පිරමිඩ් ව්‍යාපාර
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "පිරමිඩ් ව්‍යාපාර" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2025 අප්‍රේල්) |
ජාල අළෙවිකරණය හෙවත් පිරමිඩ් ව්‍යාපාර යනු නිෂ්පාදන හෝ සේවා විකිණීම සඳහා විවාදාත්මක හා සමහර විට නීතිවිරෝධී වෙළඳපොළ උපායමාර්ගයකි. මෙහිදී MLM සමාගමේ ආදායම ලැබෙන්නේ සමාගමේ නිෂ්පාදන හෝ සේවා විකිණීම සඳහා වැටුප් නොලබන කම්කරු බලකායකගෙනි. එහෙත් සහභාගිවන්නන්ගේ ඉපැයීම් ලැබෙන්නේ පිරමිඩ හැඩතලයක් ඇති හෝ ද්විමය ප්රතිලාභ කොමිස්සම් පද්ධතියක් තුළිනි.
මෙහිදි පාරිභෝගිකයා එකම අවස්ථාවේදී පාරිභෝගික මෙන්ම වෙළෙදෙකු විම මෙම ක්‍රමයේ සුවිශේෂ දෙයකි. අනෙකුත් අළෙවිකරණයන්හි මෙම අවස්ථාව සිදු නොවන අතර, මෙම ජාල අළෙවිකරණයේදි පමණක් මෙය සිදුවේ.
මිල දී ගන්න භාණ්ඩය හෝ සේවාව සමග මෙම සංවිධානයන් සමඟ සම්බන්ධවිය හැකි අතර මෙය පාරිභෝගිකයන් මූලික කරගත් සහ භාණ්ඩ මූලීක ව්‍යාපර දැකිය හැක. මෙහිදී පාරිභෝගිකයන් මූලික කරගත් ව්‍යාපාර ආරම්භ කිරීම ඉතා වාසි සහගත වේ.
ජාලීය අලෙවි කරන ව්‍යාපාර සංවිධානයක් තෝරාගැනීමේදී අවම වශයෙන් වසර පහකට වඩා පවතින හොද ව්‍යාපාර සැලැස්මක් සහිත සංවිධානයක් තෝරාගත යුතුය.
එහිදී තත්වයෙන් උසස් නිශ්පාදන හා නිශ්පාදන පාරීභෝගිකයාගේ අභිමතය පරිදි තෝරා ගැනීමේ හැකියාව තිබිය යුතුය.එමෙන්ම එම නිශ්පාදන සදහා ද්විතීය වෙලද පොලක් පැවතිය යුතුය.එනම් එම නිශ්පාදන මිල දී ගන්නා පාරීභෝගිකයාට අවශ්‍යනම් අතිරික්තය නැවත සාමාන්‍ය වෙලද පොලෙහි අලෙවි කිරීමේ හැකියාව තිබිය යුතුය.
භාවිතයේදී ක්ෂය වන නිශ්පාදන සහිත ජාලීය අලෙවිකරණ ආයතනයක් සමග සම්බන්ධ වීමේන් සෑම කාලයකටම වරක් නැවත මිල දී ගැනීමක් පැරණි පාරිබෝගිකයන්ගෙන් සිදු වන බැවින් අලුත් පාරීභෝගිකයින් හදුන්වා දීමට අසීරු කලකදි උවත් ආයතනයේ පැවැත්ම මෙන්ම අලෙවිකරුවන්ගේ අදායම ස්ථාවරව පවතී.