Jump to content

පිරමිඩ් ව්‍යාපාර

විකිපීඩියා වෙතින්
(ජාල අළෙවිකරණය වෙතින් යළි-යොමු කරන ලදි)
එක් එක් සාමාජිකයෙක් විසින් නවතම පුද්ගලයන් සයදෙනෙක් බඳවා ගන්නා සම්භාව්‍ය පිරමිඩ ක්‍රමයක පවත්වාගෙන යා නොහැකි ඝාතීය ශ්‍රේණිය. ක්‍රමය පවත්වාගෙන යෑමට නම්, 12වන මට්ටමෙහි සිටින පුද්ගලයන් බිලියන 2.2 විසින් 13වන මට්ටම සඳහා තවත් පුද්ගලයන් බිලියන 13.1 ක් අළුතින් බඳවා ගත යුතු වුවද එය සාක්ෂාත් කර ගැනුමට ලෝකයෙහි එතරම් පුද්ගලයින් සංඛ්‍යාවක් නොමැත.


පිරමිඩ ක්‍රමයක් යනු, නිත්‍යානුකූල නිෂ්පාදිත අග්‍රස්ථ පාරිභෝගිකයාට විකිනීම වෙතින් මුදල් උපැයීම (හෝ ආයෝජනයන්හී එලයන් ලබාදීමෙන්) වෙනුවට, ප්‍රධාන වශයෙන් ප්‍රතිලාභ (හෝ සේවාවන්) ලබාදීමෙහි පොරොන්දුව මත නව සාමාජිකයන් බඳවාගැනීමෙන් මුදල් උපයන ව්‍යාපාර ආකෘතියකි. [1] [2]

ජාල අළෙවිකරණය හෙවත් පිරමිඩ් ව්‍යාපාර යනු නිෂ්පාදන හෝ සේවා විකිණීම සඳහා විවාදාත්මක හා සමහර විට නීතිවිරෝධී වෙළඳපොළ උපායමාර්ගයකි. මෙහිදී MLM සමාගමේ ආදායම ලැබෙන්නේ සමාගමේ නිෂ්පාදන හෝ සේවා විකිණීම සඳහා වැටුප් නොලබන කම්කරු බලකායකගෙනි. එහෙත් සහභාගිවන්නන්ගේ ඉපැයීම් ලැබෙන්නේ පිරමිඩ හැඩතලයක් ඇති හෝ ද්විමය ප්රතිලාභ කොමිස්සම් පද්ධතියක් තුළිනි.

මෙහිදි පාරිභෝගිකයා එකම අවස්ථාවේදී පාරිභෝගික මෙන්ම වෙළෙදෙකු විම මෙම ක්‍රමයේ සුවිශේෂ දෙයකි. අනෙකුත් අළෙවිකරණයන්හි මෙම අවස්ථාව සිදු නොවන අතර, මෙම ජාල අළෙවිකරණයේදි පමණක් මෙය සිදුවේ.

මිල දී ගන්න භාණ්ඩය හෝ සේවාව සමග මෙම සංවිධානයන් සමඟ සම්බන්ධවිය හැකි අතර මෙය පාරිභෝගිකයන් මූලික කරගත් සහ භාණ්ඩ මූලීක ව්‍යාපර දැකිය හැක. මෙහිදී පාරිභෝගිකයන් මූලික කරගත් ව්‍යාපාර ආරම්භ කිරීම ඉතා වාසි සහගත වේ.

ජාලීය අලෙවි කරන ව්‍යාපාර සංවිධානයක් තෝරාගැනීමේදී අවම වශයෙන් වසර පහකට වඩා පවතින හොද ව්‍යාපාර සැලැස්මක් සහිත සංවිධානයක් තෝරාගත යුතුය.

එහිදී තත්වයෙන් උසස් නිශ්පාදන හා නිශ්පාදන පාරීභෝගිකයාගේ අභිමතය පරිදි තෝරා ගැනීමේ හැකියාව තිබිය යුතුය.එමෙන්ම එම නිශ්පාදන සදහා ද්විතීය වෙලද පොලක් පැවතිය යුතුය.එනම් එම නිශ්පාදන මිල දී ගන්නා පාරීභෝගිකයාට අවශ්‍යනම් අතිරික්තය නැවත සාමාන්‍ය වෙලද පොලෙහි අලෙවි කිරීමේ හැකියාව තිබිය යුතුය.

භාවිතයේදී ක්ෂය වන නිශ්පාදන සහිත ජාලීය අලෙවිකරණ ආයතනයක් සමග සම්බන්ධ වීමේන් සෑම කාලයකටම වරක් නැවත මිල දී ගැනීමක් පැරණි පාරිබෝගිකයන්ගෙන් සිදු වන බැවින් අලුත් පාරීභෝගිකයින් හදුන්වා දීමට අසීරු කලකදි උවත් ආයතනයේ පැවැත්ම මෙන්ම අලෙවිකරුවන්ගේ අදායම ස්ථාවරව පවතී.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ pyramid scheme at the Encyclopædia Britannica
  2. ^ Website admin. (2024). "මල්ටි-ලෙවල් මාර්කටිං වර්සස් පිරමිඩ් ස්කීම්ස්". Consumer Protection. consumer.sd.gov. Office of the Attorney General of South Dakota. සම්ප්‍රවේශය පෙබරවාරි 18, 2024. පිරමිඩ ක්‍රමයක සහ නීත්‍යානුකූල බහුතල අලෙවිකරණ ක්‍රමයක් අතර වෙනස වන්නේ පිරමිඩ ක්‍රමයක සැබෑ නිෂ්පාදිතයක් විකුණනු නොලබන බැවිනි. සහභාගීවන්නන් විසින් මුදල් උපයාගැනීමට උත්සාහ ගනුයේ හුදෙක් ව්‍යාපාරය සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමෙනි. මෙම ක්‍රමයන්හී තථ්‍යාංකය වන්නේ ඔබගේ මුදල් ක්‍රමය වෙත ලබා දීමෙන් සහ අනෙක් සාමාජිකයන්ද එසේ කිරීමට පෙළඹවීමෙන් කිසිවක් නොකොට කෙටි කාලයකදී ඉතා ඉහළ ප්‍රතිලාභ ලබාදීමට පොරොන්දු වීමය.
"https://si.wikipedia.org/w/index.php?title=පිරමිඩ්_ව්‍යාපාර&oldid=755451" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි