපත ලැබුවේ 1833 ඔක්තොම්බර් මස 21 දින ස්ටොක්හෝල්ට් නගරයේය. ඔහු රසායන විද්‍යාව මහාචාර්ය නිකොලේ නිකොලවිච් සින්" යටතේ හැදෑරිය. තම පියා වන ඇන්ඩ්‍රිමථ ඇෂ්ලල් නො‍ෙබල්ගේ පීටස්බර්ග් හි ව්‍යාපාරය බංකලොත් වීම නිසා 1859 දී පියා සමග නැවත ස්වීඩනයට පැමිණිමට නොබෙල්ට සිදුවිය. ඉන් අනතුරුව ඔහු පුපුරණ ද්‍රව්‍යය පිළිබදව හැදෑරීමට හා නයිට්‍රොග්ලසිර්න් භාවිත පිළිබද හැදෑරීමට ඔහු වෙහෙසුණේය.

1895 ‍ෙනාබෙල් සිය අවසන් කැමැත්ත ලියු අතර එයට අනුව ඔහුගේ වස්තුවෙන් විශාල කොටසක් නොබෙල් ත්‍යාගයේ පදනමට ස්ථාපිත කිරිමට ඔහු ක්‍රියා කලේය. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යයට කල සේවයන් වෙනුවෙන් ගරු කිරීමට 1901 සිට මෙම නොබෙල් ත්‍යාගය පිරිනමා ඇත.‍

නොබෙල් සාම ත්‍යාගය එකතුකිරීම ඔහු සමග කලක් ගත කල ලේකම්වරිය වූ බර්තා වොන් සම්හර් ගේ බලපෑම මත සිදුවු බව පැවසේ. ඇය එම ත්‍යාගය 1905 වසරේදි දිනා ගත්තාය.


ඩයිනමයිට්

නොබෙල් නියිට්‍රොග්ලසරින් සමග කීසල් ගුවර් නම් අවශෝසක නිශ්ක්‍රිය ද්‍රව්‍යයත් එකතු කිරීමෙන් වඩා සුරක්ෂිතව හැසිරවිය හැකි පුපුරණ ද්‍රව්‍යය මිශ්‍රණයත් නිර්මාණය කල අතර එය ඔහු ඩයිනමයිට් ලෙස නම් කලේය. 1867 දී එයට ඔහු බලපත්‍රයත් ලබාගත් අතර එංගලන්තයේ රෙඩ්හිල්, සපර් හි පතලක දී පළමු වරට ප්‍රදර්ශණය කලේය.

නොබෙල් පසුව නයිට්‍රොග්ලිසරින් සමග ගන්-කොථන් නම් තවත් පුපුරණ ද්‍රව්‍යයත් මිශ්‍රකර ඊට වඩා ප්‍රබල පුපුරණ ද්‍රව්‍යයක් නිමවිය. ජෙලිග්හයිට් ලෙස 1876 දී බලපත්‍ර ගත කල මෙය තවදුරටත් පොටෑසියම් නයි‍ෙට්‍රට් හා අනිකුත් ද්‍රව්‍යය එකතු කිරීමෙන් වර්ධනය කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=ජීවන_කථා&oldid=471726" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි